Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, September 2, 2011

ගුණාත්මක අගය

Posted by ***Mara Puththra***

නිහාල් කතාව, දෙබස්, තිර රචනය පමණක් නොව ගීත ද ලියා චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය. එසේම ඔහු එහි ප්‍රධාන නළු චරිතය ද රඟපෑවේය. ඔහුගේ බිරිය ප්‍රධාන නිළි චරිතය රඟපෑ අතර සංගීත අධ්‍යක්ෂණය ද කළාය. මංගල දර්ශනයෙන් පසු ප්‍රදර්ශනය අරඹා දින දෙක තුනක් ගතවන විට එහි දර්ශන සඳහා පේ‍්‍රක්ෂකයෝ දෙතුන් දෙනකුට වඩා නොසිටියෝය.
‘තමුසෙගෙ චිත්‍රපටිය ආර්ථික වශයෙන් අසාර්ථක වුණත් ඒ චිත්‍රපටිය හින්දා මිනිස්සු සිය ගණනකගෙ ජීවිත බේරිලා තියෙනවා’ නාට්‍ය පුහුණුවීමකදී හමුවුණු සිරිල්, නිහාල් සමඟ කීවේය.
‘ඒ කොහොමද?’ නිහාල් පෙරළා ඇසුවේ මවිත වෙමිනි.
‘තමුසෙගෙ චිත්‍රපටිය පෙන්නන හෝල් එකක වහළය චිත්‍රපටිය පෙන්නද්දි කඩා වැටිලා. හොඳ වෙලාවට තුන් දෙනයි මුළු හෝල් එකේම ඉඳලා තියෙන්නෙ.’ සිරිල් කීවේය.

0 comments: