Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, August 17, 2011

සිංහල එක්ස්ප්‍රස්

Posted by ***Mara Puththra***

පිටකොටුවෙන් ගමන් ආරම්භ කළ ගාල්ල ශීඝ්‍රගාමී බස් රථය ඉතා වේගයෙන් ධාවනය කොට මුලින්ම නවත්වන ලද්දේ බම්බලපිටියේ දී ය. බස් රථය නවත්වනවාත් සමඟම එහි ඉදිරිපස දොරටුවෙන් තම හිස එළියට දැමූ කොන්දොස්තර ‘එක්ස්ප්‍රස්... එක්ස්ප්‍රස්’ යනුවෙන් කෑගැසීය. ඊළඟට බස්රථය නතර කෙරුණේ කොල්ලුපිටිය හන්දියේ ය. එහිදී ද පෙර පරිදිම ‘එක්ස්ප්‍රස්... එක්ස්ප්‍රස්’’ යනුවෙන් කොන්දොස්තර තැන මඟීන්හට දැනුම් දීමක් කළේය.
සෙනඟ නංවාගත් බස් රථය මෙසේ ප්‍රධාන නගරවල පමණක් නවත්වමින් වේගයෙන් ධාවනය වෙමින් රත්මලාන පසුකරද්දී බස්රථයේ වාඩිවී සිටි තරුණයෙක් නැඟිට සීනුව නාද කළේය. කණ්ණාඩියෙන් පිටුපස බැලූ රියැදුරු තැන තරහින් තවත් වේගයෙන් බස්රථය පදවන්නට විය. තරුණයා කීප විටක්ම සීනුව නාද කරන්නට විය. සෙනඟ අතරින් තරුණයා වෙත ගිය කොන්දොස්තර තැන කෝපයෙන් මෙසේ කීවේය.
”ඇයි ඕයි! මං කීපාරක් සිංහලෙන් කිව්වද මේක ‘එක්ස්ප්‍රස්’ කියල.”

0 comments: