Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, August 23, 2012

ඒකෙ යන්නෙ කොහොමද?

Posted by ***Mara Puththra***

ජයසේකර තම මිතුරු පි‍්‍රයන්ත සමඟ බාර් එකට ගොඩ වූයේ රැකියාව අවසන් වී ගෙදර යන ගමන්ය. ඔවුන් බඹර පදමට මී විතෙන් සප්පායම් වී බාර් එකෙන් ආපසු එළියට බසින විට මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබුණි.

’ඒයි ජයසේකර, අන්තිම බස් එක ගිහිල්ලා. අතේ සල්ලිත් මදි ටැක්සියකවත් යන්ඩ. දැන් කොහොමද බං ගෙදර යන්නෙ.’ පි‍්‍රයන්ත ඇසුවේ අසීරුවෙන් ඔරලෝසුව දෙස බලමිනි.

’සිම්පල්’... උඹ බය වෙන්ඩ එපා කිසි දේකට. උඹට ප
ේනවද අර කරුවලේ නවත්තලා තියෙන බස් එක. අපි ඒක හොරකං කරගෙන ගෙදර යමු.’ ජයසේකර කීවේ දෙපසට වැනෙමිනි.

බසය අසලට ළඟාවූ පි‍්‍රයන්ත සාක්කුවේ තිබුණු කුඩා විදුලි පන්දම එහි නාම පුවරුව දෙසට අමාරුවෙන් දිගු කොට එය කියවීය.

’වැඩක් නෑ මචං. ඒක හරියන්නෙ නෑ. ඒක මොරටු යන බස් එකක්.’ පි‍්‍රයන්ත කීවේ බලාපොරොත්තු කඩවූ ස්වරයකිනි.

’ඉතින් ඒකට මොකෝ?’ ජයසේකර වැනි වැනී ඇසීය.

’ඇයි යකෝ... අපි දෙන්නම යන්ඩ ඕනෙ හංවැල්ලටනෙ. එහෙම නැතුව මොරටුවටයැ.’ පි‍්‍රයන්ත ඇසීය.

Reply With Quote

වැඩක් තියෙනවයැ!

Posted by ***Mara Puththra***

පුවත්පත් අලෙවි නියෝජිතයකු වූ විජිත තම ව්‍යාපාරය පිළිබඳ මිස අන් කිසිදු විෂයයක් පිළිබඳ උනන්දුවක් නොමැති, පුවත්පතක් නොකියවන, රූපවාහිනිය නොබලන අමුතුම තාලයේ පුද්ගලයෙකි. ඔහු දිනක් තම මෝටර් රථයෙන් තම සේවකයකු ද සමඟ නගරයට යද්දී නගර මධ්‍යයේ මහා ධාවන තරගයක් පැවතීම නිසා ටික වේලාවක් අතරමග සිරවී සිටීමට සිදුවිය. ධාවන තරගයට එක්වී සිටි තරගකරුවන් දෙස විශ්මයෙන් බැලු විජිත තම සේවකයා ගෙන් මෙසේ ඇසීය.

‘ඈ බං ගුණපාල! මේ මිනිස්සු ඔක්කොම මොකද මේ දුවන්නෙ?’

‘මේක මේ රේස් එකක් නෙ සර්. කප් එක හම්බ වෙන්නෙ පළවැනියාට ආපු එක්කෙනාටයි.’ තම හාම්පුතාගේ තරම දන්නා ගුණපාල ධාවන තරගය පිළිබඳ විස්තර කරමින් කීවේය.

‘මොනවා...! ඉතින් බං දිනන එකාට විතරක් නං කප් එක හම්බ වෙන්නෙ, ඇයි මේ අනික් එවුන් දුවන්නෙ?’ විජිත ඇසුවේ විශ්මයෙනි.

ඌ බූරුවෙක් හින්දා

Posted by ***Mara Puththra***

තම මීසමේ පිහිටි තැබෑරුම නිතර ගම් වැසියන්ගෙන් පිරී ඇති බැව් ඒ අසලින් යනෙන අවස්ථා වලදී නිරීක්‍ෂණය කළ පූජක තුමා එම ප්‍රදේශයේ වාසීන් පල්ලියට කැඳවා ඔවුනට රහමෙර පානයේ ආදීනව පැහැදිලි කරන්නට පටන් ගත්තේ ඔවුන් ඉන් මුදා ගැනීමේ අදිටනිනි.

’හොඳයි අපි මෙහෙම හිතමු. අරක්කු භාජනයකුයි, වතුර භාජනයකුයි අපි බූරුවෙක් ළඟට කිට්ටු කරනවා. ඔව් කියමු බලන්ඩ ඌ බොන්නෙ අරක්කු ද, එහෙම නැත්නම් වතුර ද?’

’වතුර.’ සභාවේ සිටි කීප දෙනෙකු ම පිළිතුරු දෙනවා ඇසුණි.

’හරියට ම හරි! හොඳයි ඇයි ඌ වතුර භාජනය තෝරා ගත්තෙ?’ පූජකතුමා ජයග්‍රාහී සිනාවක් දෙතොලට නඟා ගනිමින් සභාවෙන් ඇසීය.

’ඌ බූරුවෙක් හින්දා.’ සභාවේ සිටියෙක් කීවේය.

ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක ග...ම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.

මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා


“චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇ*යට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් ඇටය ඇඳට තබා ගැට ගසා ඇත”

මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් 2000 කොල පිරී තිබුනේය.

"යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.


"ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."


"හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."


"මෙහෙමයි මහත්තයා, අපේ තියෙනවා බෙට් එකක්, ඒකට තරඟ තුනක් තියෙනවා, ඒ තරඟ තුනම ජය ගත්තොත්, අපි ඕනම කෙනෙක්ට, ඒ තියෙන සල්ලියි, අළුත්ම කාරෙකකුත්, දෙනවා ගෙදර යන්න."


"හරි මොකක්ද ඔට්ටුව.....?"


"එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. 2000 දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" "ආ මෙන්න 2000... දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් 2000 අරගෙන බුලියට දැම්මා.


"පළවෙනි එක තමයි, ගල් බෝතලයක් නීට්ම, කටේ තියාගෙන, විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න, කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"


"දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්, ඌගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."



"එතකොට තුන තමයි...., ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 80 ක තාමත් කෙල්ල මොකෝ එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්‍යාබාවය නැති කරලා, එයාව සතුටු කරන්න ඕන".

"හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... ? අරක්කු බෝතලයක් බොන්න,,, ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී 100 ක්..."


"ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් බෙට් එකනේ"


පැයක් විතර යන කොට මහත්තය 100 ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්, පොර කවුන්ටරේට ආවා.


"හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ," බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ, කඳුළු පෙරාගෙන බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්, වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර 58 යි. ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට, ගොනෙකුගේ විලාප හඬත්, මිනිසෙකුගේ කෑ ගැහිල්ලත්, මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට ඇහුනා. විනාඩි 10 කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්, එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම, අදත් සිඳුවූ බව වටහාගත් අනෙක් කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....


එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා, ඇඳුම් ඉරාගෙන, ගොම ගාගෙන, ලේ පෙරාගෙන, තුවාලත් එක්ක, කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී


ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............

අර්........ර.... දත ගල.........වන්.......න ඕ
ගෑනී......
ඉන්නේ කොහේ........ද.......... කී........ලා.........

අති විශේෂ (ගල්) - ට්යුබ් ලයිට් නම්, හෙමීට ආයෙත් කියවන්න...

Friday, August 10, 2012

Baluve Nattam Vadak naaa..

Posted by ***Mara Puththra***


Monday, July 30, 2012

ඇම්ඩගේ_සොසේජස්

Posted by ***Mara Puththra***

ඔන්න අපේ ඇම්ඩන් ඉන්නවනේ … මිනිහගේ තාත්තා වැඩ කරන්නේ සොසේජස් හදන පොට් එකක.. හැබැයි ඉතින් කවදාවත් මිනිහ ඇම්ධව එතනට එක්කගෙන ගියේ නැහැ… අනික ඉතින් මුව තැනකට ගෙනියන්න පුලුවන්ද?

ඔන්න දවසක් ගෙදර කව්රුත් නැහැලු.. එදානම් තාත්තට මුව වැඩ කරන තැනට ගෙනියන්න උනාලු(තාත්තා එතන ලොක්කෙක්)… හැබැයි ඉතින් රටේ තියන ඔක්කොම නීති ටික දල තමයි මුව අරගෙන ගියේ…හැබැයි අපේ බුවාට මාර ආතල් උ එහාට දුවනවා මෙහාට දුවනවා මාර ආතල් ආතල් එකේ උපරිම…

ඔන්න ඉතින් මු ගියාලු සොසේජස් හදන එක මැසින් එකක් ගාවට… මේක ලංකාවේ පලවෙනි වතාවට තියන එකක් වෙන කොහෙවත් නැහැලු… ඉතින් එතනට ඇම්ඩන්ගේ තාත්තයි තව එයාගේ යාලුවෝ සෙට් එකයි ඇවිත් මුට මේක වැඩ කරන හැටි කියල දෙනවලු… මේකේ එක පැත්තකින් පණ පිටින් ඌරා දැම්මාම අනිත් පැත්තෙන් සොසේජස් එනවලු… ඇම්ඩන්ට මාර අතල්ලු මේක දැකල… මු ඌරො ගොඩක් දැම්මලු මේකට.. තාත්තාගෙන් ගොඩක් ප්‍රසන අහනවලු… මෙහෙම ඉදල මු එක පාර ආහනවලු

” තාත්තේ දැන් මේකේ මේ පැත්තෙන් ඌර දැම්මාම අර පැත්තෙන් සොසේජස් එනවනේ, ඒවගේ ඒ පැත්තෙන් සොසේජස් දැම්මාම මේ පැත්තෙන් ඌර එන්නේ නැද්ද ?”
තාත්තට මාර මළලු ඇයි දෙයියනේ මු ඔක්කොම ඉන්න තැන්නේ මේක ඇහුවේ

තාත්තා කියනවලු ” මේකේ එහෙම බැහැ හැබැයි එහෙම එකක් තිබ්බ ”

ඇම්ඩන් ” මාරයිනේ තාත්තේ කොහෙද එක තිබ්බේ ?”

තාත්තා “එකෙන් තමයි උබ වගේ ඌරෙක් ආවේ කියල”

ජොනී කියන්නේ අවුරුදු 7ක 8ක පොඩි කොලු ගැටයෙක්. දවසක් මෙයා ගෙදර ලග පිට්ටනියට වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට දැක්කා මෙයාගේ තාත්තා අල්ලපු ගෙදර ජෙනී නැන්දාවත් දාගෙන කාර් එකේ ලග තියන කැලේ ඇතුලට යනවා. තාත්තට ජෙනී නැන්දා එක්ක කැලේ ඇතුලේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලන්න හිතපු ජොනී හිමීට හිමීට කැලේ පැත්තට ගියා.

ගිහින් එබිලා බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා,තව ටික වෙලාවක් යනකොට ඇදුම් එහෙම අයින් කරල වෙන වැඩකට ලෑස්ති වෙන බව තේරුන නිසා කොල්ලා කෑ ගහගෙන ගෙදර. දුවගෙන ගියා කේලම කියන්න

"අම්මේ අම්මේ... තාත්තයි ජෙනී නැන් දයි කාර් එකේ කැලේ ඇතුලට ගිහින්..."

අම්මා මෙහෙම කිව්වා
"පුතා කෑ ගහන්න එපා...හෙමීට කියන්නකෝ මොකද උනේ කියලා"

කොල්ලා ආපහු පටන් ගත්තා
"මම පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට පස්සෙන් ගිහින් බැලුවා...
බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා...
ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...ඊට පස්සේ..."

මේ වෙලාවේ අම්මා ජොනීව නැවැත්තුවා
"පුතා නියම කතාවක්...ඔයා ඔය කතාවේ ඉතිරි ටික රෑ කෑම මේසෙදී තාත්තාත් ඉන්න තැනදිම කියන්න... ඔය කතාව කියනකොට තාත්තාගේ මූණ බලා ගන්න මට ආසයි."

දැන් ඔන්න රෑ කෑම මේසේ අම්මයි තාත්තයි පුතයි වාඩි වෙලා ඉන්නවා...
තාත්තා කිසිම දෙයක් වුනේ නැති ගානට ඉන්නවා... අම්මා කිසිම දෙයක් දන්නේ නැති ගානට ඉන්නවා. ටික වෙලාවකින් අම්මා ජොනීට කිව්වා කතාව කියන්න කියලා
ඉතින් කොල්ලා ආයෙත් කතාව කියනවා,

"මම අද හවස පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට හොරෙන් පස්සෙන් ගිහින් බැලුවා...
බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා...
ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...
ඊට පස්සේ තාත්තයි ජෙනී නැන්දයි ඉස්සර තාත්තා ගෙදර නැති දවස් වල මයිකල් අංකලුයි අම්මයි කරන දේ කලා"

කවුද ඇරියේ?

Posted by ***Mara Puththra***

හරි වැඩේනේ

Posted by ***Mara Puththra***