Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, August 27, 2011

සිග්නල් මොකටද?

Posted by ***Mara Puththra***

කළුවර රාත්‍රියක, පාළු පාරක මනෝ හුදෙකලාව තම රථයේ ගමන් කරමින් සිටියදී ඔහුගේ රියේ ඉදිරිපස ලාම්පු හදිස්සියේම ක්‍රියාවිරහිත විය. කුමක් කරන්නේදැයි මොහොතක් කල්පනා කරමින් සිටි හෙතෙම තමා පසුකොට ඉදිරියට ඇදෙන රියක පිටුපස රතු එළිය හදිසියේම දුටුවේය. ඔහු වහා ක්‍රියාත්මකව එම රථය පිටුපසින් තම රිය පදවාගෙන ගියේය.

ටික වේලාවක් එසේ පදවාගෙන ගිය ඉදිරිපස රථය කිසිදු සංඥාවකින් තොරව එක්වරම නතර කළේය. මනෝ එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බැවින් ඔහුගේ රිය දඩාස් ගා ඉදිරිපස රියේ ගැටුණි.

”සිග්නල් නොදා මහපාරක ඔහොම එක පාරටම වාහන නවත්වන්නෙ මොන බූරුවද ඕයි!” ඔහු තම රියෙන් හිස පොවා ඉදිරිපස රියේ රියැදුරාට බැණවැදුණේය.

”මගෙ ගරාජ් එකේ මගෙ කාර්එක නවත්වන්නෙ මට සිග්නල් මොකටද ඕයි?” දොර හැර ගෙන මනෝ වෙත ආ ඉදිරිපස රිය පැදවූ තැනැත්තා ඇසීය.

0 comments: