Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, March 21, 2012

බලහං දැන් ඉතිං

Posted by ***Mara Puththra***

රමාද වී පැමිණි අනුරාධපුරේ දක්වා යන සීග්‍රගාමී දුම්රිය කොටුවෙන් අද්දන්න්ට පටන්ගත්තේය....කෝච්චියේ වේගය වැඩි වෙද්දී ම වාගේ කොහෙන්දෝ පැමිණි හොඳ හැටි සප්පායම් වී සිටි හතරදෙනෙක් කෝච්චිය පසු පස ප්ලැට්ෆෝම් එක දිගේ "හෝව් හෝව්" කියමින් කෝච්චියේ එල්ලෙන්නට දිව යන්නට විය......මෙය දැකීමෙන් මහත් සංවේගයක් ඇති වූ අසල සිටි පෝටර් කෙනෙක් වහා දිවවිත් එකා එකා බොහොම අමාරුවෙන් කෝච්චියට ලෝඩ් කරන්නට විය...කොහොම කොහොමහරි අමාරුවෙන් තුන් දෙනෙක් ම කෝච්චියට තල්ලු කර පැටවුවත් හතරවැන්නා ඔහුට ඇතුලට දාගන්නට නොහැකි විය...
"අයියෝ..අපරාදෙනේ මහත්තයා...තුන් දෙනෙක් ම නැග්ගෙව්වා...මහත්තය තව විනාඩියක් කලින් ආවනං දැන් ඇතුලේ..."

හති අරිමින් සිටි හතරවැන්නා වෙරි මරගාතය අතරින් මෙසේ කීය.."මොනවද අයිසේ තමුසෙ කියන්නේ...මම අනුරාධපුරේට මාරුවක් හම්බවෙලා කෝච්චියේ එහෙ යන්නයි ආවේ...එකට අඩියක් ගහල අරුන් තුන්දෙනා මම එපැයි කියද්දී වැනි වැනි ආවේ මාව කෝච්චියට ඇරලවන්න...බලහං දැන් ඉතිං" .

0 comments: