Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, October 27, 2010

හොරුන්ගෙන් වැඩ ගනී

Posted by ***Mara Puththra***

“තෙනලිරාමා රාජ සභාවේ ලොකු බලවතෙක් නිසා ඔහු ළඟ හුගක් ධනය ඇති.” නගරයේ හොර මුළක් හිතුවා. එදා රෑ තෙනලිගෙ ගේ බිඳින්න හිතාගෙන ඔවුන් වත්තේ හැංගිලා හිටියා.
කොයි වෙලාවක හරි තමන්ගේ ගේ බිඳින්න ඉඩ තියෙන බව තෙනලිත් දැනගෙන හිටියා. ඔහු එදා රෑ භාර්යාවට මෙහෙම කිව්වා.
“මේ ඇහුණාද? දැන් මේ හැමතැනම හොරු. ඔය රත්තරන් බඩු ටික පොදි බැඳලා මට දුන්නා නම්.. ළිඳේවත් හංගන්න ඕනේ.”
ඊට පස්සේ ගෙට ගිය තෙනලිරාමා ආපහු ඇවිත් ළිඳ ළඟට ගිහින් ලොකු පොදියක් ළිඳට දැම්මා. හොරු මැදියම් රැයේ ළිඳ වටේ රැස්වුණා. දැන් ඔවුන් හඬ නොනැගෙන විදිහට ගජරාමෙට ළිඳ ඉහිනවා. වත්ත පුරා ම වතුර ගලාගෙන යනවා. පහුවදා හිමිදිරිය වෙනකල් ම මේ වැඩේ කෙරුණා. ඒත් ළිඳේ වතුර තවම හිඳුණෙ නෑ.
හිමිදිරි උදේ ම අවදිවුණු තෙනලිරාමා, ඇඟමැලි කඩමින් ළිඳ දිහාවට ගියා. “කොහොම හරි එළවළු පාත්ති ටිකටයි මල්පාත්ති ටිකටයි ඔය යස අගේට වතුර ටික වැටිලා තියෙන්නේ...”
ජීවිතේ පළවෙනි වතාවට හොරු එදා පණ එපා කියලා දිව්වේ හිස් අතින් වගේ ම ලැජ්ජාවෙන්.
Reply With Quote

0 comments: