Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, November 3, 2010

වැඩිම ටිප් එක!

Posted by ***Mara Puththra***

කිසිවකුට දෙවැනි නොවන ආකාරයට කටයුතු කිරීමට කැමැත්තක්‌ දක්‌වන පුද්ගලයෙක්‌ දිනක්‌ මත්පැන් හලකට ගොස්‌ මධු විත තොල ගාමින් සිටියේය.

පැයකට පමණ පසු එහි සේවකයකු ඔහුට බිල ගෙනැවිත් දුන්නේය.

"රුපියල් 2100 යි.... මං හිතන්නෙ මේ බාර් එකේ ඉන්න ඔක්‌කොටම වැඩිය බීලා තියෙන්නෙ මම" ඔහු මහත් ආඩම්බරයෙන් තමාටම එසේ කියා ගත්තේය.

"ඔහේට මේ බාර් එකේදි ලැබිල තියෙන වැඩිම ටිප් එක කීයද?" ඔහු සේවකයාගෙන් විමසුවේය.

"රුපියල් දාහයි"

"රුපියල් දාහයි....... එහෙනම් මේක තියා ගන්නවා" යනුවෙන් පැවසූ ඔහු සේවකයා අත රුපියල් 1200 ක්‌ තැබුවේය.

මත්පැන් හලෙන් පිටතට යැමට සූදානම් වූ ඔහු යළි සේවකයා තමා වෙත කැඳවා මෙසේ ඇසුවේය. ඒ රුපියල් දාහේ ටිප් එක දුන්නේ කවුද?

"මහත්තයම තමයි"

සේවකයා මඳ සිනහවක්‌ පාමින් පිළිතුරු දුන්නේය.

0 comments: