Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, December 5, 2011

"රෙන්න බරෝ ඕඕඕ"

Posted by ***Mara Puththra***

එක්තරා ගමක රෙන්න බරෝ යි රුන්නෝ යි කියල යාලුවෝ දෙන්නෙක් හිටිය.
මේ දෙන්න ජොබ් එක විදියට කරේ හොරකම් කරන එක තමයි .

එක දවසක් මුන් දෙන්න ගමේ පන්සලට රිංගල එකේ තිබුන බුදු පිළිමයක් අරගෙන පැන්න.
හැබැයි මුන්ගේ වෙලාවට මුන් දුවනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ දැක්ක.

හාමුදුරුවොත් ඇත ඇරියේ නෑ.

මුන් පස්සේ එලවන්න පටන් ගත්ත

එහෙම එනකොට ගඟක් තිබුන, රෙන්න බරයි රුන්නයි දෙන්න එතන තිබුන ඔරුවක්‌ අරන් ගඟේ පදින්න පටන් ගත්ත.

හාමුදුරුවොත් හනිකට ළඟ තිබුන ඔරුවක තොටියෙකුට කතා කරලා අරුන් දෙන්න පස්සේ පන්නන්න පටන ගත්ත

එහෙම යනගමන් මෙහෙම කෑ ගහනව.

"රෙන්න බරෝ ඕඕඕ"

තොටිය හිතුව හමුදුරුවොන්ට පොඩි හදිසියක් වෙලා වෙන්න ඇති කියල..

එහෙම හිතල

"පොඩ්ඩක් ඉවසල ඉන්න හාමුදුරුවනේ , මම ඉක්මනට එගොඩට ගෙනි යන්නම්" කිව්වා

හාමුදුරුවන්ට ඒක මීටර් උනේ නැ.

අයෙත් "රෙන්න බරෝ ඕඕඕ" කියල කැ ගහල රෙන්න බරාට කතා කරා .

උන් දෙන්න ඇහුනේ නෑ වගේ ගණක් වත් නැතුව යනවා.

තොටියට මර අවුල්..

"පොඩ්ඩක් ඉවසන් ඉන්න හාමුදුරුවනේ .. මම ඉක්මනට යන්නම් " කියල පන දාගෙන හබල් ගන්න ගත්ත.

හමුදුරුවෝ බැලුව රෙන්න බරා ගෙන ප්‍රතිචාරයක් නැ .

ඒක නිසා "රුන්නෝ" කියල කැ ගැහුවා .

ඒක ඇහුන විතරයි තොටියට මල පැන්න.

මල පැනල

"රුන්නනං වේ*ගේ පුතා හෝදගෙනත් වර" කියල හබලෙන් ගැහුවා.

එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.

ඔයාලත් 1ක ප්‍රශ්නෙකට හරි වෙන මොනව හරි උත්තර හිතුව නම් comment 1ක් දාන්න ඕන.

Wednesday, November 30, 2011

-Real pora- :P

Posted by ***Mara Puththra***

.: Dikkasada Naduwa :.

Posted by ***Mara Puththra***

සැබෑ ආදරේ

Posted by ***Mara Puththra***

ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්.... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්.... වියපත් ස්වාමිපුරුෂයා අමතා..

"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"

වියපත් තැනැත්තා - " අනේ එපා... "

තරුණයා - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "

වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ....

Saturday, November 19, 2011

►කොල්ලන් ගැන කරුණු 50ක්◄

Posted by ***Mara Puththra***

1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත

2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය.

3.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය.

4.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.

5."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.

6.දවස පුරා වෙනත් කෙල්ලෝ එක්ක ඉගි බිගි පෑවත් රෑ නිද ගන්න කලින් තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගැන කොල්ලෝ හිතනවා.

7.කොල්ලෝ තමන්ගේ අම්මාට ගොඩාක් ආදරෙයි

8.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැන කතා කරනවාට කොල්ලෝ කැමතිම නැත.

9.කෙල්ලත් එක්ක කියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් ඒවා කියා ගන්න කොල්ලොන්ට බෑ,නමුත් ඒවා කියා ගන්න ධෛර්ය ගන්න පුලුවන් පොඩි ෂොට් එකක් දා ගත්තම.

10.කොල්ලොන් ගේ හැගීම් ඇවිස්සෙන විදියේ කතා විහිලුවටවත් කියන්න එපා!!!

11.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ.

12.තමාව ප්‍රතික්‍ෂේප කල කෙල්ලව කෙසේ හෝ ලබා ගැනීමට කොල්ලෝ උත්සාහ කරයි එනම් කෙල්ලෙක් වෙතින් වන පරාජය පිලි ගැනීමට කොල්ලෙක් කැමති නැත.

13.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත.

14.අනෙක් කෙල්ලන් සමග ඉගි බිගි පෑමේදී ඉතා මුඛරි වන මුත් තමා සැබෑවටම කැමති කෙල්ල සමග කතා කිරීමේදී කොල්ලෝ ගොත ගසයි.

15.කොල්ලෙකුගෙ න් කෙල්ලෙක් උදව්වක් ඉල්ලීමේදී "ම්ම්ම්....." ලෙස පවසන්නේ නම් හෝ වෙන්ත් නිදහසට කරුනක් කියන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔහු ඇයට අකමැති බවයි.

16.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි.

17.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්‍ය කුමක්දැයි හරියටම කීම අවශ්‍ය වේ

18.කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි

19.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක

20.ප්‍රවේශම් වන්න..කෙල්ලන්ට වඩා සිය දහස් ගුණයක් වේගයෙන් ආරංචි පැතිරවීමේ හැකියාව කොල්ලන් සතුය

21.කොල්ලන් ගේ දුර්වල ස්ථානය කෙල්ලන්‍ ය

22.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය

23.කොල්ලෙක්ව විශ්වාස කිරීමට පෙර ඔහුව පරීක්ශා කිරීම සුදුසු නමුත් වැඩි කාලයක් ඔහුව ප්‍රමාද කිරීම නොකල යුතුයි.

24.සැබෑ ලෙසම ආදරය කරන විට කිසිම කොල්ලෙක් නරක නොවේ.

25.තමන් කැමති කෙල්ල ලස්සන නොවූවත් කොල්ලන් ඇයව වර්ණනා කරයි.

26.කොල්ලෙක් ඔහුගේ ප්‍රශ්ණ ගැන කෙල්ලෙක් සමග කියනවා නම් ඔහුට අවශ්‍ය ඔහුගේ ප්‍රශ්ණ වලට නිහඩව සවන් දීම මිස උපදෙස් නොවේ.

27.කොට ඇදුම් අදින කෙල්ලන්ට වඩා නුවනැති කෙල්ලන්ට කොල්ලන් කැමතිය.

28.කෙල්ලන් පවසන රහස් රැකීමට කොල්ලන්ට නොහැකිය.

29.කොල්ලන් ගොඩක් ගැඹුරට සිතයි.

30.කෙල්ලෙකුගේ උස කොල්ලෙකුට ප්‍රශ්ණයක් නොවන නමුත් ඇයගේ බර ඔහුට ලොකු ප්‍රශ්ණයක වේ.

31.තම මිතුරන් සමග සිටින විට කොටියෙක් වැනි නමුත් තම පෙම්වතිය සමග සිටින විට බොහෝ කොල්ලන් පූස් පැටියන් මෙනි.

32.කොල්ලන්ට අවසන් තීරණ නොමැත.

33.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න.

34.කෙල්ලෙක් තමන්ට කැමති බව දැන ගත්තත් එය ඇය ඔහුට කියන තෙක් ඔහු එය විශ්වාස නොකරයි.

35.කොල්ලන් පරිඝණක ක්‍රීඩා සහ ක්‍රිකට් තරග වලට කාලය වැය කරන්නේ කෙල්ලන් ආදරණීය නවකතා කියවීමට සහ රූපලාවන්‍ය කටයුතු සදහා කාලය වැය කරනවා මෙනි.

36.ඉවුම් පිහුම් කටයුතු දන්න කෙල්ලන්ට කොල්ලන් කැමතිය.

37.ඔබට පිටතින් පෙනෙනවාට වඩා ප්‍රශ්ණ රාශියක් කොල්ලෙකුට ඇත.

38.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී.

39.මාතෘකාව කෙල්ලන් ගැන නම් කොල්ලන් කෙල්ලන්ට වඩා මුඛරිය.

40.ප්‍රශ්ණයක් පැමිනි කල කොල්ලෙකු නිශ්ශබ්ද වන අතර ප්‍රශ්ණයට විසදුමක් නිහඩව කල්පනා කරයි.

41.කොල්ලෙක් පලමු වර කෙල්ලෙකුට වංචා කර සසු වූ විට තව වාරයක් ඉල්ලයි නම් එය ලබා දෙන්න ඔහු දෙවන වරටත් වංචා කල හසු වූ විට තවත් වාරයක් ඉල්ලයි නම් ඔහුව අත් හරින්න.

42.කොල්ලන් ඉගෙන ගන්නේ සැබෑ අත්දැකීම් වලිනි...කෙල්ලන් මෙන් තමා නරඹන ආදරණීය චිත්‍රපටි සහ කියවන ආදරණීය නවකතා තම අත්දැකීම් වල මූලය කර ගන්නේ නැත.

43.කෙල්ලෙකු ඉදිරියේ කොල්ලෙකු අඩනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු සත්‍ය වශයෙන්ම දුකෙන් සහ සිත් වේදනාවෙන් සිටින බවයි.

44.කොල්ලෙක් ආදර සම්බන්ධයක් පවත්වන්නේ සැබෑවටම නම් කෙල්ලට වඩා කොල්ලා කෙල්ලට ආදරය කරයි.

45.කොල්ලන් එකතු වූ විට වැඩියෙන්ම කතා කරන මාතෘකා නම් පරිඝණක,ක්‍රීඩා,දේශපාලනය සහ කෙල්ලන්.

46.පිටතට කදුලු නොගැලුවත් කොල්ලන් හදවතින් කෙල්ලන් තරමටම හඩයි.

47.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි.

48.කෙල්ල තමාව අගය කරනවාට කොල්ලන් බෙහෙවින් කැමති වේ.

49.කොල්ලන් වැනි කෙල්ලන්ට කොල්ලන් කැමතිම නැත.

50.තමන් කෙල්ලට දුන් තෑග්ගක් කෙල්ල අගය කරනවා දැකීමට කොල්ලන් බෙහෙවින් කැමති වේ.

අමරවීර - Immortal Hero

දසනායක - Leader Of Ten

කුමාරසිංහ - Lion Prince

රාජපක්ෂ - King's Loyals

වික්‍රමසිංහ - Adventurous Lion

අමරසිංහ - Immortal Lion
වීරවංශ - Heroic lineage
පුෂ්පකුමාර - Prince of Flowers

වික්‍රමනායක - Adventurous Leader

Saturday, November 12, 2011

සතියේ ලග්න පලාප

Posted by ***Mara Puththra***

මේෂ
මේ සතියේ ඔබට හොඳයි. හොඳ නැත්නම් නරකයි. රැකියාවල යෙදී සිටින අයට ගෙදර දොර කටයුතුවලින් ඈත් වීමට සිදුවෙයි. එහෙත් වැටුප් ලැබේ. ලොක්කන්ට පන්දම් අල්ලන අයට උසස්වීම් ලැබෙනු ඇත. සති අන්තයේදී සුමානය අවසන් වේ. මේස රාසිය වටා පුටු රාසිය කැරකෙ.

වෘෂභ
මෙතෙක් මංගල යෝජනා නොලත් අයට සතියේ අග පුවත් පත් මගින් ඒවා බලාගත හැක. මාසයකට හත් අට පොළකට මාරුවීම් ලත් ගුරුවරුන්ට මේ සතිය අවසන්වනතෙක් සිටින තැනම ස්ථිර වශයෙන් සිටිය හැක. ඉඩ කඩම් සම්බන්ධව පවතී ආරවුලක් මිනී මරුමකින් පසු සමතයකට පත්වේ. වැස්සොත් ඉඩෝරය නැතිවේ.

මිථුන
දුර ගමන් බිමන් වල යෙදීමෙන් ගමන වෙහෙස දැනෙන සතියකි. ගර්බනී මවුවරුන්ට බඩේ අමාරුකම් ද ස්වාමි පුරුෂයන්ට මුදල් අමාරුකම්ද ඇතිවීමට ඉඩ තිබේ. අසනීප ඇති අයට වේදනාවක් දැනෙන අතර බෙහෙත් ගැනීමෙන් එය බොහෝ දුරට මගහරවා ගැන්මට උත්සහ කල යුතුය. මේ සතියේ විභාග වලට පෙනී සිටින අයට කවදා හෝ ප්‍රතිපල ලැබෙනු ඇත.

කටක
මේ සතිය ඔබට බොහොම අපලදායකය. හදිසි මරණ, රිය අනතුරු, හොර මැරකම්, වාද විවාද හා මිනී මැරුම් සම්බන්ද ව පුවත්පත් මගින් දැනගැනීමට ලැබෙන අතර අනුන්ගේ බලපෑම මත දැන් පෙන්වන සිංහල චිත්‍රපටයක් බැලීමට සති අන්තයේදී මග පෑදෙනු ඇත. ආදායම් පක්ෂයෙන් සැනසීම ලැබෙන අතර ස්ත්‍රී පක්ෂයෙන් ගැරහීම් ලැබේ.

සිංහ.
සමාජ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන මෙම සතියේ හොර සම්මාදම් කාරයින්ට ශුභයි.ගුරු සේවයේ යෙදෙන අයට සුමානය කෙලවර දින දෙකක් විවේකය ලැබෙනු ඇත. අඹු සැමියන් අතර සම්බන්දකම් ඇතිවේ. හදිසි අනතුරුවලට ඉඩ ඇති මෙම සතියේ මංමාවත් නැති ප්‍රදේශ වල රථ වාහනවලින් ගමන බිමන් යාම ප්‍රවේශමෙන් කල යුතුව ඇත.

කන්‍යා.
අමුතු ප්‍රභෝදයකින් යුතුව නින්ද යන මෙම සතියේදී ඔබට ඉතා රසවත් හීන පෙනෙනු ඇත. හිතවත් අයකුගේ මැදිහත් වීමෙන් මුදල් අමාරුකම් උග්‍ර වේ. ගෙදරින් ඈත් වීමට හේතු ඇති වන අතර භාර්යාවන්ට ශුභයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට ඉගෙනගැනීමට අවස්ථාව සැලසේ. වෙළඳ ව්‍යාපාර සාර්ථක ලෙස කරගතහොත් ලාභ ලැබීමට ඉඩ ඇත.

තුලා.
ගෙදර දොර කටයුතු මෙහෙකාරියගෙන් සිදුවන අතර මෙතෙක් කල භාර්යාවගේ තිබුණු බර හිතවත් තරුණ මිත්‍රයකුගේ මැදිහත් වීමෙන් කෙලවර වනු ඇත. ආරෝග්‍යශාලා වල නතරවී සිටින අයට ශරීර සෞක්යට හොඳ මදිය. නඩු හබ වලට මැදිහත් වුවහොත් මුදල් වියදම් වේ. ශාස්ත්‍රීය කටයුතු වල යෙදී සිටින අයට එසේ සිටිය හැක.

වෘශ්චික.
උසස් අයගේ ආශ්‍රයෙන් පහත් අදහස් ඇතිවන මෙම සතියේ වියදම් නොකලොත් මුදල් ඉතිරි වනු ඇත. මොලය හැ හර්දය වස්තුව ඇති අයට ශරීර සෞඛයේ වෙනසක් දැනෙනු ඇත. අඹු සැමි ආරවුල් නිසා අසල්වසියන්ටශුභයි. බස්වල එකිනෙකට මුහුණලා ඇති ආසනවල වාදිවීමෙදී විලංගු ගවුම් ඇඳගත් අය වඩාත් කල්පනාකාරී විය යුතුය.

ධනු.
මනුෂ්‍යන්ට වාසි ලැබෙන අතර අශ්වයන්ට උන හිටි තැන් අහිමි වේ. උසස් අධ්‍යාපනය ලබන අයට විශ්ව විද්‍යාලයේ සිට අශ්ව ඉස්තාලය දක්වා උසස්වීම් ලැබෙනු ඇත. නිවස තදබදය වැඩිවීමෙන් කොළඹ සහ පේරාදෙණිය අසල සිටින ගෙවල් හිමියන්ට ගජ වාසි ලැබේ. කාන්තාවන්ට විරුද්ධ පක්ෂයේ සැලකිල්ල ලැබේ.

මකර.
කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්දයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන බිමන්වලින් සහ මනුෂ්‍ය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත.අයථා මිත්‍ර සම්බන්දකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පාදෙන පරිදි දරුපල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට යම්කිසි අදහසක් පහළවීමට ඉඩ තිබේ.

කුම්භ.
රථවාහන පැදවීමේ යෙදී සිටින අයට ගමන බිමන් වැඩි වේ. මුදල් පොලියට දී තිබුණු අයට අමතර ආදායමක් ලැබෙනු ඇත. ආගමික කටයුතු වල යෙදෙන අයට පින් ලැබේ.හොර මැරකම් සහ අල්ලස් දූෂණ නිසා එතරම් අමුතු දෙයක් සිදු නොවනු ඇත. කුලී නොගෙවා සිටින අයට ස්ථාන මාරු වීම්වලට මුහුණ පෑමට සිදු වෙතත්, ගෙහිමියා ඉඩ දෙතොත් තව ඉදිරියටත් එසේම සිටිය හැක.

මීන.
නෑයින් අතර කවර අයකුට හෝ අසනීපයක්‌ ඇතිවීමට පුළුවන. තනිකදයින්ට භාර්යාවගේ නෑයන්ගෙන් කරදර ඇති නොවේ. කඳුකරයට වැස්සොත් කැළණි ගඟේ වතුර මට්ටම ඉහල යතත්, උතුරු මැද පලාතට ගංවතුර බියක් ඇති නොවේ. සෑම අතින්ම සාර්ථක මෙම සතිය දවස් හතකින් සම්පූර්ණ වේ.

Tuesday, November 8, 2011

Tikiri Mole

Posted by ***Mara Puththra***

නියම තාත්තා..

Posted by ***Mara Puththra***

එක මිනිහෙක් එයගේ බිරිඳගේ දික්කසාද වෙලා තනියම ඉන්නේ.ඒ වුනාට මෙයට බිරිඳට හැම මාසෙකම රුපියල් 5000ක් දෙන්න ඕනී.මොකද එයාට පුතෙක් ඉන්නවා.එයා ඉන්නේ බිරිඳ ලඟ.මේ මසේ අන්තිමට පුතාට වයස 18යි.ඒක නිසා මිනිහට තියෙන්නේ අන්තිම දීමනාව මේ මාසේ අන්තිමට දෙන්න.පුතා ආවා සල්ලි අරන් යන්න.මෙයා පුතාට කීවා "පුතේ මේ මම උඹලාගේ අම්මට දෙන අන්තිම දීමනාව.උඹට හෙට ඉඳන් 18 ක් නිසා මට ආපහු ගෙවන්න ඕනී නෑ.උඹ මේක අම්මට කියලා, අම්මගේ මූන වෙනස් වෙන හැටි විගහට ඇවිල්ලා මට කියපන්"
පුතා ටික වේලාවකින් ආපහු ඇවිල්ලා කියනවා " තාත්තේ අම්මා මට ලොකු රහසක් කීවා දැන්"
තාත්තා අහනවා මොකක්ද කියලා.පුතා පිළිතුරු දෙනවා " මගේ නියම තාත්ත ඔයා නෙවෙයිලු"