Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, August 27, 2011

කොහොම හූ කියන්නද?

Posted by ***Mara Puththra***

නාට්‍ය නිෂ්පාදකවරයෙක් කල්යල් බලා අලුත් නාට්‍යයක් නිෂ්පාදනය කොට වේදිකා ගත කළේය. මංගල දර්ශනය සඳහා ආරාධනා ලැබූ විකල්ප පුවත්පතක කලා පිටුව සැකසූ මාධ්‍යවේදියකු නාට්‍ය දර්ශනය අවසන් වීමෙන් පසු නිෂ්පාදකවරයා හමුවී මෙවැනි අවර ගණයේ නාට්‍යයක් නිපදවූයේ මන්දැයි විමසුවේ නාට්‍යය ඉතා තියුණු ලෙස විවේචනය කරමිනි.

”ඔයා ඔහොම කිව්වට කිසිම ප්‍රේක්ෂකයෙක් අපේ නාට්‍යයට හූ කිව්වේ නැහැනෙ.” ඔහුගේ විවේචනය පිළිගැනීමට අකැමැති වූ නිෂ්පාදකවරයා වමතින් නිකට අතගාමින් කීවේය.

”ඈනුම් අරින ගමන් හූ කියන්න බැහැනෙ” මාධ්‍යවේදියා පිළිතුරු දුන්නේය.

0 comments: