Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Sunday, July 25, 2010

ගෙවන්නෙ මොකටද?”

Posted by ***Mara Puththra***

ප්‍රේමදාස රෙදි සාප්පුවකට ගොඩ වැදුණේ කලිසමක් මිලදී ගන්නා අදහසිනි. කලිසම් තොගයක්ම පෙරළා බලා තමාට ගැළපෙන කලිසමක් තෝරා ගෙන හැරී බලද්දී එහා පැත්තේ තිබුණු කමිස තොගයක් දැක කලිසම ආපසු දමා, ඉන් කමිසයක් තෝරා ගෙන සාප්පුවෙන් එළියට පැමිණියේය.
ඔහු පසුපස හඹා ආ ආරක්‍ෂක නිලධාරියෙක්, “මහත්තයා පොඩ්ඩක් ඉන්න. ඔහේ මේ කමිසෙට ගෙව්වෙ නැහැ නේද?” යයි ඇසුවේය.
”ඇයි මං කමිසෙට හරියන්න කලිසමක් දාලා ආවනෙ.” ප්‍රේමදාස කීය.
”ඒ වුණාට මහත්තයා ඒ කලිසමට ගෙව්වෙත් නැහැනෙ.”
ආරක්‍ෂක නිලධාරියා තවත් පැනයක් නැගීය.
”මට ඕනෙ නැති කලිසමකට මං ගෙවන්නෙ මොකටද හලෝ.”
යනුවෙන් කී ප්‍රේමදාස යන්නට හැරුණේය.

0 comments: