Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, August 16, 2010

තව එකක් කමු ද?

Posted by ***Mara Puththra***

අවුරුද්ද පුරාම, මුළු දවස තිස්සෙම කඩ බක්කි මැද්දේ ජීවිතේ ගෙවන කරෝලිස් මුදලාලි තමන්ගෙ පවුලත් එක්ක වෙසක් බලන්න යන්න එකඟ වුණේ යුතු කමට.
හැන්දෑ යාමේ ගෙදරින් පිටත් වෙලා තොරණක් දෙකක් බැලූ මේ ජෝඩුව, රෑ නවයට විතර ගෝල්ෆේස් පිට්ටනියට කිට්ටු කළා.
පිට්ටනියේ තැන තැන නවතා තිබුණු අයිස්ක්‍රීම් වෑන් දෙස බැලූ කරෝලිස් මුදලාලි, හිනාවකුත් මුවේ රඳවාගෙන හාමිනේ දිහා බැලුවා.
‘හාමිනේ අපි තව අයිස්ක්‍රීම් එකක් කමු ද?’ මුදලාලි මෙහෙම ඇහැව්වාම හාමිනේ පුදුම වෙලා මුදලාලි ගෙන් මෙහෙම ප්‍රශ්න කළා.
‘තව අයිස්ක්‍රීම් එකක්...’ අපි මීට කලින් අයිස්ක්‍රීම් කැවයැ.’ ඈ අවඥාවෙන් කට ඇද කළා.
‘ඇයි හාමිනේට මතක නැද්ද? අපි ගිය අවුරුද්දෙ වෙසක් බලන්ඩ ආ වෙලාවෙත් අයිස්ක්‍රීම් කෑවෙ.’ මුදලාලි උත්තර දුන්නා.

Reply With Quote

0 comments: