Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, August 23, 2012

ඒකෙ යන්නෙ කොහොමද?

Posted by ***Mara Puththra***

ජයසේකර තම මිතුරු පි‍්‍රයන්ත සමඟ බාර් එකට ගොඩ වූයේ රැකියාව අවසන් වී ගෙදර යන ගමන්ය. ඔවුන් බඹර පදමට මී විතෙන් සප්පායම් වී බාර් එකෙන් ආපසු එළියට බසින විට මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබුණි.

’ඒයි ජයසේකර, අන්තිම බස් එක ගිහිල්ලා. අතේ සල්ලිත් මදි ටැක්සියකවත් යන්ඩ. දැන් කොහොමද බං ගෙදර යන්නෙ.’ පි‍්‍රයන්ත ඇසුවේ අසීරුවෙන් ඔරලෝසුව දෙස බලමිනි.

’සිම්පල්’... උඹ බය වෙන්ඩ එපා කිසි දේකට. උඹට ප
ේනවද අර කරුවලේ නවත්තලා තියෙන බස් එක. අපි ඒක හොරකං කරගෙන ගෙදර යමු.’ ජයසේකර කීවේ දෙපසට වැනෙමිනි.

බසය අසලට ළඟාවූ පි‍්‍රයන්ත සාක්කුවේ තිබුණු කුඩා විදුලි පන්දම එහි නාම පුවරුව දෙසට අමාරුවෙන් දිගු කොට එය කියවීය.

’වැඩක් නෑ මචං. ඒක හරියන්නෙ නෑ. ඒක මොරටු යන බස් එකක්.’ පි‍්‍රයන්ත කීවේ බලාපොරොත්තු කඩවූ ස්වරයකිනි.

’ඉතින් ඒකට මොකෝ?’ ජයසේකර වැනි වැනී ඇසීය.

’ඇයි යකෝ... අපි දෙන්නම යන්ඩ ඕනෙ හංවැල්ලටනෙ. එහෙම නැතුව මොරටුවටයැ.’ පි‍්‍රයන්ත ඇසීය.

Reply With Quote

0 comments: