Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, March 21, 2012

චූ කරපු එකා ඇවිල්ලා."......

Posted by ***Mara Puththra***

දෙසැම්බර් 31 දින මග දිගට පාටි වලින් අඩුවක් නැත....මෙවන් මහඟු අවස්තාවක් ලැබෙනකන් පුන පුනා බලාසිටි කන්තෝරු ඩයල් එකක් එදින මහ රෑ වනතුරුම තම මිතුරන්ගේ ගෙවල් වල කරක් ගසමින් හොඳ හැටි පදම් වී පාන්දර ජාමේ අමාරුවෙන් තම ගේ හොයාගෙන ආවේය....පසුදින නැගිට වැඩට යන්නට ලැස්ති වී තම අතේ බඳින ඔරලෝසුව නැතිවී ඇති බව දැනගෙන ෆුල් නන්නත්තාර් විය...."තමුසෙට අගයක් නෑ...ඇයි අපේ මල්ලිනේ ඔහෙට ඕක දුන්නේ...බලනවා ඕයි අච්චර වටින හොඳ ඔරලෝසුව...කනමදය වගේ බීල කොහේ හරි ගුබ්බෑයමක දාල එන්නැති"

"ආ...මට මතකයි මට මතකයි...කොහේ නමුත් මට මතකයි මම චූ කරද්දී තමයි ඕක ගැලෙව්වේ...ඒ ගෙදර තිබ්බෙ රත්තරං පාට කොමොඩ් එකක්." පොර කීය....

"මට කමන්නෑ.......තමුසේ ඕක කොයි ලෝකෙන් හරි හොයාගෙන නැතුව අද ගෙදර එනව නෙවේ"....සිය ප්‍රිය බිරිඳ එසේ පාන්දරම වරෙන්තු නිකුත් කළාය...

පසුව තමා ඊයේ රෑ ගිය රූට් එක දිගේ ගෙයින් ගෙට යමින් පොර ඔරලෝසුව හොයන්නට විය...
"මෙහේ රත්තරං පාට කොමොඩ් එකක් තියෙනවද ?"
හැම ගෙදරකින්ම ලැබුනේ "නෑ" කියන පිළිතුරයි...

ඔහොම යද්දී එක ගෙදරක කාන්තාවක් එළියේ රෙදි වනමින් සිටියාය ....
"සමාවෙන්න නෝනා...මෙහේ රත්තරං පාට කොමොඩ් එකක් තියෙනවද ?"

එකවරම ඔහු දෙස රවා බැලූ කාන්තාව...ගේ දෙසට ඔලුව හරවා...."ඒයි...හැරී...ඇහුනද....මෙන්න ඊයේ රෑ ඔයාගේ සැක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලා."......

0 comments: