Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, August 16, 2010

අපිටත් එහෙමයි

Posted by ***Mara Puththra***

රංජිත්ලා ඔවුන් එතෙක් පදිංචිව සිටි කුලී නිවෙසින් ඉවත්ව නගරයේ නව නිවෙසකට යාමට තීරණය කළෝය. දිනක් රංජිත්ලා අල්ලපු ගෙදර සුනිමල්ලා හමුවීමට ගියේ ඔවුන්ට ඒ බව දන්වා සමු ගැනීමේ අදහසිනි.
’ලබන මාසෙ අලුත් ගෙදරට ගියාම අපිට හොඳ මිනිස්සු කට්ටියක් ආශ්‍රය කරන්න ලැබේවි.’ රංජිත්ගේ බිරිඳ සුනිමල් ගේ බිරිඳට කීවේ ඔලොක්කුවට මෙනි.
’ඇයි, අපිටත් හොඳ කට්ටියක් ආශ්‍රයට ලැබෙයි.’ සුනිමල් ගේ බිරිඳ වහා පිළිතුරු දුන්නාය.
’ඇයි ඔයගොල්ලොත් මෙහෙන් යනවද?’ රංජිත්ගේ බිරිඳ විමසීය.
’නෑ අපි මෙහෙම ඉන්නවා’ සුනිමල් ගේ බිරිය පිළිතුරු දුන්නාය.
Reply With Quote

0 comments: