Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, August 17, 2011

චරිතය හොඳයි

Posted by ***Mara Puththra***

පුරා වසර පහක් විදේශීය රැකියාවක නිරත වී සිටි නවරත්න ඉන් ඉවත් වී පෙරළා සියරට පැමිණියේ දිගටම තම කාලය ලංකාවේ ගතකිරීමට අදිටන් කර ගනිමිනි. හේ එළදෙනකු හදාවඩා ගැනීමට අදහස් කොට, සුදුසු එළදෙනකු මිලදී ගැනීම සඳහා ගව පට්ටියකට ගියේය. එහි අයිතිකරු නවරත්න හට ඉතා පුෂ්ටිමත් එළදෙනෙකු පෙන්වා මෙසේ කීය.
’මුගෙන් දවසකට ලේසියෙන්ම කිරි බෝතල් 10ක් දොවාගන්ඩ පුළුවන්. හැම අවුරුද්දකටම සැරයක් මූ පැටියෙක් වදනවා.”
’මේ එළදෙන කීයක් වෙනවද?’ නවරත්න ඇසීය.
’රුපියල් දහදාහයි’ අයිතිකරු කීවේය.
’අපි තව එකෙක්ව බලමුද?’ නවරත්න කීවේ වටපිට බලමිනි.
එවර අයිතිකරු ඉතා කෙට්ටු, ඇට පෑදුණු එළදෙනක නවරත්නට පෙන්වා මෙසේ කීය.
’මුගෙන් නං දවසකට කිරි බෝතල් 2ක් දොවා ගන්නෙත් බොහොම අමාරුවෙන්. මූ පැටව් ගහන්නෙත් නෑ.’
’මේකා කියක් වෙනවද?’ නවරත්න ඕනෑවට එපාවට මෙන් ඇසීය.
’පහළොස්දාහක් වෙනවා මහත්තයා’ අයිතිකරු කීවේය.
’මොනවා...? ගාන වැඩි වෙන්ඩ මුගෙ තියෙන විශේෂත්වය මොකක්ද?’ නවරත්න පුදුමයෙන් ඇසීය.
’මුගෙ චරිතෙ හොඳයි’ අයිතිකරු කීවේය.

0 comments: