Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, October 27, 2010

තනි ප්‍රශ්නය

Posted by ***Mara Puththra***

දිනක් ක්‍රිෂ්ණදේව් රායි රජු බැහැ දැකීමට දුරබැහැර දේශයකින් මහා උගතෙක් පැමිණියා. ඔහු රජුගේ පුරෝහිත මණ්ඩලයට අභියෝග කළා. මම ඔබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඔබලා කැමති තනි අමාරු ප්‍රශ්නයකට ද? නැතිනම් ලෙහෙසි ප්‍රශ්න සීයකටද?
මේ අභියෝගය අනෙක් බමුණන්ට භාරදීමට රජු පැකිළුණා. ඒ නිසා ඔහු තෝරා ගත්තේ තෙනලිරාමාවයි. තෙනලි කෝකටත් කියා තනි අමාරු ප්‍රශ්නය තෝරා ගත්තා.
විදේශයෙන් පැමිණි උගතා මෙහෙම ඇහුවා. “ඔබ මට කියන්න මුලින් ම මේ ලෝකයට බිහිවුණේ බිත්තරය ද කිකිළිය ද?
කිකිළිනේ.... ඕක අහන්නත් දෙයක්යැ... ඕකද ඔබේ මහලොකු ප්‍රශ්නය? තෙනලිරාමා කිසි ගාණක් නැතිව උත්තර දුන්නා.
“හහ් එහෙමද හිතන්නේ...? ඇයි මොකක්ද ඒකට හේතුව...?” උගතා පුරාජේරුවෙන් ඇසුවා.
“මේ උන්නැහේ... මම උත්තර දෙන්නේ එක ප්‍රශ්නයකට විතරයි කියලා කලින්ම කිව්ව නේද?”
ඒක තමයි තෙනලිරාමාගෙ පිළිතුර වුණේ.

0 comments: