Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, August 16, 2010

යන්නෙ කොහොම ද?

Posted by ***Mara Puththra***

එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්‍රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා. මොහොතකට කලින් දුමින්දට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා.
‘අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ. තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි. මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා. මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ. දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා.’
තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන දුමින්ද ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.
‘ඉතින් යන්ඩ කිව්වාම යනවා.’ ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා.
‘හරි මං යන්නං. ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද?’ දුමින්ද සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා.

0 comments: