Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, June 30, 2012

වැරැද්ද

Posted by ***Mara Puththra***

" මෙහෙමද සිංදු කියන්නේ. අජූතයි.... අරකිගේ බෙල්ල මිරිකනවා වගෙයිනේ බෙරිහන් දෙන්නේ. බූරුවෙක් කෑ ගහනවා ලස්සනයි ඒ සිංදු කීල්ලට වඩා.
කවුද මේ මල හෝන්තුව.... ? "

සංගීතප්‍රසංගයක් නැරඹීමට ගොස් සිටි සුසිරිපාල ළඟ සිටි තැනැත්තාට කීවේය.

" ඒ මගෙ දුව ! " පිළිතුරු ලැබුණී.

" ඇත්තද ... මට සමාවෙන්න. මම කිව්වෙ කියන විදියෙම නෙවෙයි වැරැද්ද තියෙන්නේ.... සිංදුවේ වචනවල. කවුරු හරි පට්ට මෝඩයෙක් වෙන්න ඇති ඒ සිංදුව ලියන්න ඇත්තේ...... නේද ? " සුසිරිපාල අමුත්තාගේ සිත සනසන අටියෙන් කිව්වේය.

" මගෙ නෝනයි ඒක ලිව්වේ ! " සිහින් හඬින් පිළිතුරු ලැබුණි.

" ආහ්...... ඇත්තද... මට හිතෙන්නේ.... අහගෙන ඉන්න කොට වචන වුණත් එච්චරම සවුත්තු නෑ. තනුව..... තනුවෙ තමයි වැරැද්ද. බූරුවෙක් තමයි තනුව
දාන්න ඇත්තේ... මං හරිද ? " සුසිරිපාල ජයග්‍රාහී ලීලාවෙන් කිව්වේය.

" හරිද වැරදිද මන්දා. තනුව මගේ... ! " තෙවැනි පිළිතුරද ලැබිණි.

0 comments: