Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, August 16, 2010

වැස්සේ නැත්නම් එනවා

Posted by ***Mara Puththra***

ඔහු තම සෙලියුලර් දුරකථනයෙන් තම පෙම්වතිය හා පෙම්බස් දොඩමින් සිටියේය.
ඔහු ආවේගශීලීව මෙන් තම පෙම්වතියට මෙසේ කියන්නට විය.
’කොයිතරම් බාධා ආවත් අපේ ප්‍රේමයට අවහිර කරන්න කාටවත් බැහැ රත්තරන්. සත්සමුදුර තරණය කරලා හරි මම ඔයා ළඟට එනවා. මාර සේනාව පරාජය කරලා හරි මම ඔයාව දිනා ගන්නවා. ඔයාව හොයාගෙන ලෝකෙ එහා කෙළවරට වුණත් මම පියාඹනවා.’
ඔහුගේ කතාවෙන් උද්දාමයට පත් පෙම්වතිය තොදොල් බසින් මෙසේ ඇසුවාය.
’මගේ වස්තුව, ඔයා අද හවස මාව බලන්න එනවා නේද?’
’මට පීනස තියෙනවනෙ බබෝ. වැස්සේ නැත්තං මම එනවා හොඳේ.’

0 comments: