Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, August 16, 2010

කෑවේ මොනවද?

Posted by ***Mara Puththra***

කලානාත් පරණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු අවසන් වරට චිත්‍රපටයක් හදලා තිබුණේ් අවුරුදු විස්සකට කලින්. ඒ කාලෙ මිහිරි අතීතය තලු මර මරා සිහිපත් කරලා සන්තෝස වෙන පුරුද්දක් ඔහුගේ තිබුණා.
දැන් හරිහමන් ආදායම් මාර්ගයකුත් නැති නිසා කලානාත් ආවේ ගියේ බස් එකෙන්.
දවසක්දා බස් රථයකදී ඔහුට ටෙලි නාට්‍ය ක්ෂෙෂ්ත්‍රයට අලුතින් සම්බන්‍ධ වුණු ප්‍රේමපාල අහම්බෙන් වගෙ මුණ ගැහුණා. සමාන්තර ක්ෂේත්‍රයක කෙනෙක් නිසා ප්‍රේමපාලට කලානාත් ගෙන් ලේසියෙන් බේරිලා යන්න ලැබුණේ නැහැ.
ඔහු තමන් චිත්‍රපට ලෝකයේ සිටි යුගය පිළිබඳව කෙළවරක් නැති විස්තර කියවන්නට පටන් ගත්තා.
’දැන් වගෙ නෙමෙයි මල්ලි. අපි පික්චර් ගහපු කාලේ. ඒ කාලෙ අපි හොඳට කෑවා අයිසෙ.’
කලානාත් ගෙ කන්දොස්කිරියාව නිසා නොරිස්සුමෙන් සිටිය ප්‍රේමපාල පෙරළා මෙහෙම ඇහැව්වා.
’සිනමාවද?’

0 comments: