Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, April 18, 2012

මොකෝ මං නොදන්නෙ?

Posted by ***Mara Puththra***

එක් ගායකයකු සුප්‍රසිද්ධ FM නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටියේය. එහිදී එම නාලිකාවේ නිවේදකයාගේ ප්‍රශ්නයක් හමුවේ ඔහු වෙනත් FM නාලිකාවකට දොස් තබමින් මෙසේ කීවේය.

’මං මේක කියන්නෙ ලොකු වගකීමකින්. ඔය චැනල් එකෙන් මගෙ ගීත ලෝලියෝ, මගෙ ගීත ඉල්ලුවාම, ඒ අසන්නන් ගෙ නම් ප්‍රචාරය කරලා, වෙනින් ගායකයන්ගෙ ගීත ප්‍රචාරය කරනවා. ඒක මගෙ ජනපි‍්‍රයතාවයට විරුද්ධව හිතා මතා කරන නින්දිත වැඩක්.’

’ඉතින් ඔබ කොහොමද ස්ථිරවම කියන්නෙ ඒ අසන්නෝ ඉල්ලුවේ ඔබේ ගීතමයි කියල?’ වෙනත් FM නාලිකාවකට එරෙහිව තම නාලිකාව ඔස්සේ නැඟුණු චෝදනාවෙන් අසීරුතාවයට පත් නිවේදකයා ඇසීය.

’මොකෝ මං නොදන්නෙ? ඔය හුඟාක් අසන්නන් ගෙ නම් වලින් ඒ ගීත ඉල්ලන්නෙ මං මනෙ.’ ගායකයා කීවේය.

0 comments: