Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, August 23, 2012

වැඩක් තියෙනවයැ!

Posted by ***Mara Puththra***

පුවත්පත් අලෙවි නියෝජිතයකු වූ විජිත තම ව්‍යාපාරය පිළිබඳ මිස අන් කිසිදු විෂයයක් පිළිබඳ උනන්දුවක් නොමැති, පුවත්පතක් නොකියවන, රූපවාහිනිය නොබලන අමුතුම තාලයේ පුද්ගලයෙකි. ඔහු දිනක් තම මෝටර් රථයෙන් තම සේවකයකු ද සමඟ නගරයට යද්දී නගර මධ්‍යයේ මහා ධාවන තරගයක් පැවතීම නිසා ටික වේලාවක් අතරමග සිරවී සිටීමට සිදුවිය. ධාවන තරගයට එක්වී සිටි තරගකරුවන් දෙස විශ්මයෙන් බැලු විජිත තම සේවකයා ගෙන් මෙසේ ඇසීය.

‘ඈ බං ගුණපාල! මේ මිනිස්සු ඔක්කොම මොකද මේ දුවන්නෙ?’

‘මේක මේ රේස් එකක් නෙ සර්. කප් එක හම්බ වෙන්නෙ පළවැනියාට ආපු එක්කෙනාටයි.’ තම හාම්පුතාගේ තරම දන්නා ගුණපාල ධාවන තරගය පිළිබඳ විස්තර කරමින් කීවේය.

‘මොනවා...! ඉතින් බං දිනන එකාට විතරක් නං කප් එක හම්බ වෙන්නෙ, ඇයි මේ අනික් එවුන් දුවන්නෙ?’ විජිත ඇසුවේ විශ්මයෙනි.

0 comments: