Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, August 7, 2010

සතුට හා සමාදානය

Posted by ***Mara Puththra***

ඩග්ලස් සහ පියතිස්ස අමාත්‍යාංශය වෙත යමින් සිටියේ රාජකාරී කටයුත්තකටය.
”ඉතින් පියතිස්ස මහත්තයා කොහොමද ජීවිතේ කාරිය?” ඩග්ලස් ඇසීය.
”වරදක් නැහැ මිස්ටර් ඩග්ලස්. නෝනයි මායි සතුටෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඔය ඉඳලා හිටලා තරහක් ගියාම නෝනා අතට අහුවෙන මැටි කෝප්පෙකින්, වලදකින් දමලා ගහනවා.
ඒ වුණාට අපි සතුටෙන් තමයි ජීවත් වෙන්නේ.” පියතිස්ස කීවේය.
”දෙයියෝ සාක්කි! හැලිවලංවලින් ගහගෙනත් කොහොමද සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නෙ?” ඩග්ලස් ඇසුවේ ඔළුවේ අතගසා ගනිමිනි.
”මේකනෙ කාරණේ. එහෙම ගහන පාරක් මට වැදුණොත් නෝනා සතුටු වෙනවා. ඒ පාර මට වැදුණේ නැත්තං මම සතුටු වෙනවා.”
පියතිස්ස කීවේ සිනාසෙමිනි.

0 comments: