Popular Posts
-
Amazing Love Download 4 mb
-
Harakaaaa ( Umbaaa Exclusive ) Download 3 MB Muniaa ( Kotuwe ) Download 2 MB Amare Ayya Download 1 MB
Labels
- 18+ Only (41)
- Amda 18+ (36)
- Are Saha Mare (48)
- Hiru Fm Who's Speaking (8)
- Kiyawana Katha (376)
- Telephone Calls 18+ (5)
- Video Jokes (11)
Welcome
අපේ පැත්තෙ පාම් එකක් තියෙනව ඕකෙන් අපේ පැත්තෙ හුගක් අය උදේට එලකිරි ගන්නව.........
අපි කොල්ලො සෙට් එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්න
ආ........ පියසේන අංකල්ද........
ඔව් කතාකරනවා...........
ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....
ඒ පාර මූ කියාපි..........
ඇ.... බොල..... හු*** පුතෝ... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....
කියල අපිට කට උත්තර නතිව ගියා
පිටිසර ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. නම පුංචිබන්ඩා. කුලියක් මලියක් කරගෙන අමාරුවෙන් ජීවත් උනේ. ඔහොම ඉන්න්කොට මිනිහට ලොතරැයියක් ඇදුනා.මිනිහා සල්ලි හම්බුනාට පස්සේ ඉස්සරලම කලේ කසාදයක් බැඳගත්තු එක. බැඳපු ගෑනිගෙ නම කලුමැනිකා. දැන් ඔන්න පුංචිබන්ඩයි කලුමැනිකයි සතූටින් ජීවත් වෙනවා.ටික දවසක් ගියාම දෙන්නා කතා උනා සල්ලි නිකන් තියාගෙන වැඩක් නෑ මොකක් හරි ආදායමක් එන දේකට යොදවන්න ඕන කියලා. සෑහෙන වෙලාවක් සාකච්චා කරලා දෙන්නා තීරනය කලා ලොරියක් ගන්න.
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ලොරියක් ගෙනාවා. අලුත්ම අලුත් ලොරිය. බොඩියක් එහෙම ගහල,පාට ගාලා, ඇස්වහ කටවහ යන්න දෙහි මිරිස් එහෙම එල්ලලා දැන් ලොරිය ලස්සනට තියනවා. දැං ඉතින් ඔක්කොම හරි ඒත් ලොරියට නමක් තමා නැත්තේ.
පුන්චිබංඩා කිව්වා “අපි ලොරියට පුංචිබංඩා කියලා දාමු” කියලා.
ඒකට ගෑනි කැමති උනේ නෑ. ගෑනිගේ ආසාව තිබ්බේ ලොරියට “කලුමැනිකා” කියලා දාන්න.
අන්තිමේ මේ නම දාන ප්‍රස්නේ දිගටම ඇදිලා ගියා. අන්තිමේ දෙන්නම තීරනේකට ආවා දෙන්නගෙම නම් වල මුල් අකුරු එකතු කරලා ලොරියට නම දාමු කියලා. එහෙම කතා වෙලා පුංචිබන්ඩගෙයි කලුමැනිකගෙයි නම් වල මුල් අකුරු එකතුකරලා(පු+ක) ලොරියට නම දැම්ම පු_ කියලා.
ලොරිය ගත්තට පස්සේ පුංචිබන්ඩා දියුනු වෙන්න ගත්තා. ටික දවස්කින් කඩේකුත් දාගත්තා. ලොරියට වෙනම ඩ්‍රැයිවර කෙනෙකුත් ඉන්නවා. දැං පුංචිබන්ඩට ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි කියලා.
………………………………
ඔහොම ඉන්නකොට දවසක් ගමේ පන්සලේ දායක සභාව රැස් වෙලා තීරණය කලා ගමේ කට්ටියම එකතු කරන් වන්දනාගමනක් යමු කියලා. යන්තැන් ගමන් ඉස්තර ඔක්කොම තිරණය කලා.
ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා “ගමන යන්ට අඩුවට වාහනයක් හොයාගන්න නැතිවෙයිද?..” කියලා.
එතකොට කට කැඩිච්ච එක දායක මහත්තයෙක් කිව්වා “ඇයි පුංචිබන්ඩා මුදලාලිගේ පු_ තියෙන්නේ , අපි ඒක ඉල්ලගමු ” කියලා.
“එහෙනම් අපි හැන්දෑවෙ ගිහිල්ලා මුදලාලිව හම්බෙලා ඒක කතාකරගමු” කියලා හාමුදුරුවොත් වැඩේට අනුමැතිය දුන්නා.
එදා හවස හාමුදුරුවොයි දායක සභාවේ නියොජිත සෙට් එකයි ගියා පුංචිබන්ඩා මුදලාලිගෙ ගෙදර.
යනකොට පුන්චිබන්ඩා ගේ පිටිපස්සේ ඩ්‍රැයිවර් එක්ක ලොරිය හෝදනවා. ගේ ඉස්සරහා හිටියේ කලුමැනිකා විතරයි.
“කෝ මේ අපේ මුදලාලි මහත්තයා ඉන්නවද ” හාමුදුරුවෝ දායක සෙට් එකත් එක්ක ගෙදරට ගොඩවෙන ගමන් ඇහුවා.
“ආ එයා මේ ගේ පීපස්සේ පු_ හෝදනවා. ඉන්න මම කතා රන්නම් ” කියලා කලුමැනිකා මුදාලිට මෙහෙම අඬගහගන ගේ පිටිපස්සට ගියා.
“මේ… ඇහුනද, හාමුදුරුවෝ වැඩලා. ඔය පු_ හෝදන එක නවත්තලා මෙහාට එනවකෝ….”
පුංචිබන්ඩත් ලොරිය හෙදිල්ල නවත්තලා ගේ ඉස්සරහට ආවා
“ඇයි අපේ හාමුදුරුවනේ මේ හද්දිස්සියෙම. පනිවඩයක් එව්වනම් මම පන්සලට එනවනේ…”
“නැ නැ මුදලාලි හදිස්සියකට නෙවේ. මේ වෙන කාරනාව්කට . අපේ ගමේ කට්ටිය එකතු කරන් වන්දනා ගමනක් යන්න කල්පනාකලා , ඒකට මුදලාලිගෙන් ලොරිය පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියලා අහන්න ආවේ. නිකන්ම නෙවේ තෙල් ගහන්න ඕන සල්ලි ටික අපි එකතු කරලා දෙන්නම්”
එතකොට පුංචිබන්ඩා කිව්වා “හාමුදුරුවනේ මම පු_ දෙන්නම්. සල්ලි සතයක් වත් එපා . පන්සලේ වැඩකට දෙන්න බැරි නම් පු_න් උනත් වැඩක් තියනවැයි.”
හාමුදුරුවන්ටත් දැන් සන්තෝසයි. නොමිලේම ලොරිය හම්බෙනවනේ.”එහෙනම් මුදලාලි අපි යන්නම්. දින තීන්දු වෙච්ච ගමන් මම මුදලාලිට පනිවිඩේ එවන්නම්.”
“අපේ හාමුදුරුවෝ පන්සලටද වඩින්නේ “පුංචිබන්ඩා ඇහුවා.
“ඔව් ඇයි”
“නැ හාමුදුරුවනේ, අපේ ඩ්‍රැයිවරුත් දැන් ඒ පැත්තටමයි යන්නේ. පොඩ්ඩක් පු_ හෝදනකන් හිටියනම් පු_ම ඇරියැහකි”
ඊට පස්සේ ගමේ කට්ටිය නිකන්ම යන්න හම්බෙචච හින්දා පු_ට පින් දිදී වන්දනා ගමන ගියා.
සිරිපාල - අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
අම්මා - ඇයි?
සිරිපාල - පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව.
පසුව දා සිරිපාල පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.
සිරිපාල - මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.
අම්මා - ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්.
රෙප්+ දුන්නොත් ඔයාලගෙ එකත් ලොකුවෙයි
Reply With Quote
ඔන්න මචන්ලා මේක තරගයක් ලූ... මේක තිබිලා තියෙන්නේ රුසියාවේ... මේකට ලෝකෙ හැම තැනම හිටපු රටවල් වලින් තරග කරුවන් සහභාගි උනාලූ....
මේකෙ ඉතින් තෝරා ගැනීමේ තරග තියලා අන්තිමට තරග කරුවන් තුන්දෙනෙක්ව තෝර ගත්තාලූ...
ලංකාවෙ ඉන්නේ කොහොමත් වැඩ කාරයෝනේ... ඒක නිසා ලංකාවේ එක්කෙනෙකුත් මේ තුන්දෙනා අතර ඉන්නවලූ.... අනිත් දෙන්නා රුසියාවෙන්(සත්කාරක රටින්) සහ ජපානයෙන්ලූ..
දැන් ඔන්න සෙනග පිරිලලු මේ තරගය නරබන්න.... තරගයේ කරන්න තියෙන්නේ ,,,,,,,
මුල් පියවර වයින් බෝතල් 5ක් බොන්නලූ ,
දෙවන පියවර කූඩුවක් ඇතුලේ ඉන්නවාලූ සිංහයෙක් මූගේ කකුලක් කඩන්නලූ,, (මූ මාස ගානකින් කාලත් නැහැලූ)
තුන් වන් පියවරත් තියෙන්නේ රුසියාවේ ඉන්න ලස්සනම කෙල්ලව කාමරයක දාලා ඉන්නවලූ... ඒ කාමරය ඇතුලට ගිහින් මෙයත් එක්ක සෙක්ස් කරලා එයාව සතුටු කරන එකලූ (සිංහලෙන් කිව්වොත් ගහන්නලූ )
ඔන්න තරගය ආරම්භ උනාලූ. මුලින්ම ජපන් ජාතිකයා ආවලූ...
වයින් බෝතල් 3ක් බොන කොට පොරට හොදටම වැඩී ලූ... අන්තිමට මිනිහා ඇදගෙන වැටුනාලූ... ( ඒ කියන්නේ පොර නොකවුට්)
ඔන්න ඊ ලගට ආවාලු රුසියාවේ එකා... තමන්ගේ රටේ එකා නිසා මිනිහට මාර චියර් එකලූ.... මිනිහා ගිහින් වයින් බෝතල් පහ කටේ තියාගෙන නිකන් අපේ උන් ගල් ගහන්න වගේ බිව්වලූ... දැන් ඉතින් බලන්න ආපු උන්ට මාර හැපී ලූ... ඊ ලගට ඌ ගියාලූ සිංහයා ඉන්න කූඩුවට... ගිහින් මුලින්ම පොඩ්ඩක් සද්දේ ආවලූ පස්සේ සිංහයා කෑ ගහන සද්දේ විතරලූ ඇහෙන්නේ... කට්ටිය ගිහින් බැලින්නම් සිංහයා පොරව මරලා ලූ....
අයියෝ දැන් ඉතිරු ලංකාවෙ එකා විතරලූ... දැන් ඉතින් මිනිස්සු හිතුවලූ දෙන්නටම බැරි උන නිසා මූ ටත් බැරි වෙයි කියලා ( අපිනෙ දන්නේ අපේ රටේ උන්ගේ වැඩ) ඔන්න ඉතින් මූ සෙල්ලම් ඩයල් එකක් නෙමෙයිලූ.. ලංකාවේ කසියා පොරක් ලූ.... මුට වයින් බෝතල් පහක් නතිං ලු... මූ ගිහිල්ලා වයින් බෝතල් පහ බීලා මට තව වයින් ගෙනත් දීපල්ලා... මට තව වයින් ඕනේ කියලා දැන් කෑ ගහනවාලූ..... මූව නවත්තන්නම බැහැ ලූ... පස්සේ සංවිධායක මණ්ඩලයෙන් ඇවිත් කිව්වලු එහෙම කරන්න බැහැ මහත්තයා මේක තරගයක්, තරගය දිනලා ආවොත් තව වයින් ඇති වෙන්න දෙන්නම් කිව්වලූ... හරි මූ ඒකටත් එකග උනාලූ... (හැබැයි මූ පොර වගේ බිව්වට පොඩ්ඩක් වැදිලාලූ ඉන්නේ)
දැන් මූ ගියාලූ සිංහ කූඩුව ඇතුලට..... (මිනිස්සු ඔක්කොම කට ඇරගෙන බලාගෙන ඉන්නවාලූ) මිනිහා දොර වහලා ටිකක් වෙලා යනකොට සිංහලා මර ලතෝනි දීගෙන කෑ ගහනවාලූ.... දැන් මිනිස්සු හිතුවලූ හරි මූ එක කකුලක් නෙමෙයි කකුල් හතරම කඩනවා ඇති කියලා දැන් සිංහයා බෙරිහන් දීලා පස්සෙ කෙදිරි ගානවා ඇහෙනවාලූ... මිනිස්සූ දැන් අත් පුඩි ගනවාලූ......
ඔන්න දැන් ජයග්‍රාහී ලීලාවෙන් අපේ රටේ එක්කෙනා එළියට ආවලූ.... මිනිස්සුන්ට දැන් මාර හැපිලූ....
එක පාරටම අපේ කෙනා සරමත් හදාගෙන කෑ ගහලා ඇහුවලු දැන් කාගෙද යකෝ මම කකුල කඩන්න ඕනේ කියලා...??
දවසක් පොලීසියට බැඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට)
දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්‍රශ්ණ අහනවලු….. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්‍රශ්ණයක්
“ කව්සිළුමිණ ලියුවේ කවුද ? ” (පැහැදිලි කිරීමයි: කව්සිළුමිණ කියන්නේ පරණ පොතක්. මමත් ඒක ලීවේ කවුද තියා ඒක දැකලවත් නෑ)
දැන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු……
පොලිස් අධිකාරිත් ලඟදී සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා
“හදිස්සියක් නෑ හෙමිහිට කල්පනා කරලා කියනවකෝ” කියලා……
මේ අතර පොලිස් අධිකාරිවරයට විනාඩි 5කට විතර කාර්යාලයෙන් එලියට යන්න වුනා….. පොර යන ගමන් එතන එලියේ හිටපු රාළහාමි කෙනෙකුට කථාකරලා කීවා “මම එනකන් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලියුවේ කවුද ? කියලා අහල තියාගන්නවා” කියලා…..
දැන් විනාඩි 5කින් පොලිස් අධිකාරිවරය ආපහු එනවා… එතකොට පොර තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දකින දර්ශනය මෙහෙමයි……..
අර කොල්ලා පුටුවත් පෙරලගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා…… රාළහාමි එතනම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා…….
අපිට වගේම මේක දැකලා ලොක්කටත් මඤ්ඥං හින්දා ඇහුවා “මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියලා
….. එතකොට අර රාළහාමි උත්තර දෙනවා……
“සර්…. සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ…… මම දෙකයි ඇන්නේ මේකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා………..”
කුසුමාවතී මුණුපුරන් එක්‌ක කඩයට ගියා. පොඩි ළමයි දකින දකින දේ ඉල්ලනවනෙ. එහෙම ඉල්ලපු දෙයක් දෙන්නෙ නැතිව මේ පොඩිඑකා අඬනවා. අඬන දරුවව අතින් ඇදගෙන නලවගන්න නොයෙක් දේ කියමින් කුසුමාවතී ආපහු ගෙදර එනවා. මැගි ආච්චිව හම්බ වුණේ ඔය එන අතරතුරේදී.
"මොකද බං කුසුමො ඔය දරුව අඬන්නෙ..."
"දන්නෙ නැද්ද මැගි නැන්දෙ... කඩේට ගිහින් දකින දකින දේ ඉල්ලනවනෙ..."
දරුවාගේ ඇඬීම නතර කරන අදහසින් මැගි ආච්චි දරුවගෙ ඔළුව අතගාමින් මෙහෙම කිව්වා.
"අඬන්න එපා මගෙ රත්තරං පුතේ දැන් ඩිංගකට කලිං ගෝනි බිල්ලෙක් මෙතන හිටිය."
දරුවා තවත් හයියෙන් විලාපදෙමින් හඬන්නට විය. "ඒ සැරේ මොකද මේ බෙරිහං දෙන්නෙ"යි කුසුමාවතී දරුවගෙන් ඇහුව.
"මට ගෝනිබිල්ලව පෙන්නන්න. මම කවදාවත් දැකල නෑ. මට ඌව පෙන්නන්න" කියමින් දරුව තව තවත් හඬන්නට විය.
පීටර් මාමා ගමේ සිටින කා අතරත් ජනප්‍රිය චරිතයක් වූයේ ඔහු කරන කියන දේවල් නිසාය. දිනක් රාත්‍රි කාලයේ ටවුමට ගොස් පයින්ම ගෙදර එන සයිමන්ට දක්‌නට ලැබුණේ පාරේ පහන් දැල්වෙන ලයිට් කණුවක් යට මොනවදෝ හොයන පීටර් මාමාවය. පීටර් ළඟට කිට්‌ටු වූ සයිමන් "මොනවද බං පීටර් උඹ ඔතන ඔය කරන්නෙ..."
"ආ... මේ සයිමන්නෙ... මගේ රුපියල් පහක් වැටුන බං... ඒකයි මම මේ හොයන්නෙ...."
මඳක් විමසිලිමත්ව පාර දෙස බලමින් සයිමන් පීටර්ගෙන් මෙසේ ඇසීය.
"ඇත්තටම කොයි හරියෙද බං වැටුනෙ..." ඔවුන් සිටිතැනින් මීටර් 20 ක් පමණ දුරින් වූ අඳුරු තැනක් පෙන්වූ පීටර්,
"අන්න අතනදි බං වැටුනෙ..."
මවිතයට පත්වූ සයිමන් "එහෙනං මෙතන හොයන්නෙ මොන කෙංගෙඩියක්‌දැ"යි පැවැසීය.
"එතන හොයල වැඩක් තියෙනවද බං මෙලෝ හසරක් පේන්නෙ නැතිව... ඉතිං මම මේ ලයිට් එක තියෙන තැනට ඇවිත් හෙව්ව"යි පීටර් ගානකට නැතිව කීය.
සිරිසේන හා පියසේන යන දෙදෙනා මානසික රෝහලේ ප්‍රතිකාර ලබන ගජමිතුරන් දෙදෙනෙකි. දිනක් මේ දෙදෙනා මධ්‍යම රාත්‍රියේ වාට්‌ටුවෙන් පිටතට පැමිණ මුර කුටියට පැමිණි අතර ඒ වන විට ගේට්‌ටුව වසා දමා මුරකරුද තද නින්දේ පසුවිය.
මුරකරුට නොදැනෙන සේ ඔහු ළඟ තිබූ කෑලි පහේ එවරෙඩි ටෝච් එකද ගෙන ගේට්‌ටුවෙන් එළියට පැනගත් සිරිසේන හා පියසේන පාර දිගේ මඳ දුරක් ඉදිරියට පැමිණ ඉතා උස පොල්ගස් කීපයක් ඇති තැනක නතර විය.
විදුලි පන්දම පොල් ගහේ කරටියට අල්ලා බැලූ ඔවුනට කුරුම්බා බීමට අදහසක් ඇතිවිය. දෙදෙනාම සාකච්ඡා කළ ද ගහ උස බැවින් ගසට නැගීමට කෙනෙක් නැති විය. මඳක් කල්පනා කළ සිරිසේන හොඳ අදහසක් ගෙනාවේය. "මම මේ ටෝච්එක අරගෙන බිම වාඩිවෙලා හැඩේට හිටින්න කුරුම්බා ඉත්ත අල්ලගෙන ඉන්නවා. උඹ එළිය දිගේ දුවගෙන ගිහිල්ල ගෙඩි දෙකක් කඩාගෙන දුවගෙන වරෙන්." මුලින් අදහසට කැමැති වූ පියසේන මඳක් නිහඬව සිට ඊට විරුද්ධ විය. "අනේ පලයං යන්න මම උඹේ ගැට වලට අහුවෙන්නෙ නෑ. මම ගහට දුවල ගෙඩි දෙක කඩාගෙන එනකොටම උඹ ටෝච් එක නිව්වම මට මොකද වෙන්නෙ. දඩස්‌ගාල බිමට වැටිල අතපය කැඩිල යනවනෙ..." යි කීය.
එක්‌තරා සෙබළකු අසාමාන්‍ය අන්දමින් හැසිරෙන අයුරු හමුදා ප්‍රධානියා දුටුවේය.
සෙබළා කඩදාසි කැබලි අහුලා ඒ දෙස බලා යමක් කියවා, යළි ඒ දෙස රවා බලා "ඒක නෙවෙයි" යනුවෙන් පවසා විසි කරනු දුටු හමුදා ප්‍රධානියා ඔහුව මනෝ වෛද්‍යවරයකු වෙත යවා පරීක්‌ෂා කර බැලුවේය.
ඔහු මානසික රෝගියකු බවත් සේවයට නුසුදුසු බැවින් සේවයෙන් ඉවත් කිරීම සුදුසු බවත් මනෝ වෛද්‍යවරයා වාර්තා කර තිබිණි.
ඒ අනුව ඔහු සේවයෙන් ඉවත් කෙරෙන බැව් සඳහන් ලිපිය හමුදා ප්‍රධානියා ඔහු අතට පත් කළේය
බිම වැටුණු එම ලිපිය අහුලා ගත් සෙබළා කලින් කළාක් මෙන්ම ඒ දෙස බලා යමක් කියවා යළි ඒ දෙස බලා රවා බලා "ඒක නොවෙයි" වෙනුවට "ඒක තමයි" යනුවෙන් උස් හඬින් පැවසුවේය.
මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස් බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක් අයකුවත් දැන සිටියේ නැත.
එක් මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය.
"මම දන්නෙ කොහොමද මම ජීවත්වෙන්නෙ මේ පළාතෙ නෙවෙයිනෙ" පදමට සූර්වී සිටි අනෙක් මිතුරා පිළිතුරු දුන්නේය.
සූට් මාරුව!
වැඩිහිටි කාන්තාවක් සිය මියගිය සැමියාගේ දේහය තබා ඇති මල් ශාලාව වෙත ගියාය.
"මෙයාට අන්දවල තියෙන්නෙ කළුපාට සූට් එකක් නෙ. එයා මියයන වෙලාවෙ ඉල්ලීමක් කළා නිල්පාට සූට් එකක් අන්දවන්න කියලා.....
(හා .... කරන්න පුළුවන් මොකක්‌ද කියලා මම බලන්නම් කෝ...... මල් ශාලාවේ හිමිකරු කීවේය.
පැයකට පමණ පසු ඇය නැවත වරක් මල් ශාලාව වෙත ගියාය.
ඒ වනවිට ඇගේ සැමියාගේ සිරුරට නිල් පැහැති සූට් එකක් අන්දවා තිබෙනු ඇයට දක්‌නට ලැබිණි.
"කොහොමද ඒක හොයා ගත්තේ." ඇය මල්ශාලා හිමියාගෙන් ඇසුවාය.
නෝනා ආපසු ගිය හැටියේම වාගේ නෝනගේ මහත්තය වාගෙම උස මහත කෙනෙක්‌ගේ සිරුරුක් ගෙනාවා. ඒ මිනිහට අන්දවල තිබුනෙ නිල්පාට සූට් එකක්. නමුත් ඒ මහත්තයාගෙ නෝනට ඕනැවෙලා තිබුණේ කළුපාට සූට් එකක් අන්දවන්නයි. ඉතින් මම ඔළු දෙක මාරු කළා එච්චරයි.
ධනවත් කාන්තාවක් ගම්බද පාරක් දිගේ සිය සුඛෝපභෝගී මෝටර් රථයේ ගමන් කරමින් සිටියාය.
යෝධ බල්ලන් තිදෙනකු මුව අයාගෙන මිනිසෙකු පසුපස එලවන අයුරු ඇය දුටුවාය.
දහදිය පෙරාගෙන දුවන මිනිසා මෝටර් රථයට නංවා ගතහොත් එහි කුෂන් කවර අපවිත්‍ර වන බැව් ඇයට සිතුනද, අසරණ මිනිසා බේරාගත යුතු යෑයි සිතූ ඇය වහාම මෝටර් රථය ඔහු ඉදිරිපිට නතර කළාය.
"ඉක්‌මනට නගින්න"
ඇය කාරුණිකව ඔහුගෙන් ඉල්ලා සිටියේය. "ඔබ නම් හරිම කරුණාවන්ත නෝනා මහත්මියක්. මට බල්ලො තුන් දෙනෙක් ඉන්න බව දැක්‌කහම කිසිම කෙනෙක් ලිෆ්ට් එකක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ" මිනිසා ස්‌තුති පූර්වකව කියාගෙන ගියේය.
කිසිවකුට දෙවැනි නොවන ආකාරයට කටයුතු කිරීමට කැමැත්තක් දක්‌වන පුද්ගලයෙක් දිනක් මත්පැන් හලකට ගොස් මධු විත තොල ගාමින් සිටියේය.
පැයකට පමණ පසු එහි සේවකයකු ඔහුට බිල ගෙනැවිත් දුන්නේය.
"රුපියල් 2100 යි.... මං හිතන්නෙ මේ බාර් එකේ ඉන්න ඔක්‌කොටම වැඩිය බීලා තියෙන්නෙ මම" ඔහු මහත් ආඩම්බරයෙන් තමාටම එසේ කියා ගත්තේය.
"ඔහේට මේ බාර් එකේදි ලැබිල තියෙන වැඩිම ටිප් එක කීයද?" ඔහු සේවකයාගෙන් විමසුවේය.
"රුපියල් දාහයි"
"රුපියල් දාහයි....... එහෙනම් මේක තියා ගන්නවා" යනුවෙන් පැවසූ ඔහු සේවකයා අත රුපියල් 1200 ක් තැබුවේය.
මත්පැන් හලෙන් පිටතට යැමට සූදානම් වූ ඔහු යළි සේවකයා තමා වෙත කැඳවා මෙසේ ඇසුවේය. ඒ රුපියල් දාහේ ටිප් එක දුන්නේ කවුද?
"මහත්තයම තමයි"
සේවකයා මඳ සිනහවක් පාමින් පිළිතුරු දුන්නේය.
මැදිවියේ තැනැත්තෙක් හෝටලයකට ගොස් දිවා ආහාරය ගනිමින් සිටියේය.
එවිට "කටස්" යන හඬින් ඔහුට ගලක් හැපිණි.
"මහත්තයා ගල්ද?" හෝටලේ අයිතිකරු ඔහුගෙන් ඇසුවේය.
"නෑ බත් ඇටත් එහෙන් මෙහෙන් තියෙනවා" ඔහු ඇඟට පතට නොදැනී කීවේය
එක්‌තරා තරුණයෙක් සුරතල් පක්‌ෂීන් අලෙවි කරන ස්‌ථානයකට ගියේය.
එහිදී එක් පාදයක කොළ පැහැති නූලක්‌ද, අනෙක් පාදයේ රතුපැහැති නූලක්‌ද ගැට ගසා තිබුණු ගිරවෙකු ඔහු දුටුවේය.
"මේ ගිරවාගේ කොළපාට නූලෙන් ඇද්දහම ඌ ප්‍රංශ භාෂාවෙන් කතා කරනවා. රතුපාට නූලෙන් ඇද්දහම ඌ ස්‌පාඤ්ඤ භාෂාවෙන් කතා කරනවා." වෙළෙඳ සේවකයා ගිරවා පිළිබඳ විස්‌තරයක් කරමින් එසේ පැවසීය.
"එතකොට නූල් දෙකෙන්ම ඇද්දොත්" තරුණයා ඔහුගෙන් විමසුවේය.
"එතකොට මම බිමට ඇද වැටෙන බව දන්නෙ නැද්ද මෝඩ යෝ?" ගිරවා උස් හඬින් කියාගෙන ගියේය.
සුනිල්( මම ඊයේ සවස දැක්‌කා මං බඳින්න ඉන්න ගැහැණු ළමයා මගේ හොඳම යාළුවත් එක්‌ක චිත්‍රපටියක් බලන්න යනවා.
පියල්( ඉතින් ඔබ පසු පස්‌සේ ගියාද?
සුනිල්( නැහැ. මම ඒ චිත්‍රපටිය කලින් බලල තියෙනවා.
පාසලේ විවේක කාලය තුළදි ළමුන් දෙදෙනෙකු අතර කලහයක් ඇති විය.
"මට ගැහුවොත් බලා ගෙනයි. අපේ තාත්ත පොලිස් ඉන්ස්‌පැක්‌ටර් කෙනෙක්". එක් සිසුවෙක් මහත් ආඩම්බර ලීලාවෙන් එසේ කීවේය.
"උඹලෑ තාත්ත ඉන්ස්‌පැක්‌ටර්. ඒ වගේ නොවෙයි අපේ තාත්ත වැඩ කරන්නේ ත්‍රි විධ හමුදාවේ!
අනෙක් සිසුවා ඊටත් වඩා උජාරු ලීලාවකින් කියාගෙන ගියේය.
මගීන්ගෙන් පිරී ගිය බස්‌රථයකට ගොඩ වූ මහළු කාන්තාවක් රියෑදුරු අසුන අසල සිය පන් මල්ල තැබුවාය.
"අම්මෙ... ඔතන මල්ල තිබ්බහම මම ජියර් එක දාන්නේ කොහොමද?" රියෑදුරා වයසක කාන්තාවගෙන් ඇසුවේය.
"ඕකත් මේ මල්ලටම දාපන් පුතේ... මේක හිස් මල්ලනේ...මද සිනහවක් පාමින් ඇය එසේ පැවසුවාය.
මිතුරන් තිදෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට සිතා එක්‌තරා පංතියකට සහභාගි වූහ.
මාස හතරක් ඉගෙන ගත්තද ඔවුන් තිදෙනා ඉගෙන ගෙන තිබුණේ වචන කොටස් කිහිපයක් පමණි.
පළමුවැන්නා දැන සිටියේ "වී ත්‍රී" යන්න පමණකි. දෙවැන්නා ඉගෙන ගෙන තිබුණේ "ෆො ෆිෆ්ටි රුපීස්" යන්නය. තුන් වැන්නා දැන සිටියේ "යර්ස්" යන පදය පමණකි.
දිනක් මේ තිදෙනා තමන් දන්නා වචන කිහිපය කතා කරමින් පාරක් දිගේ එන විට එක් ස්‌ථානයක මිනිසෙකුගේ මළ සිරුරක් දක්‌නට ලැබුණි. ඒ අසල පොලිස් නිලධාරින් දෙදෙනෙකුද සිටියහ.
එක් පොලිස් නිලධාරියෙක් මේ තිදෙනාගෙන් එක් අයෙකුගෙන් මෙසේ ඇසුවේය.
"හූ කිල්ඩ් දිස් මෑන්?"
එවිට එක්‌වරම ඔහු තමා උගත් දෙය කියාගෙන ගියේය. "වී ත්‍රී"
"වට් ෆොa?" පොලිස් නිලධාරියා දෙවැන්නාගෙන් ඇසුවේය.
"ෆො ෆිෆ්ටි රුපීස්" යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.
"ඉස් දැට් ටෲ" පොලිස් නිලධාරියා තුන් වැන්නාගෙන් ඇසුවේය.
එවිට ඔහු "යර්ස්" යනුවෙන් තමන් දන්නා වචනය කීවේය.
පොලිස් නිලධාරියා විසින් මිතුරන් තිදෙනාම අත්අඩංගුවට ගනු ලැබිණ.
සැමියා : මැනේජර් මහත්තයා විගහට පස්වෙනි තට්ටුවේ 210 කාමරයට එන්න. මගේ නෝනා මැරෙන්න හදනවා. එයා ජනේලෙන් පැනලා මැරෙන්න හදනවා.
මැනේජර් : මහත්තයෝ ඒක ඔයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නේ. මං කරන්න ඕනේ මොනවද ?
සැමියා : ජනේලේ වහලා තියෙන්නේ. විගහට ඇවිත් ජනේලේ ඇරල දෙනවකෝ.
ඔහුට තර්ජනාත්මක දුරකථන පණිවිඩයක් ලැබිණ. ‘උඹ අපිට දශ ලක්ෂයක් එවන්න පොරොන්දු නොවුණොත් අපි උඹේ පවුල බලහත්කාරයෙන් පැහැරගෙන යනවා’. ඔහුගේ පිළිතුර වූයේ ‘අනේ සහෝදරයා මට ඒක නම් පොරොන්දු වෙන්න හැකියාවක් නෑ. ඒත් ඔයා ඔයාගේ පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කරනව කියලා මම බලාපොරොත්තු වෙනවා.’
මිතුරා : මොකද යාළුවා දාහට අරං සීයට දීලා වගේ ඉන්නේ?
ජයසෝම : මගේ පවුලත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා. එයා මාත් එක්ක තරහ වෙලා දවස් තිහකට මාත් එක්ක කථා කරන්නේම නෑ කිව්වා.
මිතුරා : ඉතිං ඒක සතුටට පත් වෙන්න කරුණක් නෙ.
ජයසෝම : සතුටට පත් වෙන්නේ කොහොමද අද. අද ඒකේ අන්තිම දවසයි.
දවසක්, අපි කියමු සුනිල් කියල, ගියා කොණ්ඩෙ කපා ගන්ඩ,
ඉඳගත්තා පුටුවෙ, ටික වෙලාවකින් බාබරය ආව පිටිපස්සෙ ඉඳල, කටත් එහෙම පිහදාල, කෙළ පාරකුත් මිදුලට ගහල කතුර එහෙම අරං පටං ගත්ත වැඩේ,
කෙලිං ඉන්ඩ බෑ, නප්පියට ගහල, වැඩේ තියෙන්නෙ බාබර් සාප්පු එකමයි තියෙන්නෙ, කල් දාන්ඩත් බැහැ, සුනිලා පහුවදා යනව මණමාලියෙක් බලංඩ,
දෙතුං පාරක් කතුරත් ඇනුන ඔලුවෙ, සුනිල් ඉතිං පණ බයේ පුටුව උඩම ඇඹරි ඇඹරි හිටියා, එක පාරක් ඕං සුනිලගෙ දකුනු කණ බේරුනෙ අනූනමයයි තුං කාලෙං,
බාබරය වැනි වැනි ගිහිං දැළි පිහිය ගාන්ඩ පටං ගත්ත කර ගලේ,
සුනිල් ඒ දිහා ඇස් දෙකත් නලලට අරං බලා ඉද්දි දැක්ක බාබර් සාප්පුවෙ දොර ගාව බුදියං හිටපු බල්ලා ලඟටම ඇවිත් ඉඳගෙන බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නව සුනිල් දිහාවෙ,
දැලි පිහිය දිහාවෙ හොරැහින් බලන ගමන් සුනිල් ඇහුවා,
” මේ ඔහෙගෙ බල්ල හරි උනන්දුයි වගෙ නේද කොණ්ඩ කැපිල්ලට?”
“ආ, මහත්තයො,මොන කොණ්ඩ කැපිල්ලක්ද, ඕකා ඔය බලාගෙන ඉන්නෙ කං කෑලි එහෙම කැපිල විසි වෙන කොට කන්ඩ නෙව”
“තෙනලිරාමා රාජ සභාවේ ලොකු බලවතෙක් නිසා ඔහු ළඟ හුගක් ධනය ඇති.” නගරයේ හොර මුළක් හිතුවා. එදා රෑ තෙනලිගෙ ගේ බිඳින්න හිතාගෙන ඔවුන් වත්තේ හැංගිලා හිටියා.
කොයි වෙලාවක හරි තමන්ගේ ගේ බිඳින්න ඉඩ තියෙන බව තෙනලිත් දැනගෙන හිටියා. ඔහු එදා රෑ භාර්යාවට මෙහෙම කිව්වා.
“මේ ඇහුණාද? දැන් මේ හැමතැනම හොරු. ඔය රත්තරන් බඩු ටික පොදි බැඳලා මට දුන්නා නම්.. ළිඳේවත් හංගන්න ඕනේ.”
ඊට පස්සේ ගෙට ගිය තෙනලිරාමා ආපහු ඇවිත් ළිඳ ළඟට ගිහින් ලොකු පොදියක් ළිඳට දැම්මා. හොරු මැදියම් රැයේ ළිඳ වටේ රැස්වුණා. දැන් ඔවුන් හඬ නොනැගෙන විදිහට ගජරාමෙට ළිඳ ඉහිනවා. වත්ත පුරා ම වතුර ගලාගෙන යනවා. පහුවදා හිමිදිරිය වෙනකල් ම මේ වැඩේ කෙරුණා. ඒත් ළිඳේ වතුර තවම හිඳුණෙ නෑ.
හිමිදිරි උදේ ම අවදිවුණු තෙනලිරාමා, ඇඟමැලි කඩමින් ළිඳ දිහාවට ගියා. “කොහොම හරි එළවළු පාත්ති ටිකටයි මල්පාත්ති ටිකටයි ඔය යස අගේට වතුර ටික වැටිලා තියෙන්නේ...”
ජීවිතේ පළවෙනි වතාවට හොරු එදා පණ එපා කියලා දිව්වේ හිස් අතින් වගේ ම ලැජ්ජාවෙන්.
Reply With Quote
දිනක් ක්‍රිෂ්ණදේව් රායි රජු බැහැ දැකීමට දුරබැහැර දේශයකින් මහා උගතෙක් පැමිණියා. ඔහු රජුගේ පුරෝහිත මණ්ඩලයට අභියෝග කළා. මම ඔබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඔබලා කැමති තනි අමාරු ප්‍රශ්නයකට ද? නැතිනම් ලෙහෙසි ප්‍රශ්න සීයකටද?
මේ අභියෝගය අනෙක් බමුණන්ට භාරදීමට රජු පැකිළුණා. ඒ නිසා ඔහු තෝරා ගත්තේ තෙනලිරාමාවයි. තෙනලි කෝකටත් කියා තනි අමාරු ප්‍රශ්නය තෝරා ගත්තා.
විදේශයෙන් පැමිණි උගතා මෙහෙම ඇහුවා. “ඔබ මට කියන්න මුලින් ම මේ ලෝකයට බිහිවුණේ බිත්තරය ද කිකිළිය ද?
කිකිළිනේ.... ඕක අහන්නත් දෙයක්යැ... ඕකද ඔබේ මහලොකු ප්‍රශ්නය? තෙනලිරාමා කිසි ගාණක් නැතිව උත්තර දුන්නා.
“හහ් එහෙමද හිතන්නේ...? ඇයි මොකක්ද ඒකට හේතුව...?” උගතා පුරාජේරුවෙන් ඇසුවා.
“මේ උන්නැහේ... මම උත්තර දෙන්නේ එක ප්‍රශ්නයකට විතරයි කියලා කලින්ම කිව්ව නේද?”
ඒක තමයි තෙනලිරාමාගෙ පිළිතුර වුණේ.
ක්‍රිෂ්ණදේව් රායි රජු තමන්ගේ පුරෝහිත මණ්ඩලයට ප්‍රණීත භෝජන සංග්‍රහ පවත්වන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. වරක් ඔහු පවත්වපු එවැනි භෝජන සංග්‍රහයක රසම රස වම්බටු බැදුමක් තිබුණා. තෙනලිරාමා වම්බටු කන්න බොහොම පෙරේතයි. රජ ගෙදර භෝජනාගාරයේ දී රාජකීය වම්බටු බොජුනෙ, රස බැලුව ඔහුට තමන්ගේ හාමිනේගේ අතින් ඒ වම්බටු භෝජනය හදාගන්න කල් ඉවසීමක් නැහැ. එදා හවස තෙනලි ගෙදර ගියේ රාජකීය උද්‍යානයෙන් වම්බටු කිහිපයක් හොරකම් කරගෙන.
වම්බටු බැදුම තෙනලිගෙ ගෙදර කුස්සියේ රජ බොජුනටත් වඩා රසවත් ලෙස හැදුණා. දැන් තෙනලිට එහි රස බලන කල් සුනංගු වෙන්නත් බැරි ගානයි. එහෙත් ලොකු ප්‍රශ්නයක්. තෙනලිරාමා පුතාගේ කටින් මේ ගැන රජතුමාට කියවෙන්න බැරි නෑ. එහෙම වුණොත් විසුම් හමාරයි. තෙනලි මේකට උපායක් යෙදුවා.
රෑ බෝ වුණා ම තෙනලිරාමා පුතා ළඟට ගියා. පුතා හොඳට ම නිදි. ඔහු පුතාගේ ඇඟට වතුර බාල්දියක් හැලුවා. “ඔතන ඉන්න එපා. පුතාගේ ඇඟට හොඳට ම හිරිකඩ වැදිලා. යමු යමු ඇතුළට ගිහින් නිදාගනිමු” එහෙම කිව්ව තෙනලිරාමා, පුතා ව ඇහැරවගෙන ගේ ඇතුළට එක්කරගෙන ගියා. නිදාගන්න කලින් රසම රස වම්බටු භෝජනයේ රස බලන්නත් පුතාට අවස්ථාව ලබා දුන්නා.
ඊළඟ දවසෙ රජගෙදර එක ම ගාලගෝට්ටියක්. රජතුමාගෙ උයනෙන් වම්බටු හොරකම් කරන්න තරම් නිර්භීත වුණේ කවු ද? මෙහෙම දෙයක් කරන්න තරම් බයනැති එකම කෙනා තෙනලි රාමා විතරක් බව ක්‍රිෂ්ණදේව් රායි රජ්ජුරුවො දන්නවා. ඒත් තෙනලි කපටියා. ඔහුගෙ කටින් නම් කවදාවත් ඇත්ත. එළිවෙන්නෙ නෑ. හැබැයි පොඩි ළමයි බොරු කියන්නෙ නැති බව හැමකෙනෙක්ම දන්නා දෙයක්නෙ. ඒ නිසා රජතුමා තෙනලිගෙ පුතාව රාජ සභාවට කැඳෙව්වා.
“ඊයේ ඔය ළමයාග ගෙදර වම්බටු එහෙම කෑමට ඉව්ව ද?” රජතුමා ඇහුවා.
“එහෙමයි රජතුමනි, ඊයේ රෑ අනෝරා වැස්සක් වහිද්දි තාත්ත මාව ඇහැරවගෙන එක්කරගෙන ගිහින් වම්බටු කන්න දුන්නා.” තෙනලිගෙ පුතා කිව්වා.
“මොනවා...?” රජතුමා පුදුම වුණා.” මං හිතන්නේ මේ ළමයා හීනයක් දැකලා වගේ... ඊයේ රෑ වැස්සෙ නෑනෙ..” රජතුමා හිස කසමින් කල්ප
අන්දරේට රජතුමාගේ බිසව ගැන ආශාවක් ඇතිවිය.
රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”
අන්දරේ ඊට එකඟ විය.
මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රෝයල් කිචන් එකට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.
ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.
“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.
“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.
“ඒක තමයි අන්දරේ, ඔය කොයි …බඩුවත්……..ත් එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය.
‘දැන් මහ ලොකුවට වස කුප්පියක් අරගෙන කුස්සියට දිව්වේ වහ බොනවයි කියල. කෝ තවමත් ඔය වස කුප්පිය එහෙමම නෙ.’ යමුනා කුස්සියට එබී බලා එහි බංකුවක වාඩි වී සිටි දයානන්දට කීවේ සෝපහාසයෙනි.
‘වහ බොන්නේ මොකෙන්ද ගෑනියේ? කෝ, කුස්සියෙ තියෙන එක වීදුරුවක් වත් හෝදලා නැහැනෙ.’ දයානන්ද කීවේ කෝපයෙනි.
පේ‍්‍රමදාස, සිරිපාල සමඟ තැබෑරුමට ගොඩ වී රා පොල්කටු දෙකක් එක හුස්මට බී අවසන් කොට සිරිපාල ගෙන් මෙසේ ඇසීය.
“උඹ දන්නවද ‘රා’ වල තියෙන විශේෂත්වය.”
“මොකද්ද බං විශේෂත්වය?” සිරිපාල ඇසුවේ රා මතින් අඩවන් වූ ඇස් අමාරුවෙන් අරිමිනි.
“ඇයි බං, ‘රා’ එක අකුරෙන් ලියන්ඩ පුළුවන්. ඒ වගේ ම එක හුස්මට බොන්ඩත් පුළුවන් නෙ.” පේ‍්‍රමදාස කීය.
“මම මේ මඟ බලා හිටියෙ ඔයා එනකං තමයි. ‘මෙන්න රත්තරන් වළලු ජෝඩුවක්.’ කියල මහ උජාරුවට ගිය මාසෙ මට ගෙනත් දීපු වළලු ජෝඩුව ආන් හොඳටම කළු ගැහිලා.” නිලන්ති කරුණාරත්න දුටු මනතින් පරල වූවාක් මෙන් කියවන්නට වූවාය.
‘ඉතින් ළමයෝ මම කිව්වයැ ඒ වළලු ජෝඩුව රත්තරන් කියල. මම ඔයාටනෙ රත්තරන් කිව්වෙ.’ කරුණාරත්න කීවේ කැඩුණු දත පෙන්නා සිනාසෙමිනි.
‘ඒයි මට හෙටම කණ්ණාඩි කුට්ටමක් ගන්ඩ වෙයි.’ වැඩ අවසන් වී නිවෙසට පැමිණි මෛත්‍රිපාල ඇඟපත සෝදා ගන්නට සූදානම් වෙමින් කීවේය.
‘ඒ මොකද වදේ මේ හදිස්සියෙම?’ බිරිඳ ඇසුවේ පුදුමයෙනි.
‘නෑ බං සුගුණවතී, මම සල්ලි ණයට ගන්න පොලීකාරයෙක් අද ළඟට එනකම්ම මම දැක්කෙ නෑනෙ.’ මෛත්‍රී සිනාවෙමින් කීය.
එය යුද සමයයයි. හදිසියේ බෝම්බ දැමීමක් සිදුවුවහොත් කුමක් කළ යුතු දැයි සියලුම රටවැසියන් දැනුවත් කර තිබිණ.
දිනක් රාත්‍රි අනතුරු හැඟවීමේ නළාවක් නොනැවතී මහ හඬින් නාද වන්නට වූ වහාම තම බිරිඳ අවදි කළ පේ‍්‍රමචන්ද්‍ර වහා ඇදෙන් බිමට පැන්නේ සුරක්ෂිත ස්ථානයකට දිව යන අදහසිනි. මේ අතර තම බිරිඳ විමලා ඒ මේ අත යමින් ප්‍රමාද වනවා දුටු ඔහුට ඉවසුම් නැති විය.
‘මොනවද විමලා කරන්නෙ, ඉක්මනට එන්නෙ නැතුව?’ ඔහු යටිගිරියෙන් කෑ ගැසුවේ කෝපයෙනි.
‘මගෙ දත් කුට්ටම නැති වෙලා...’ විමලා කීවේ විමසුම් නෙතින් ඒ මේ අත බලමිනි.
‘මෙන්න මෙහෙ එනවා යන්ඩ. අහසින් බිමට දාන්නෙ බෝම්බ. එහෙම නැතුව අපිට කන්ඩ කේක් නෙමෙයි.’ කියමින් පේ‍්‍රමචන්ද්‍ර විමලාගේ අතින් ඇදගෙනම දුවන්නට විය.
වික්‍රමාරච්චි සහ ඩග්ලස් දෙදෙනාම වාසය කළේ එකම බෝඩිමකය. ඩග්ලස් පුරුද්දක් ලෙස සෑම දිනෙකම බොහෝ රෑ බෝ වනතුරු වීණා වාදනය කළේය. දිනක් වික්‍රමාරච්චි ඩග්ලස් අමතා මෙසේ ඇසීය.
‘ඇයි තමුසෙ ගුවන් විදුලියෙ වීණා වාදනය කරන්ඩ යන්නෙ නැත්තෙ?’ ඩග්ලස් ගේ සිතෙහි එම පැනයෙන් මහත් උද්දාමයක් හට ගත්තේ ය. ඔහු ඉන් පිබිදී ආඩම්බරයෙන් සිනාසෙමින් මෙසේ ඇසීය.
‘ඇයි බං එච්චර හොඳට වීණා වාදනය කරනවද?’
‘නෑ ඒකමත් නෙමෙයි. තමුසෙ රේඩියෝ එකේ වීණා වාදනය කරන කොට අඩු ගණනෙ මට රේඩියෝ එක වහල දාන්ඩ පුළුවන් නෙ.’ වික්‍රමාරච්චි කීවේ කෝපය සඟවා
මේක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.
මේකයි කතන්දරේ..
දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු.
ඉතින් හදිස්සියෙම ඉස්පිරිතාලෙ නතර කරපු මේ කාන්තාවට, ඉස්පිරිතාලෙට යනකොට නවතින්න රෙද්දක්වත් අරන් යන්න බැරි වෙලා, මොකද හදිස්සියෙම ගිහින් තියෙන නිසා, ඉතින් මේ කොල්ලො දෙන්න(අයියයි, මල්ලියි )අම්මගෙ ඇඳුමකුත් අරන් ගියාලු, බලන්න ඉස්පිරිතාලෙට,
ඉතින් ඔහොම යනකොට බස් එකෙ සෙනග පිරිලලු, ඉතින් දෙන්නගෙන් අයිය පිටිපස්සෙ, මල්ලි ඉස්සරහ, බුස් එක ඇතුලෙ.ඔය යන අතරෙ බස් එක පොලොසියෙන නතර කරල, මොකද ඉතින් ඒ කාලෙ බෝම්බ ගහන කාලෙ, හැමෝවම චෙක් කරනව. ඉතින් බස් එක නවත්තල පෝලිමට කස්ටියව තියල චෙcක් කරනවලු. දැන් මල්ලිට පිටිපස්සෙන් අයිය යනවලු පෝලිමෙ.
පොලිසි කාරයෙක් ඇහුවලු මල්ලිගෙන් කොහෙද යන්නෙ කියල, ඉතින් මූ භය වෙලා කියාගන්න බැහැලු යන්නෙ ඉස්පිරිතාලෙට කියල, ඉතින් පිටිපස්සෙන් උන්න මූගෙ අයිය කියල, ඉස්පිරිතාලෙට කියල. ඒ ගමන පොලිස් කාරයට තද වෙලා උම්බෙන්ද ඇහුවෙ, ඇයි උම්බ අයියද, කියල ඇහුවලු. ඊට පස්සෙ අරූ කිව්වලු, ඔව් ඇයි අයිය තමා කියල. ඒට පස්සෙ පොලිස් කාරය මූ ලඟට ඇවිත් කකුලෙ ඉඳන් මූනට වෙනකල් බලල ඇහුවලු සැරෙන් මොකද පාට් දාන්නෙ, තමුසෙගෙ බෑග් එකේ මොනාද තියෙන්නෙ කියල.
ඉතින් කොල්ල කියල, "අම්මගෙ රෙද්ද"කියල.
කොල්ල එතනම හොඳ ගුටියක් කාපු බව තමයි ආරන්චි..
කොළඹින් බැහැර ප්‍රදේශයක සේවය කළ දයානන්ද මෙවර තම නිවෙසට පැමිණියේ මාස තුනක ඇවෑමෙනි. තම නිවෙස වෙත දිවෙන මාර්ගය වෙත හැරුණු ඔහුට තමාට තරමක් ඉදිරියෙන් තම බිරිඳ යමුනා යනවා පෙනුණි. මාස තුනකින් නොදුටු බිරිඳට තම ආදරය එක්වරම පළ කරන්නට සිතූ ඔහු වහා දුවගොස් පිටුපසින් ඈ බදා ගත්තේ ය. ඈ තිගැස්සී ආපසු හැරෙද්දී දයානන්දට තරු පෙනුණි. ඈ තම බිරිඳ යමුනා නොවේ. ඒ හා සමාන වෙනත් කාන්තාවකි.
‘අනේ නෝනා, මට සමා වෙන්ඩ. මට හිතුනේ නෝනා මගෙ පවුල කියල. පිටිපස්සට හැරිලා ඉන්න කොට නෝනා අපේ පවුල වගේමයි.’ දයානන්ද කිවේ තතනමිනි.
‘කිසිම වග විභාගයක් නැතුව මහ පාරක ඔහොම හැසිරෙනවද මිනිහො? තමුසෙට ඔළුවක් කියල දෙයක් නැද්ද, මී හරකා.’ ඈ කෝපයෙන් පුපුරමින් බැණ වැදුණාය.
‘අනේ ඇත්තමයි නෝනා, නෝනා කතා කරන්නෙත් අපේ පවුල වගේමයි’ දයානන්ද කීවේ විස්මයෙනි.
‘හුටා... කටට මැස්සෙක් රිංගුවා.’ නාට්‍ය ශාලාවේ සිට තම මෝටර් බයිසිකලයෙන් නිවෙස බලා යමින් සිටියදී දයා පසුපසට හැරී තම බිරිඳ ඈන්ට කීවේය.
‘ඕක ගණන් ගන්න එපා අනේ. මැස්සො කොහොමත් ජරා ගොඩවල්වලට රිංගනවා.’ ඈන් පිළිතුරු දුන්නාය.
ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩියනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ.
පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්.
ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.
Reply With Quote
පර්සි ටීචර්, වාර විභාගය ඉවර වුණ සැණින් 1-ජී පන්තියට අලුතෙන් මොනිටර් කෙනෙකු පත් කරයි. හැමදාමත් මොනිටර් වෙන්නේ, ඉස්කෝලේ හොඳ නම තියා ගෙන- දෙකට ගයින්ඩ බැරි ගානට ඉන්නා ළඳ හොමයි ම විතරක් නිසා මේ සැරේ වෙනසක් කරන්නට උවමනා යැයි ටීචර්ට සිතිණි. ඒ අනුව පන්තියේ සිටි හොඳම ගල් ආනාදියා වූ ඇම්ඩන් සිල්වා ළමයා මොනිටර් කරන්නට යෙදිණ.
ඇම්ඩා ළමයා ඒ වන විටත්, ඉස්කෝලේ ශබ්ද විකාශන ඒකකයට රිංගා ජෝගි නටා, එතැන හිටි කොල්ලන්ගෙන් අම්බානක ගුටි කා තිබීම, ගුරුතුමා ට අනං මනං කියන එක එකා සොය සොයා උන්ට දත් නැතිව බත් කන්නේ කෙසේද යන පාඩම කියා දී තිබීම, බවුද්ද සමිතියේ නම විකුණා ඉස්කෝලේ ළමයින්ගේ පොකට්මනි කප්පම් ගැනීම, පාසල් සමිතියේ රැස්වීම වෙලාවේ ඔන්න බුදු වුනෝ මෙන්න බුදු වුනෝ වාගෙ හිටි සිරි මංගල ළමයාගේ හංගා ගෙන හිටි බිත්තර දෙක පොඩි පට්ටම් කිරීම, කට ඇරියොත් ගොං කතාවක් කියා ඉස්කෝලෙම හිනැස්සවීම සහ එකී නොකී මෙකී කාරණා ගණනාවක් නිසා මේ තනතුරට උවමනාවටත් වැඩියෙන් කොලිෆයිඩ් වී සිටියේය.
තීරණය දැනුම් දුන් සැණින් පන්තියේ අහු මුළු වල එක එක කෙඳිරි ගෑම් ඇහෙන්නට වූ නමුත්, ඒ සියල්ල පරයා නැගී සිටි අබේගින්දර ළමයා කියා සිටියේ ''දඟ ළමයා මොනිටර් කිරීම'' මේ ලෝකයේ පමණක් නොව මුළු මහත් සෞර ග්‍රහ මණ්ඩලයේම මෙතෙක් සිදු කළ නුවණක්කාරම ක්‍රියාව බවයි. ඒ අසා ටීචර්ට හිතුණේ යකෝ මං දවල්ට කද්දි ළඟට වෙලා හොර ගල් අහුල අහුලා ඉඳලා ඉතුරු වෙන මස් කටු ටිකට වැඩේ දීලා, හවසට හවසට ගුරු නිවාසයට ඇවිත් කකුල් මසාජ් කරන අබේගින්දර ළමයා මට මේ තරං කඩේ යනවා නම්, අර උතුමාගේ පා දූවිලිවලටත් උම්මා දෙන දණමිණ අබේගින්දරයා මොන තරං කඩේ යනවා ඇත්ද කියාය.
පීරියඩ් ඉවර වෙන බෙල් එක වැදුණ පසු, ටීචර් වෙන පන්තියකට මාරු වුන අල්ල පනල්ලේ, ඇම්ඩන් ළමයා කැන්ටිමට දුවලා කේක් එකක් ගෙනවිත් පන්තියේ හිටි සතුරන්ට ද මිතුරන්ට ද කැව්වේය. ඉස්පොල්ලෙ යන තුරු කේක් කෑ පුෂ්පයක හැඩය ගත් කටක් ඇති එක් කුමරෙක් හිතුවේ ටීචර් බුදු වරයෙකු බවත්, ඇම්ඩන් මොනිටාර්තුමා ඒ බුදුවරයා ළඟ බුදු වීමට පෙරුම් පුරන බෝසත් උතුමෙකු බවත් තමා උදේ පාන්දර රටටම පෙනි පෙනී ඒ බුදු උතුමන් ගේ සිරි පතුල් වලට පෑගෙන පද්මයක් බවත් ය. වික්ටාර් වන්-අයි ළමයා හිතුවේ මේ නම් ''මට පෙනෙන හැටි!'' කියාය. පත් වීමට විරුද්ධ ළමයි ද කේක් නොකෑවොත් අම්බානක කන්න වෙන බව දන්නා නිසාම, කාං කූං ගෑවිල්ලේ කේක් ටික දෙසා බා ඕනෑම සුනාමියකට එවරෙඩි වීමට ඉටා ගෙන වලිග පුටු අස්සේ හංගා ගත්හ. තමන්ගේ අලුත් මොනිටාර්කම ගැන ඔය බබාලා මොකද හිතන්නේයි ඇම්ඩා ඇසූ විට, එතෙක් වෙලා කේක් අඹරමින් හිටි විකල්ප මතධාරී බබ්බුන්ගෙන් කොටසකට හදිසි දත් කැක්කුම් ද මාරාන්තික බඩ බුරුල් වීම් ද කටේ පණු ගෙඩි ද යනා දී දහසක් හේතු මතු වෙන්නට වූ අතර ඔවුහු කොටසක් ඩෙන්ටල් එකට ද කොටසක් ටොයිලට් එකට ද දිරාමාර් වී යන්නට වූහ.
පර්සි ටීචර් පාසල ඇරී එදා ගුරු නිවාසයට ගියේ, අලුත් මොනිටාර් ළමයා ද අතේ එල්ලා ගෙනය. ඇම්ඩන් කොලුවා ද කලිසම උස්ස උස්සා ටීචර් එක්ක සිංදු කිය කියා ගියේය.
මං හිතියේ හීනෙං අයිපා මැත් එකේ නාමල් මාමිත බෝලයක් දම දමාය. නාමල් මාමි උද පැනලා ලත්තනම ලත්තන හයේ පාලක් ගහනකොතම දඟයා දූවගෙන ඇවිදිං මං දොයියං හිතපු ඇඳත පැන්නාය. හීනේ හොඳම හලිය කාපු හන්දා මං දඟයාත තොක්කක් ඇන්නෙමු. දඟයාත් මත තොක්කක් ඇනලා මගෙන් ඇහුවේ ඔයා කැමතිද අදීක්සොන මන්තිරී කෙනෙක් වෙන්ද කියලාය. දඟයා කියන ඕනෙ දේකත හා කියන හන්දා මං ඒකතත් හා කිවුවෙමු.
දඟයාත අදීක්සොන මන්තිරිකොමක් දීලා තිබ්බේ දඟයාගේ අම්මාය. ඉත්තෙල්ලාම අපිත සිද්ද උනේ දඟයාගේ මද්දු අක්කාව අදීක්සොනය කොලන එකය. මද්දු අක්කා එයාගෙ කාමලේ දොල වහගෙන ඇතුළේ ඉන්න කොත, අපි දෙන්නා දොලේ හිලෙන් ඇතුළ බලං ඉන්නවාය. අක්කා දොල වහගෙන කොලන්නේ හොලෙං හොලෙං ඇස් ඇම් එස් ගහන එකයි හොල පූතියෙක් වගේ කාතද මන්දා හෑං පෝං එකෙං කතා කොලන එකය. අපි හිලෙන් බල බලා ඒ කේලම දඟයාගේ අම්මාත කීවෝය. අම්මා කොත්තක් ගෙනත් කොත්ත කැදෙන කල්ම මද්දු අක්කාත ගහන්ද ගත්තෝය. හෑං පෝං එකත් පොලේ හැහුවෝය.
ඊතත් පත්තේ අපි අදීක්සොනය කොළේ දඟයාගේ ලොකු අයියාගේ කාමලයයි. අයියායි එයාහෙ ලාලුවොයි කාමලේ ඇතුලේ පාදම් කොලද්දී අපි දෙන්නා දොලේ හිලෙන් අදීක්සොනය කොලන කොත අයියායි ලාලුවොයි කාමලේ හොලෙන් සිකලත් බොනවා දැක්කෝය. එලියත ගඳ එනවාත ලොකු අය්යා හඳුන් කූලක් පත්තු කොලාය. අපි අම්මාත කේලම කිවුවාත පත්තේ අම්මා ඇවිත් ලාලුවන්වත් එලෝලා ලොකු අයියාත පිති අනන ලොකු හැන්දකිං ගැහුවාය. ආයේ සිකලත් බිවුවොත් කත පුත්තනවා කියා ද කිවුවෝය.
ඊතත් පත්තේ අපි අදීක්සනය කොලේ දඟයාගෙ ලොකු අක්කාවයි අක්කාගේ බෝයි පෙංඩ් ගොද්දිං අයියාවයි දෙන්නාවය. ගොද්දිං අය්යාත් අක්කාත් සාලේ කතා කොල කොල ඉන්නකොත දඟයාත් මමත් අල්ලපු කන්තෝලු කාමලේ දොල වහගෙන හැංගිලා දොලේ හිලෙන් ඒ දෙන්නාව අදීක්සොනය කෙලුවාය. ගොද්දිං අය්යා කතා කොල කොල ඉන්න ගමං වත පිත බල බලා හොලෙං හොලෙං ලොකු අක්කාත උම්මා දුන්නාය. ගොද්දිං අය්යා ගියාත පත්තේ කාමලෙං එලියත ඇවිත් අපි ඒ කේලමත් අම්මාත කිවුවෙමි. අම්මා ලොකු අක්කාත ගේ වතේ එලෝ එලෝ ඉදලක් කැදෙනකල් ගැහුවෙමු.
දිගතම මෙහෙම හිල් වලින් අදීක්සොනය කොලලා කොලලා අන්තිමේදී හැමෝම අපි එක්ක තලහ වුනාය. තලහ උනාම පාදුව ඉතිං අපිතමය. අංතිමත වුනේ ගොද්දිං අයියා අක්කා බලන්ද එද්දී ගේන සීනි මුලුක්කු මුල් දෙකත් නැතුව යාමය. හැමෝම අපි එන කොත ඔන්න එනවා ''හිල් බලකාය'' කියලා මොකද්ද මන්දා අපිත නොතේලෙන කතාවක් කියන්ද ගත්තු හන්දා අපි අදීක්සොනය කොලන එක අත ඇලලා වෙන වෙන සෙල්ලං කොලන්න ගත්තෝය. අපි වෙන සෙල්ලං කොලන්න ගත්තු හන්දා ද කොහෙද ගොද්දිං අයියා ලොකුම ලොකු තොකලත් දෙකක්ම ගෙනත් දුන්නාය.
ගුරැතුමා - වායුවෙ ඔක්සිඡන් වායුව තිබෙන බව හොයා ගත්තේ මීට අවුරැදු 200 ඉස්සර.
ළමයා - හැබෑටම සර් ඊට ඉස්සර මිනිස්සු හුස්ම ගත්තේ මොනවද?
ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන..
මොකක්ද දන්නවද?
රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.
බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා.
රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල.
බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව.
මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව.
හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා)
වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා.
බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව.
රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා….
රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා.
මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල.
කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා.
පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත.
පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා.
දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න.
දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා.
වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා.
වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල.
රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා.
සිරිපාල - මචං ඕන ගණංකාරයෙක් මට එකක් ගහයි . හැබැයි දෙවැනි එක ගහන්න බඩ ගාගෙන එන්න වෙයි .
මාතුපාල - එහෙනං උබත් හොද ගණංකාරයෙක්නේ.
සිරිපාල - නෑ.එතකොට මම ඇද යටනේ.
ඇම්ඩන් දවසක් මිනිහගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.මේ යාලුවා වැඩ කරන්නේ හමුදාවේ දූර විහිදුම් බලකායේ.මිනිහා එකේ ස්නයිපර් කාරයෙක්.පස්සෙ මේ දෙන්නා ජොලියටත් එක්ක ස්නයිපර් තුවක්කු දෙකක් අරගෙන ලඟ තියෙන කැලයකට ගියා දඩයම් කරන්න. ඇම්ඩන් කැලේ තියන ගහකට නැගලා මේ ආමි යාලුවාගේ ගෙදර මොනවද වෙන්නෙ කියල ස්නයිපර් තුවක්කුවේ බයිනොකියුලර් එකෙන් බලනවලු.
ඇම්ඩන්- යකෝ උඹේ ගෑනිත් එක්ක අල්ලපු ගෙදර සිල්වා සෙක්ස් (sex)කරනවා.
යාලුවා- පර බැල්ලි, ඔය තුවක්කුවෙන් එකක් තියපන් ඕකිගේ ඔලුවට, අනික තියපන් සිල්වගේ මුන්ඩෙට(ලිඟුවට)
ඇම්ඩන්-ෂොට් දෙකක් ඕනි නෑ. මට දෙකම වන් ෂොට් එකකින් ගන්න පුලුවන්
ඔන්න දවසක් පොරවල් දෙකක් ටවුන් එකේ පාරක් දිගේ ඇවිදගෙන යනවලු. දෙන්න හොඳ යාළුවොලු. ඇතින් ඉස්සරහට ගෑණු දෙන්නෙකුත් එනව පේනවලු.
ඒ බව දැක්ක ගමන් එක පොරක් කඩාගෙන බිඳගෙන පාරෙ අයිනෙ තිබුණ හෝටලයක් ඇතුලට ගිහින් පස්සෙ දොරෙන් පිටවෙලා හැංගුණා ලු.
මෙන්න බොලේ බැලින්නං අනිත් පොරත් දුවගෙන එනවලු හෝ ගාල.
"මචං මාර වැඩේ නේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, මගෙ ගෑනියි හොර ගෑනියි දෙන්න එකට එනව දැක්ක අපි ඉස්සරහට ඒකයි මං හැංගුනේ" මුලින්ම දුවපු පොර කිව්වලු.
"මටත් ඕකම තමයි මචෝ වෙන්න ගියේ.. ..!!!" ඒ අනිත් එකා කිව්ව දේ.
ගුරුවරයා – “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ෙකරන කවියක් ලියන්න කියලා…… ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
ඇම්ඩන් -
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
ගරුවරයා – “තරමක් හොඳයි……… ඇම්ඩන් කවිය ලියනකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”
ඇම්ඩන් – “මෙහෙමයි ස…ර්….. රතුළූණු පොත්ත ගලවනකොට ඇඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇඬෙනවනේ…
ඔන්න ඇම්ඩන් පොඩි කාලෙ හෙන මැට්ටලු..
ස්කෝලේ වැඩක් කරන්නෙම නැල්ලු..පිස්සුමලු කෙලින්නෙ
මේ වැඩේ හරියන්නෙ නැති හින්දා තාත්තා කිව්වලු පුතා
පන්තියෙ පල වෙනියා උනොත් මම ඔයාව සත්තු වත්තට* එක්*ක*ගෙ*න* ය*න*වා* කි*ය*ලා*..
ඇම්ඩා මීට් දාල දලා*කො**ම* *රි* ප*න්*ති*යෙ* පලවෙ*නියා* උ*නා*ලු*..
ඇම්ඩට උ*න* පො*රො*න්දුව අහක දාන්නත් බැරි හින්දා මූව සත්තු වත්තට
එක්කගෙන ගියාලු....
දැන් ඔහොම යන අතරේ ටැප් එකක් ඇරලා වගේ සද්දයක් එනවලු
බැලින්නම් අලියෙක් අරක ෆුල් එලියෙ දාගෙන පම්ප් එකක් දානවලු..
ඇම්ඩා ශේප් එකේ දන්නෙ නැහැ වගේ තාත්තගෙන් ඇහැව්වලු
තාත්තේ අර මොකක්ද කියලා..
තාත්ත බයවෙලා වගේ කිව්වලු..
ආපෝ පුතේ ඕක මහා භයානක දෙයක් කියලා
කට්ටියම සත්තු වත්ත වටේ ඇවිදලා ආයෙත් අලියො ඉන්න තැනින් යද්දි
තව අලියෙක් අර වැඩේම කරනවලු..
ඇම්ඩා පොඩි එකා වගේ අම්මගෙන් අහනවලු අම්මේ
ඒ මොකක්ද කියල..
අම්ම කිව්ව්ලු ආ පුතේ ඕක සුළු දෙයක් කියලා
දැන් මූට මේක හෙන ප්*රශ්නයක්ලු
මූට අම්බානෙක මල පැනලා තාත්තගෙන් අහනවලු
මොකක්ද තාත්තෙ මේකේ තේරුම..
මොකේ තේරුමද පුතා?
අර දෙවෙනි අලියව පෙන්නල ඇම්ඩා කියනවලු
තාත්ත කියනව මේක මහා භයානක දෙයක් කියලා..
අම්ම කියනව මේක සුළු දෙයක් කියලා...
එතකොට කවුද හරි කවුද වැරදි?
ඇම්ඩගෙ තාත්ත ශේප් එකේ කියනවලු...
ආහ්..ඉතින් උඹලගෙ අම්මටනම් ඕක සුළු දෙයක් වෙන්න ඇති කියලා...
මම කියන්න යන්නෙ ඇම්ඩන්ගෙ කතාවක් ..හෙහෙ නම කියද්දිත්
කට්ටියට හිනා යනවා නේද??
මේ කතාවෙ අන්ථර්ගතය ටිකක් අඩු කරල තියෙන්නෙ...(වචන එහෙම)
නැත්නම් ඉතින් බැහැනෙ නේද?? හික්ස්..
මේකයි කතාව...
ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...
මිනිහා මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..හික් හික්..
පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැනැ ශුවර් එකකුත් නැහැල්ලු..
ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ්
එකක් හොයනවලු..ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...
මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..
ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා
පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...
දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...
දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...
කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..
උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..
ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...
දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..
හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...
අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
මාර වැඩකාරයෙක් තමා..හික්ස්..
මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...
පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
ජොබ් එකක් හොයලා දෙන්න කියලා...
ඇම්ඩන් මළ වද කාරයෙකි. මූ නිසා ඇම්ඩන් ගේ අම්මටයි අප්පච්චිටයි සොමියක් ගන්නවත් බැරිය. වැඩේට සෙට් වෙන විටම මූ ඔළුව දමයි. වදෙන් බේරීමට බැරිම තැන ඇම්ඩන් පියා අපූරු උපායයක් කල්පනා කළේය.
පියා: “ඇම්ඩන්, මෙහෙ එනවා, තමුසේ අතන බැල්කනියට ගිහින්, එතන ඉඳන් වටේ පිටේ වෙන දේවල් අපිට ඇහෙන්න කියනවා. හැබයි මම කියනකම් මෙහෙට එන්න බෑ”
ඇම්ඩන්: “හරි”
ඇම්ඩන් බැල්කනියට වි වටපිට බලමින් යන එන වාහන, මිනිසුන් ගැන කියවයි. ඇම්ඩන් පියා ඒඅතර උඩ පැන පැන පොළි එක්කම ගහමින් සිටී. හදිසියෙම ඇම්ඩන් මෙසේ කෑ ගෑයේය.
ඇම්ඩන්: “සමරෙ අන්කලුයි, ඇන්ටියිත් දාගෙන ****”
ඇම්ඩන් පියා: “තමුසේ මොකද එහෙම කියන්නේ?” ඇම්ඩන්: “සුමනාත් (සමරේ යුවලගේ දියණිය ) එළියට වෙලා පාරෙ යන දේවල් ගැන අප්පච්චිට කියනවා
වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.
ඇම්ඩන් දැන් ඉන්නේ අධිකරණ ශාලාවේය. ඇම්ඩන් ගේ නීතිඥයා ඉදිරිපත් කල කරුණු සියල්ලම ගුරුතුමියුඅගේ නීතිඥය විසින් බිඳ හෙලන ලදි. නඩුව පරදින බව තේරුම් ගත් ඇම්ඩන් ගේ නීතිඥයා අවසන් තුරුම්පුව ගැසීය. ඔහු ඇම්ඩන් ගේ කලිසම ගලවා ලිංගය අධිකරණ ශාලාවට පෙන්වීය.
“මේ වගේ පොඩි එකකින් ඔහොම වැඩක් කරන්න පුලුවන්ද?” නීතිඥයා ඇසීය. නැවතත් ඔහුඉ ඇම්ඩා ගෙ ලිඟුවෙන් අල්ලා “ස්වාමීනි ඔබ හිතනවද මේ කොල්ලට එච්චර දෙයක් පුලුවන් කියල”
අනවශ්‍ය අතපත ගෑම් නිසා වැඩේ අප්සට් වන බව ඇම්ඩන් ට වැටහුනි. හෙමින්ම නීතිඥයාට ලං කළ ඔහු “හා හා නීතිඥ මහත්තය වැඩිපුර අල්ලන්න එපා, නඩුව පරදියි”
බර අඩු කිරීමේ ක්ලිනික් එකකට ගිය මහත පුද්ගලයෙකුට බර අඩු කර ගැනීමේ සැලසුම් තුනක් ඉදිරිපත් කෙරිණි. එක සැලැස්මක මිල පවුම් 100කි. අනෙකේ මිල පවුම් 200කි. තෙවැනි සැලැස්මේ මිල පවුම් 500කි. පවුම් 100 සැලැස්ම තෝරා ගත් මහත පුද්ගලයා ඇඟ පත සෝදා ගැනීමෙන් පසුව ඔහුට හුමාල ස්නානය කරන ස්ථානයට යන ලෙස දැන්වීය. එහි ගිය ඔහුට දක්නට ලැබුණේ පුටුවක වාඩි වී සිටින ඉතාමත් සුරූපී කාන්තාවකි. “මාව අල්ලා ගත්තොත් ඔබට මාව සිප ගත හැකියි!” යනුවෙන් සඳහන් පුවරුවක් එම කාන්තාවගේ හිසට උඩින් ප්‍රදර්ශනය කර තිබිණි.
මහත පුද්ගලයාට මීට වඩා උනන්දු කිරීමක් අවශ්‍ය නොවීය. ඔහු කාමරය වටේට කාන්තාව පස්සේ එළවාගෙන යන්නට පටන් ගත්තේය. ඇය අල්ලා ගැනීමට පෙර ඔහුට ලබා දී තිබූ කාලය අවසන් විය. එහෙත් ඔහුගේ බර රාත්තල් 10කින් අඩු වී ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහු ප්‍රීතියට පත් විය.
පසු දිනයේ යළි පැමිණි ඒ පුද්ගලයා පවුම් 200 සැලැස්ම මිලදී ගත්තේය.
යළිත් ඇඟ පත සෝදා ගත් ඔහුට යළිත් දැනුම් දුන්නේ හුමාල ස්නානය කරන කාමරයට යන ලෙසය. මෙවර ඔහුට දක්නට ලැබුණේ “ඔබ මාව අල්ලා ගත්තොත් ඔබට මාව සිප ගත හැකියි!” යන දැන්වීමක් යට පුටුවක වාඩි වී සිටින දෙපා නිරාවරණය කර ගත් අඩි උස සපත්තු පැළඳ ගත් අතිශය මනහර කාන්තාවකි.
මහත පුද්ගලයා එම කාන්තාව ලුහුබදින්න පටන් ගත්ත ද එම පුද්ගලයාට වෙන් කර තිබූ කාලය අවසන් වන තුරුම අඩි උස සපත්තු පවා පැළඳ සිටි කාන්තාව ඔහුගෙන් බේරී සිටීමට සමත් වූවාය.
ඊළඟ දිනයේ බර අඩු කිරීමේ ක්ලිනික් එකට යළි පැමිණි මහත පුද්ගලයා පවුම් 500 සැලැස්ම මිලදී ගැනීමට තීරණය කෙළේය. ඇඟ සෝදා ගෙන හුමාල ස්නානය කරන ස්ථානයට ඔහු ඇතුළු වුවද එය හිස්ව තිබිණි.
හදිසියේ ම ඇසුණු ශබ්දයක් නිසා වට පිට බැලූ ඔහුට දක්නට ලැබුණේ කාමරයට ඇතුළු වන දැවැන්ත පිරිමි ගෝරිල්ලෙකි. ගෝරිල්ලාගේ බෙල්ල වටේ තිබූ දැන්වීමේ මෙසේ සඳහන්ව තිබිණි.
“මම උඹව අල්ලා ගත්තොත් මම උඹව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යනවා!”
ඇම්ඩාගේ තාත්තා වැඩ කරන්නේ ෆයර් බ්‍රිගේඩ් එකේය. ඇම්ඩා තාත්තා කරන රස්සාවට මාර කැමතිය. තාත්තා මෙන් රඟපාන්නද කැමතිය. ෆයර් එන්ජින් එකක් නැති හින්දා ඇම්ඩා ඒකට ගන්නේ ඔහුගේ බයිසිකලයයි. තාත්තාගේ හෙල්මට් එකක් දාගන්න ඇම්ඩා........ ගෙදර ඉන්න බල්ලාව ලණුවකින් බැඳ අනිත් ෙකාන බයිසිකලයේ ගැට ගසාගනී. ඊට පසු වෙර යොදා බයිසිකලය පදී. බල්ලා විඳින දුක දුටු අසල ගෙදර උන් අයෙක් ඇම්ඩාට කියා සිටියේ පුතේ.... බල්ලාගේ බෙල්ලෙන් බැඳගත්තනම් ඔයාට මීටත් වැඩිය හයියෙන් යන්න පුළුවන්නේ ගිනි නිවන්න.
චූටිදුව - ආනේ..... මේ අම්මිගේ කොන්ඩේ කෙස් ගහක් ඉදිලා. මට දුකයි. කොහොමද අම්මි එහෙම වෙන්නේ?
අම්මා - ඒකනේ මම ඔයාට වැරදි කරන්න එපා කියන්නේ. ගෑණු ළමයෙක් නැහැදිච්ච, අවිනීත වැඩක් කලොත්, එයාගේ අම්මගේ කොන්ඩේ එක කෙස් ගහක් ඉදෙනවා. තාත්තිගේ එක කෙස් ගහක් ගැලවෙනවා. චූටි දුවත් ඒ වගේ වැඩක් කරන්න ඇති. ඒක තමයි මගේ කෙස්ගහක් ඉදෙන්න ඇත්තේ. අපි දන්නැති උනාට තාත්තිගෙත් එක කෙස් ගහක් වැටෙන්න ඇති.
චූටි දුව - ඒ කියන්නේ අම්මි හරිම අවිනීත , නැහැදිච්ච ගෑණු කෙනෙක්
අම්මා - ඒ මොකද චූටි දූ ?
චූටිදුව - සීයගේ තට්ටෙ පෑදිලා, ආච්චි අම්මගේ මුළු කොන්ඩෙම ඉදිලා
ඉතා රහසිගත යුධ සේවයේ තනතුරක් පිරවීම සඳහා පුරවැසියන්ගෙන් ලැබුන අයදුම්පත් සියල්ල පිරික්සීමෙන් අනතුරුව අවසාන පරීක්ෂණයට සුදුසුකම් ලැබූයේ තුන් දෙනෙකි. ඇත්තේ එක තනතුරකි. දෙදෙනෙක් පුරුෂයන් වූ අතර, එක් අයෙක් කාන්තාවකි. මොවුන්ගේ අවසාන පරීක්ෂණයේදී .....
පළමුවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
පරීක්ෂකයා දෙසත්, පිස්තෝලය දෙසත් මදක් බලා සිටි ඔහු, මේ සේවයට මා සුදුස්සෙක් නොවේ.... මට මෙය කල නොහැකියි. කියා පිටවී ගියේය.
දෙවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
පිස්තෝලය අතට ගත් දෙවැන්නා කාමරය පිවිස ටික වේලාවකි. කිසිත සද්දයක් නැත. ටික වේලාවකට පසු හඩමින් එලියට ආ ඔහු. අනේ මා කෙසේනම් ඇයව මරා දමන්නද කියමින් පිස්තෝලය පරීක්ෂකයාට දී බිරිඳගේ අතින් අල්ලාගෙන පිටවී ගියේය.
ඉතිරිව ඇති කාන්තාව ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ ස්වාමිපුරුෂයා. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඔහු මරා දමන්න.
පිස්තෝලය අතට ගත් ඇය. මොහොතක් ඒ දෙස බලා සිටියාය. ඇය කාමරයට ඇතුළුවිය....
ගතවූයේ නිමේශයකි. පළමුවෙනි වෙඩි ශබ්දය පිටවිය. දෙවෙනි, තෙවෙනි ශබ්දද පසුව පුරවා තිබූ උණ්ඩ දහතුනම පත්තුවිය. කාමර තුල දැඩි ගුටි බැට හුවමාරුවක් සිදුවන බව පෙනී යයි. අවසානයේදී හඩමින් අවුල්වී ගිය හිසකෙසින් යුතුව එලියට ආ කාන්තාව...
තූ...... ....... නොදකින් පිරිමි ඔක්කොම එකවගේ..... තොපි ඇයි මට කලින් නොකිව්වේ පිස්තෝලෙට දාල තියෙන්නේ පුහු උන්ඩ කියලා. මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම්. දැන් කොහොමද යකුනේ මම ඌත් එක්ක ගෙදර ගිහින් ඉන්
ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා ඒ දවස්වල ලංකාවෙ යුද්දෙ තිබ්බනෙ මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට.
අපේ පොර හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.
අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න වෙන්නෙ
මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න බැරි උනා
ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්ම
ඩොක්ටර්ට හොද අදහසක් ආව.
ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගලවල හිට්ටවල තිබ්බ
ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලා ඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්
ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම ගලවලා බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව
"කටුව වැඩ උතුරට යවනු" කියල
ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා
ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.
දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ
ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
"හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ"......
"අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"
ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල
"හරි ඊට පස්සෙ මොකද කරන්නෙ....." ඩොකා ඇහුව
"කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."
ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න
"හරි පුතා ඊට පස්සෙ......"
"ඊට පස්සෙ ජංගිය ගලවනව"
"හරි හරි ඊට පස්සෙ...."
"ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....
"හරි ඉතිං ඔයාම කියන්නකො....."
"ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....." ඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුනා
අපේ ඇම්ඩ පන්තියේ හොදම ඇම්ඩන්
ඔන්න ස්කොලෙට පරීක්ෂකල එනව කියල කලින්ම ආරංචියක් ආව
ඇම්ඩන්ලගෙ පංති භාර සර් ඇවිත් පංතියට නිව්ස් එක දුන්න, ඒ එක්කම
ඇම්ඩන්ට කීව ඇම්ඩ උඹ පරිස්සමෙන් හිටපන් පැනල දීල වන කරන්නනම් එපා කියල අපේ පොරත් හා සර් කියල හිටිය
ඔන්න 10 - 11 විතර ටයි පොල්ලක් දාල කලු බෑග් එකකුත් අරන් පොරක් පන්තියට ඇඩ්මීට් උනා පොරත් එක්ක පන්තියේ සරුත් පැත්තකින් ඇවිත් වාඩි උනා
ඔන්න පරීක්ෂක වැඩේ පටන් ගත්ත ටික වෙලාවකින්
"හරි පුතාල කාටද පුලුවන් ලස්සන කතාවක් කියන්න".... පරීක්ෂක කීව අපේ ඇම්ඩ පැනපු ගමන් අත ඉස්සුවා
"හරි පුතා කියන්න බලන්න".....
පන්තිභාර සර් කලබල උනා පරීක්ෂකට හොරෙන් ඇම්ඩන් වාඩිවෙයන් කියල අතින් කීව
කොහෙද අපේ පොර "සර් ටිකක් ඉන්නකො"..... කියල කතාව පටන් ගත්ත
"ඔන්න එකෝමත් එක රටක හිටිය හාවෙකුයි හාවියෙකුයි"..... ඇම්ඩ එහෙම පටන් ගද්දි සර් දැන ගත්ත ස්ත්‍රී ලිංග පුරැෂ ලිංග දෙකක් ගත්තෙ ගම කන්න කියල සර් අයෙත් අතින් ඇම්ඩන් වාඩිවෙයන් කීව
"සර් ඉන්නකො....." කියල ඇම්ඩ අය පටන්ගත්ත
"ඉතිං ඔය හාව දවසක් හාවි ලගට කිට්ටු උනා......"
සර්ට හීන් දාඩිය දැම්ම "ඇම්ඩන් වාඩි වෙයන්....." අයෙත් අතින් කීව
"සර් ඉන්නකො "....." ඔන්න ඔය හාව තව ටිකක් හාවිට කිට්ටු උනා".....
සර්ට දැන් කකුලුත් වෙවුලනව "ඇම්ඩන් වාඩිවෙයන් ".....
ඇම්ඩට මල පැන්න ඔන්න ඉතිං හාව හු... න්න කලින් සර් මෙතන හු.... ව නෙ කීව
ඔන්න ඉතිං ස්කෝලෙම කාඩ් කුඩු
ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා
මූව බන්දලා දෙන්න ඔනෙ කියල.
ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අහරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.
ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල
ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව
ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදට
ඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා
"අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද වහලෙ උලු ගැලවෙන්න".... කියල
වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත්
මිනිහට එක පාරටම
"හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්" කියවුනා
එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු.
ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු (ගනිකා සේවනය) ඒ පලාතේ නොගහපු එකක් නෑතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.
අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු, "ආ.... උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද", "උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද"... කියල
ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිස රදයක්, තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑ
අපේ ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර එන ගමන් පාරෙ හිටිය වැස්සියෙක්ගෙ පස්ස පැත්තෙ ඇගිල්ල ගහගෙන ආවලු
ගෙදරට ආව විතරයි තාත්ත ඉව කරල බැලුවලු
මෙන්න ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන එලියට බැස්සලු
අපේ ඇම්ඩන් ඇහුව "තාත්තෙ කොහෙද යන්නෙ"..... කියල
"නෑ මේ මම නොදන්න අලුත් කෑල්ලක් බැහැල පොඩ්ඩක් බලල එන්නම්....." කියල හන්දිය පැත්තට ගියාලු
දිනක් තම දේශනය ඇරබූ මහාචර්ය වරයා තම වය්ද්‍ය සිසුන් අමතා මෙසෙ පෑවසීය
වයිද්‍යවරු උනහම ඔනැම අප්‍රසන්න දෙයක් විද දරා ගැනීමත්, මනා සුපරික්ශාවත් යන කරුනු දෙක තරයේ
හුරු කරගත උතු ගුනාන්ග දෙකක්
එසේ කියු මහචර්යවරයා මෙලෝ සතෙකුට ලන්කල නොහකි තරමේ ඉතා අප්‍රසන්න දියරයක් සහිත බදුනකට ඇගිල්ල දමා කටේ දමගෙන ඉරුවේය, ඉන් පසු තම සිසුන්ටඩ තම කල දෙය කරන ලෙස පැවසීය
ඉත අමාරුවෙන් අභියොගය ජයගත් සිසුන් මහත් වු අප්‍රියව මැඩගෙන අසුන් ගත විය
නැවත සිසුන් අමතු මහචර්ය වරයා " හොදයි ඔබ පලමු පරීක්ශනයෙන් සමත්,එහෙත් ඔබ සියලු දෙනාම දෙවන පරීක්ශනය අසමත්, මා කටෙ දමා ගත්තෙ භාජනයට දැමූ අගිල්ල නොවේ " යැයි පැවසීය
ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ(මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක් ).
ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා.
ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා.
ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා.
ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත මිනිහෙක් පේන්න වත් නැ. හැමදාම වගේ තනියම කොරන්ටත් මොකක්ද වගේ(ඔව් ඒක කොරන්ඩ තමා ).
ඇම්ඩට අලුත් අදහසක් ආවා. නිකන් ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න හිතුනා(බයවෙන්න එපා මෙයා. ඔක ඇම්ඩට විතරක් හිතිච්ච එකක් නෙවේ .
අතීතයේ පටන් පැවත එන දෙයක් . http://en.wikipedia.org/wiki/Zoophilia).
ඇම්ඩා ඔටුවගෙ පිටෙන් බැස්සා. බැහැලා බලනකොට තමා තෙරුනේ එතන ඇම්ඩගේයි ඔටුවගෙයි උස පිලිඹද ප්‍රශ්නයක් තියනව කියලා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා.
උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලිකන්දක් ගාවට (පොඩි වැලිකන්දක් කිව්වට ඇත්තටම නිකන් පොඩි ගැට්ටක් වාගේ තැනක්. ) ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට (ඔය ටික කිව්වම ඌ මොකද කරන්න යන්නේ කියලා ඕන එක්කුට තේරෙනවා ඇති කියලා හිතනවා ). ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන් ඉන්නේ නැතුව පැත්තකට ගියා.
ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා.ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්‍රයි කරනවා.
ඔහොම ටික වෙලාවක් ට්‍රයි කර කර ඉන්නකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා
බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා.
ඇම්ඩා මොනව උනත් සාධරන මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා.
ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂනය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට . දන්න වැඩ ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම (හරියට නිකන් දෙමල ෆිලම් එක්ක ප්‍රදාන නලුවා ගහනවා වගේ . පයින් පාරක් දුන්නම කැරකිලා ගිහින් මීටර් පනක් විතර ඈතින් වැටෙන්නෙ ).
විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා ඔක්කොටම ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා.
කෙල්ලට සිහි නෑ.ඇඳුම් ඔක්කොම ඉරිලා. ඇම්ඩා කෙල්ලව ආපහු ඇම්ඩා කලින් හිටපු තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා.ඊට පස්සේ වෙච්ච සම්පූර්න සීන් එක ඇම්ඩා කෙල්ලට කිව්ව.
කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උනා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ ( නිකන් සරාගී චිත්‍රපටි කෑල්ලක් වාගේ ).
ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව.
“ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න අයියේ….” කියල කිව්ව.
“නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ”
ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා.“ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින් කිව්වා.
එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව
” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?”
මේක මට කිව්වෙ මගෙ යාලුවෙක් ඌට වෙච්ච සිද්දියක් කියල.. ඒ වුනාට මට නං සුවර් නෑ ඕකව… මොනා වුනත් කතාව මරු (මට නං)..
Office ඇරුන වෙලාවට… ඒ කියන්නෙ හවස 5-6 වෙලාවට කොලඹ bus වල සෙනඟ ගැන අළුතෙන් කියන්න ඕන නෑනෙ ඉතින්…
Foot board එකේවත් ඉතින් කකුලක් තියා ඇඟිල්ලක් වත් ගහන්න ඉඩක් නෑනෙ… ( උඹ මොකටද bus වල ඇඟිලි ගහන්න ගියෙ කියල මගෙන් අහන්න එපා ඕං… )
ඉතින් මේ වගේ වෙලාවක මූත් බොරැල්ල හරියෙන් යාන්තමට කකුලක් Foot board එකේ තියාගෙන අද්දන bus එකක එල්ලුනා ‘කොන්ද’ එපා කියද්දිත්……
කොල්ලගෙ එක කකුලයි දැන් bus එකේ තියෙන්නෙ…. වම් කකුලයි, වම් අතයි, ඔලු ගෙඩියයි, මුලු සරීරයයි තියෙන්නෙ bus එකෙන් එලියේ… ( මෙක action ෆිල්ම් එකක ක්ලිප් එකක් කියල කියන්න එපා..ගිය එකෙක් දන්නවා මේ විස්තරේ )
කකුලත් ඉතින් ඇතුලට දාගෙන අල්ලන්න එකක් සෙනග අතරින් අතදාල හොයද්දි මූට අහුවුනා යකඩ පොල්ලක් වගෙ එකක් සීතලට ( ඔන්න දැන් ඉතින් කුනුහබ්බ හිතන්නෙ නැතුව දිගටම කියවපන්, හරිද ? )
මිනිහ හිතුව, හරි ! මේ අර bus එකේ දොරේ හයි කරලා තියෙන යකඩ බාර් එක තමා කියලා තද කරලා අල්ලගෙන ෆුල් සුවර් පිට එල්ලිලා යනවා… bus කාරයත් ඉතින් වෙට්ටු දදා වේගෙන් යනවා…. හෝල්ට් තුනක් හතරක් විතර යනකොට සෙනඟ පොඩ්ඩක් අඩුවුනා… මිනිහා කෝකටත් කියල සෙනඟ අතරින් ඔලුව දාලා බැලුවා…,
මෙන්න වයසක සීය කෙනෙක් අලවංගුවක් (ගල් ඉන්නක්) තියාගෙන ඉන්නව foot board එකේ උඩට නැගගන්න බැරිව… අරූ අර සීතලට අල්ලං ඉඳල තියෙන්නෙ සීයගෙ අලවංගුව.
ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩියනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ.
පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්.
ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.
යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආ මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.
තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "
හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.
දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පළමුවැන්නා - "කියපං බං"
තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"
බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි. එහි සෑහෙන පිරිසක් ද සිටියහ. බීමතින් වැනෙමින් පොල්ලේ එල්ලී සිටි අයෙක් හදිසියේම කොන්දොස්තර ඇමතුවේ මහ හඬිනි.
’කොන්දොස්තර මහත්තයෝ, මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා. මම බහින්ඩ ඕනෙ බස් එකේ ඉස්සරහින් ද එහෙම නැත්තං පස්සෙන් ද?’
’ඔහේට කැමැති පැත්තකින් බහින්ඩ පුළුවන්. දෙපැත්තම නවත්වනවා’ කොන්දොස්තර වහා පිළිතුරු දුන්නේය.
පෙරේරා තම නිවෙස විකිණීමට අදහස් කළේ වඩාත් සැපපහසු නිවෙසක් මිලදී ගන්නා ලෙස ඔහුගේ බිරිය කාලයක් තිස්සේ ඇවිටිලි කරනා බැවිනි. ඔහු එවැනි කටයුතුවලට ප්‍රසිද්ධියක් උසුලන වෙළෙඳ සමාගමකට එය භාර කළේය. පසුදින ජනපි‍්‍රය පුවත් පතෙක එම වෙළෙඳ සමාගම එම නිවෙස පිළිබඳ දැන්වීමක් පළකොට තිබුණි.
දැන්වීම කියවූ පෙරේරා කඩිනමින් වෙළෙඳ සමාගමට දුරකථන ඇමතුමක් දී තම නිවෙස විකිණීම වහාම අත්හිටුවන ලෙස දැන්වීය.
’ඇයි මොකද වුණේ’ දුරකථන ඇමතුමට සවන් දුන් සමාගමේ කළමනාකරු විමතියෙන් ඇසීය.
’තමුසෙලා මගේ ගේ ගැන ඒ දැන්වීමේ දාපු විස්තරේ කියෙව්වම තමයි මට තේරුණේ මමත් මෙච්චර කල් හොය හොයා හිටියේ ඒ විදියේ ගෙයක් විත්තිය.’ පෙරේරා කීවේය.
අලුතින් විවාපත් වූ තරුණියෝ දෙදෙනෙක් මාරකැට්ටුවේදී හමුවී ආගිය තොරතුරු කතා කරමින් සිට අවසානයේදී තම ස්වාමි පුරුෂයන්ගේ විත්ති කතා කරන්නට වූහ.
’ඔයාගෙ මහත්තයා නින්දෙන් ගොරවනවද?’ එකියක් අනිත් තැනැත්තියගෙන් ඇසුවාය.
’දන්නෙ නෑ අනේ. බැඳලා තාම සුමානයයිනෙ. අපි තාම නිදා ගත්තෙ නෑ.’ ඇය කීවාය.
රංජිත්ලා ඔවුන් එතෙක් පදිංචිව සිටි කුලී නිවෙසින් ඉවත්ව නගරයේ නව නිවෙසකට යාමට තීරණය කළෝය. දිනක් රංජිත්ලා අල්ලපු ගෙදර සුනිමල්ලා හමුවීමට ගියේ ඔවුන්ට ඒ බව දන්වා සමු ගැනීමේ අදහසිනි.
’ලබන මාසෙ අලුත් ගෙදරට ගියාම අපිට හොඳ මිනිස්සු කට්ටියක් ආශ්‍රය කරන්න ලැබේවි.’ රංජිත්ගේ බිරිඳ සුනිමල් ගේ බිරිඳට කීවේ ඔලොක්කුවට මෙනි.
’ඇයි, අපිටත් හොඳ කට්ටියක් ආශ්‍රයට ලැබෙයි.’ සුනිමල් ගේ බිරිඳ වහා පිළිතුරු දුන්නාය.
’ඇයි ඔයගොල්ලොත් මෙහෙන් යනවද?’ රංජිත්ගේ බිරිඳ විමසීය.
’නෑ අපි මෙහෙම ඉන්නවා’ සුනිමල් ගේ බිරිය පිළිතුරු දුන්නාය.
Reply With Quote
ඉරිදා පොළට ගිය පියදාස ගෙදර ආවේ එළවළු, මස්, මාළුවලට අමතරව හොඳින් ඉඳුණු ලොකු පැපොල් ගෙඩියක් ද රැගෙනය.
දිවා ආහාරයෙන් පසු ළදරු වියේ පසුවූ තම පුත් මංජුල පැපොල් තීරුවක් අනුභව කිරීම ප්‍රතික්‍ෂෙප කරනවා දුටු හෙතෙම පුතු හට මෙසේ කීවේය.
’පුතා, කෑම කාලා හැමදාම පලතුරක් කන්න ඕනෙ. විශේෂයෙන් පැපොල්. අනික ඉදුණු පැපොල් හරිම රසයි. ඒ වගේම ගුණයි. පුතා දන්නවද පලතුරු කෑවාම ඇඟපත රන්වන් පාට වෙනවයි කියල.’
’මොන බොරුද තාත්තෙ. වවුලො කන්නෙම පලතුරු නේ. ඒත් එක වවුලෙක් ඉන්නවද රත්තරන් පාට?’ පුතා පිළිතුරු දුන්නේය.
Reply With Quote
අවන්හලකට ගොඩවුණු සිරිපාල, හිස් මේසයක් නොතිබුණු නිසා එක් අයෙක් පමණක් සිටි මේසයක් ඉදිරිපිට වාඩි වුණා.
වීදුරු දෙක තුනක් හිස් වෙද්දී දෙදෙනා තම තමන්ගෙ වංහුං කථා කරලා හිතවත් වුණා විතරක් නෙමෙයි එකිනෙකා වෙනුවෙන් බීම ඇණවුම් කරන්නත් පටන් ගත්තා.
රෑ දහය පහු වුණු ගමන් එක් අයෙක් නැගිට්ටා. අනෙකා විමතියෙන් ඔහු දිහා බැලුවා. ‘ඇයි මචං නැගිට්ටේ? බාර් එක වහන්ඩ තව පැයක් තියෙනව නෙ.’ ඔහු ඇහැව්වා.
‘මම දැන් යන්ඩ ඕනෙ. මොකද දන්නව ද? ඩ්‍රින්ක් එකක් දැම්මාම මට අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩම ඕනෙ.’ අනෙකා පිළිතුරු දුන්නා.
‘ඉතින් මටත් එහෙමනෙ. අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩ නං ඩ්‍රින්ක් එකක් දාන්ඩම ඕනෙ.’ ඔහු කිව්වා.
අවුරුද්ද පුරාම, මුළු දවස තිස්සෙම කඩ බක්කි මැද්දේ ජීවිතේ ගෙවන කරෝලිස් මුදලාලි තමන්ගෙ පවුලත් එක්ක වෙසක් බලන්න යන්න එකඟ වුණේ යුතු කමට.
හැන්දෑ යාමේ ගෙදරින් පිටත් වෙලා තොරණක් දෙකක් බැලූ මේ ජෝඩුව, රෑ නවයට විතර ගෝල්ෆේස් පිට්ටනියට කිට්ටු කළා.
පිට්ටනියේ තැන තැන නවතා තිබුණු අයිස්ක්‍රීම් වෑන් දෙස බැලූ කරෝලිස් මුදලාලි, හිනාවකුත් මුවේ රඳවාගෙන හාමිනේ දිහා බැලුවා.
‘හාමිනේ අපි තව අයිස්ක්‍රීම් එකක් කමු ද?’ මුදලාලි මෙහෙම ඇහැව්වාම හාමිනේ පුදුම වෙලා මුදලාලි ගෙන් මෙහෙම ප්‍රශ්න කළා.
‘තව අයිස්ක්‍රීම් එකක්...’ අපි මීට කලින් අයිස්ක්‍රීම් කැවයැ.’ ඈ අවඥාවෙන් කට ඇද කළා.
‘ඇයි හාමිනේට මතක නැද්ද? අපි ගිය අවුරුද්දෙ වෙසක් බලන්ඩ ආ වෙලාවෙත් අයිස්ක්‍රීම් කෑවෙ.’ මුදලාලි උත්තර දුන්නා.
Reply With Quote
හිඟන්නෝ දෙන්නෙක් දවල් කෑමෙන් පස්සේ මාර ගහක සෙවණක් යටට වෙලා කථා බහක යෙදිලා හිටියා.
‘උඹ කොහොමද හිඟමනට වැටුණේ?’ එක් හිඟන්නෙක් අනිකා ගෙන් ඇහැව්වා.
‘මම මුලින් හොඳ බිස්නස් එකක් කරගෙන යස අගේට හිටියා. ඒත් මගෙ බිස්නස්වලට උදව් කරන්න ගෑනියෙක් හිටියේ නැහැ. ඒකයි වුණේ.’ යනුවෙන් පිළිතුරු දුන් ඔහු,
‘හැබෑට තමුසෙට මොකද වුණේ?’ කියලා අනෙක් හිඟන්නා ගෙන් ඇහැව්වා.
‘මමත් බිස්නස් කළේ. හැබැයි මට ගෑනියෙක් හිටියා.’ ඔහු පිළිතුරු දුන්නා.
එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්‍රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා. මොහොතකට කලින් දුමින්දට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා.
‘අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ. තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි. මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා. මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ. දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා.’
තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන දුමින්ද ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.
‘ඉතින් යන්ඩ කිව්වාම යනවා.’ ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා.
‘හරි මං යන්නං. ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද?’ දුමින්ද සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා.
එක් තරුණයෙක් සිනමා ශාලාවක බැල්කනියේ අඳුරු මුල්ලකට වී තම පෙම්වතිය තුරුලු කරගෙන පෙම්බස් දොඩන්නට විය. ඔහු තම පෙම්වතියගේ කනට කිට්ටුවී මෙසේ කීවේය.
’මං හරිම ආසයි, ඔයාගෙ හදවතට ඇතුල් වෙන්න රත්තරන්.’
’පිස්සුද අනේ, ඔයාගෙ ශරීර කූඩුව ඇතුල් කරන්න තරං ඉඩක් ඒකෙ නැහැ.’ පෙම්වතිය කීවාය.
ඔහු තම සෙලියුලර් දුරකථනයෙන් තම පෙම්වතිය හා පෙම්බස් දොඩමින් සිටියේය.
ඔහු ආවේගශීලීව මෙන් තම පෙම්වතියට මෙසේ කියන්නට විය.
’කොයිතරම් බාධා ආවත් අපේ ප්‍රේමයට අවහිර කරන්න කාටවත් බැහැ රත්තරන්. සත්සමුදුර තරණය කරලා හරි මම ඔයා ළඟට එනවා. මාර සේනාව පරාජය කරලා හරි මම ඔයාව දිනා ගන්නවා. ඔයාව හොයාගෙන ලෝකෙ එහා කෙළවරට වුණත් මම පියාඹනවා.’
ඔහුගේ කතාවෙන් උද්දාමයට පත් පෙම්වතිය තොදොල් බසින් මෙසේ ඇසුවාය.
’මගේ වස්තුව, ඔයා අද හවස මාව බලන්න එනවා නේද?’
’මට පීනස තියෙනවනෙ බබෝ. වැස්සේ නැත්තං මම එනවා හොඳේ.’
ජයසේකර, රූපසේනත් එක්ක බාර් එකකට ගොඩ වැදුණේ පඩි දවසේ හැන්දෑ යාමේ ගෙදර යන ගමන්.
කටගැස්මකුත් එක්ක අරක්කු භාගයක් ඇණවුම් කළ මේ දෙදෙනා ටිකෙන් ටික දොඩමලු වුණා. අරක්කු භාගෙ ඉවර වෙලා, දෙවැනි වර ඇණවුම් කළ අරක්කු භාගයේ පතුල පෙනෙන ගාණට එනකොට දෙන්නටම හොඳ ගණන්.
ජයසේකර රූපසේන දිහා බලලා වෙරි මරගාතෙම මෙහෙම කිව්වා.
’මචං රූපෙ, බොනකොට, මිනිහෙකුගේ පපුවේ හැංගිලා තියෙන දේවල් නිකම්ම එළියට එනවා. නැද්ද මං කියන්නේ.’
රූපසේන ඉබේ කඩා වැටෙන බෙල්ල අමාරුවෙන් උස්සලා බාගෙට පියවුණු ඇස්දෙක ලොකු කරලා මෙහෙම උත්තර දුන්නා.
’ඒ විතරක් නෙමෙයි. බීලා වැඩි වුණොත් බඩේ තියෙන ඒවත් සේරම එළියට එනවා මචෝ.’
කලානාත් පරණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු අවසන් වරට චිත්‍රපටයක් හදලා තිබුණේ් අවුරුදු විස්සකට කලින්. ඒ කාලෙ මිහිරි අතීතය තලු මර මරා සිහිපත් කරලා සන්තෝස වෙන පුරුද්දක් ඔහුගේ තිබුණා.
දැන් හරිහමන් ආදායම් මාර්ගයකුත් නැති නිසා කලානාත් ආවේ ගියේ බස් එකෙන්.
දවසක්දා බස් රථයකදී ඔහුට ටෙලි නාට්‍ය ක්ෂෙෂ්ත්‍රයට අලුතින් සම්බන්‍ධ වුණු ප්‍රේමපාල අහම්බෙන් වගෙ මුණ ගැහුණා. සමාන්තර ක්ෂේත්‍රයක කෙනෙක් නිසා ප්‍රේමපාලට කලානාත් ගෙන් ලේසියෙන් බේරිලා යන්න ලැබුණේ නැහැ.
ඔහු තමන් චිත්‍රපට ලෝකයේ සිටි යුගය පිළිබඳව කෙළවරක් නැති විස්තර කියවන්නට පටන් ගත්තා.
’දැන් වගෙ නෙමෙයි මල්ලි. අපි පික්චර් ගහපු කාලේ. ඒ කාලෙ අපි හොඳට කෑවා අයිසෙ.’
කලානාත් ගෙ කන්දොස්කිරියාව නිසා නොරිස්සුමෙන් සිටිය ප්‍රේමපාල පෙරළා මෙහෙම ඇහැව්වා.
’සිනමාවද?’
අප්‍රකට, අපූරු දිය ඇල්ලක් පිළිබඳව හදිසියේ කියවන්නට ලැබුණු කවියෙක් එය දැකීමේ ආශාවෙන් වංහුං අසමින් දිය ඇල්ල පිහිටි පෙදෙසට ළඟා විය. හේ සාහිත්‍යයට ඉමහත් ළැදියාවක් දැක්වූ අයෙකි.
පටු පාරක් ඔස්සේ දියඇල්ලේ හඬට ඉව අල්ලමින් පැමිණි හේ වංගුවකින් හැරුණු වහාම ඇසට හසුවූ සුදෝ සුදු පෙණපිඩු නංවමින් ඇද හැලෙන දිය ඇල්ල දැක වශීකෘතව හුන් තැනම නැවතී ඉතා ආශාවෙන් එදෙස බලා සිටින්නට විය.
දිය ඇල්ල පාමුල සිට තමා මෙන් ම ඒ දෙස බලා සිටින අයකු දුටු හෙතෙම සතුටින් ඔහු වෙත පිය නඟමින් මෙසේ විමසුවේ ය.
‘නිසංසලේ සුන්දරව ගලා බසිනා මේ දියඇල්ල දෙස ඇසිපිය නොහෙළා බලා සිටින ඔබ කුමන කලාකරුවෙක් ද?”
“මම කිරි වෙළෙන්දෙක්” යනුවෙන් පිළිතුරු දුන් හෙතෙම බෝතල් මල්ල ද එල්ලාගෙන නොපෙනී ගියේ ය.
පදික වේදිකාවේ ගමන් කරමින් සිටි කාන්තාවක් වෙතට යොමු වුණු පදික වෙළෙන්දෙක් තමා විකුණමින් සිටි පනා තොගයෙන් එකක් අතට ගෙන රවුමට නවා පෙන්වමින් මෙසේ කීවේය.
“නෝනා, ගන්නවා නං මෙන්න නියම පනාවක්. මේකට මිටියකින් ගැහැව්වත් කැඩෙන්නෙ නැහැ. මෝනට ඕනෙ නං පුළුවන් මේක දෙකට නමන්න. ඕනෙ නං අඹරන්නත් පුළුවන්. ගලේ ගැහුවත් කැඩෙන බඩුවක් නෙමෙයි මේක.”
කාන්තාව මදක් නැවතී, වෙළෙදාමේ නියුතු තරුණයා දෙස විමසුම් බැල්මක් හෙළා මෙසේ ඇසුවා ය.
ළමයා ඕකෙන් කොන්ඩේ පීරන්නත් පුළුවන් ද?”
එක් සවස් වරුවෙක මැදිවියේ ගැහැනියක් තමන් දන්නා හඳුනන නිවෙසකට පැමිණෙමින් සිටියා ය. නිවසේ දොරකඩ එහි නිවැසි දරුවෙක් සෙල්ලම් කරමින් සිටියේ ය. එම කාන්තාව නිවසට ළඟා වත්ම ඇය දෙස කුහුලින් බැලූ දරුවා ඇගෙන් මෙසේ විමසීය.
“ඇන්ටි, ඔයා ළඟ පුපුරණ ජාති මොනවා හරි තියෙනවද?
“නෑ. ඇයි පුතා එහෙම ඇහැව්වේ?” කාන්තාව පෙරළා ප්‍රශ්න කළේ විමතියෙනි.
“එහෙනං ඇන්ටි දුර එද්දී අම්මා කිව්වේ ‘අන්න අර බෝම්බෙ අදත් එනවා’ කියල.”
පොඩි එකා පිළිතුරු දුන්නේ ය.
සිල්ලර කඩයක මුදලාලි කවුන්ටරය ඉදිරිපිට වාඩි වී පුවත්පතක් බලමින් සිටියේ ය. මද්දහන පසු වෙමින් පැවති වේලාව වූ බැවින් දෝ පාරිභෝගිකයෝ කිසිවෙක් කඩයේ නොවූහ. කවුන්ටරය අසලට පැමිණි පාරිභෝගිකයෙක් මදක් නතරව, කඩයේ රාක්ක තුළ අසුරා ඇති වෙළෙඳ භාණ්ඩ දෙස විමසුම් දෑසින් බලා මුදලාලි ගෙන් මෙසේ ඇසීය.
“මුදලාලි බල්ලන්ට දෙන විස්කෝතු මෙහෙ තියනවද?”
මුදලාලි කියවමින් සිටි පුවත්පතින් දෑස් ඉවත් කර උත්තර දෙමින් පෙරළා මෙසේ විමසීය.
“ඔව් තියෙනවා. දැන් කන්ඩද ගෙදර ගෙනියන්ඩද?”
දිනක් කීර්ති පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් ලියාගෙන ගොස් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවී එම ලිපිය ඔහුට පිළිගැන්වීය. එම ලිපිය පෙරළා බැලූ කතුවරයා කට ඇද කර ගත්තේය.
”පත්තරවලට ලිපි ලියන කොට අනුගමනය කරන සම්මත ක්‍රමයක් තියෙනවා. එහෙම ලිපියකදී කඩදාසියේ එක පැත්තක විතරයි ලියන්නේ. ඔහේ කොළේ දෙපැත්තෙම ලියලනෙ. කරුණාකරලා මේක ආන්න එහෙම නිවැරැදි විදියට ලියාගෙන එන්නකො.’ කියූ කතුවරයා ලිපිය කීර්ති අතට දුන්නේය.
ඊළඟ සතියේ නැවත එම ලිපිය රැගෙන කීර්ති කර්තෘ තුමා ඉදිරියේ පෙනී සිටියේය.
’ඔන්න සර් කියාපු විදියටම ලිපිය, කොළේ එක පැත්තක විතරක් ලියා ගෙන ආවා.’
ලිපිය අතට ගෙන පුටුවේ හරිබරි ගැහී, එය කියවා බැලූ කතුවරයා අවඥායෙන් කට ඇද කොට මෙසේ කීවේය.
’මේක කොළේ එක පැත්තක වත් නොලිව්වා නං තමයි වැඩිය හොඳ.
හවස් යාමයේ තම පෙම්වතිය නිලන්ති සමඟ මුහුදු වෙරළට ගිය කරූ, එහි ගලක් මත වාඩිවී, තමා සමීපයේ සිටින ඇය සමඟ පෙම් බස් දොඩවන්නට වූවේය.
අල්ලාප සල්ලාපය මැද ඔහු, ඇයට මෙසේ කීවේය.
’ඔයා දන්නවද බබෝ වැඩක්. මම හැමදාම ඇඳුම් ගොඩාක් මදිනවා.’
’ඇයි අනේ ඔයා ඔය තරම් ඇඳුම් පොඩි කර ගන්නේ, හරියට පොඩි බබෙක් වගේ?’ නිලන්ති තොදොල් වෙමින් ඇසුවේ කරූට තවත් තුරුළු වෙමිනි.
’නෑ ළමයෝ, මම වැඩ කරන්නේ ලොන්ඩරියක.’ කරූ, පණුවන් කෑ දත් දෙපෙළ පෙන්වමින් සිනාසුණේය.
එක් සවස් වරුවක සිල්වා දොස්තර මහතා තම ඩිස්පෙන්සරියේ ලෙඩුන් පරීක්‍ෂා කරමින් සිටිද්දී දුරකථනය නාද වන්නට විය. දොස්තර මහතා ලෙඩකු පරීක්‍ෂා කරන අතරතුරේම රිසීවරය කනේ තබා ගත්තේය.
ඒ කථා කළේ දොස්තර සිල්වා තම පවුලේ වෛද්‍යවරයා ලෙස සැලකූ හිතවත් කාන්තාවකි.
’හලෝ, ඩොක්ටර් සිල්වා. මම මිසිස් ගජනායක. බලන්නකො ඩොක්ටර් වුණ වැඩක හැටි. අපේ පුතා, මේ දැන්, මම ලිය ලියා හිටපු පැන්සල ගිල්ලනෙ. අනේ මම දැන් කරන්නේ මොකක්ද ඩොක්ටර්?’ ගජනායක මහත්මිය ඉතා නොඉවසිල්ලෙන් කියනවා ඇසුණි.
’ඩිස්පෙන්සරියේ ලෙඩ්ඩු පිරිලා, මිසිස් ගජනායක. මෙතනින් නිදහස් වෙන්න, මට අඩුම ගණනේ පැය දෙකක් වත් යාවි. මේ ලෙඩ්ඩු ටික බලලා මම පුළුවන් තරම් ඉක්මනට ඇවිත් පුතා ගිලපු පැන්සල අරගෙන දෙන්නම්. එතකං පෑන පාවිච්චි කරන්න පුළුවන් නේද?’ සිල්වා දොස්තර මහතා පිළිතුරු දුන්නේය.
කුඩා කලම දෙමාපියන් මිය යාමේ හේතුවෙන් පියසෝම හදා වඩා ගන්නා ලද්දේ ඔහුගේ මාමා විසිනි. රැකියාව සඳහා කොළඹ තාවකාලිකව පදිංචියට ගිය පියසෝමට පියසීලි මුණ ගැසුණේ අගනුවරදීය.
දැන හැඳින ටික දිනකින් පියසීලි විවාහ කර ගන්නට කැමැත්ත පළ කළ පියසෝම ඇය සමඟ තම මාමා ගේ නිවසට ගියේ, විවාහය පිළිබඳව ඔහුට දන්වා අනුමැතිය ලබා ගන්නා අදහසිනි.
පියසීලි දුටු පියසෝම ගේ මාමා ඇස් උඩ හිඳුවා, නළල රැළි ගන්වා පියසෝම දෙස බැලුවේ බලවත් විමතියකිනි. සීමාවක් නොමැති ඇගේ විරූපී බව දැක කෝපයට පත් හෙතෙම, පියසෝම පසෙකට කැඳවා රහසින් නමුත් කෝපයෙන් මෙසේ කියන්නට විය.
’කොහෙන්ද ගොනෝ මේ දරහෑව උඹ හොයා ගත්තේ? දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගෙ එළියට පැනලා. ඇස් දෙක හොඳටෝම වපරයි. බොම්බාය දිහා බැලුවාම පේන්නෙ කල්කටාව. ඒ මදිවට බෙරි තොල යටින් රැවුල් ගස් ඇදිලා. මෙහෙම ගෑනියෙක් ගන්ඩ උඹට ඔල්මාදෙ ද හැබෑට?’
’ඔච්චර හෙමිහිට, රහසේ කථා කරන්ඩ ඕනෙ නෑ මාමේ. පියසීලිගෙ කන් ඇහෙනවත් හොරයි.’ පියසෝම බයාදු අයුරින් හිනාවී කීවේය.
‘ඩොක්ටර් මගෙ මහත්තයා හිතාගෙන ඉන්නෙ එයා රේඩියෝ එකක් කියල. උදේ ඉඳලා රෑ වෙනකම් එයා සැරින් සැරේ ප්‍රවෘත්ති කියවනවා. ශාස්ත්‍රීය ගීත කියනවා. කතා පවත්වනවා. ඉවරයක් නැහැ.’ දිනක් මනෝ චිකිත්සකයකු හමුවූ එක් කාන්තාවක් ඔහුට කීවාය.
‘හොඳයි අපි බලමු ලෙඩාව. මට හිතෙන්නෙ මෝහනය කරලා ඕක සනීප කරන්න පුළුවන් වෙයි.’
‘මට ඕනෙ ඒක සනීප කරවා ගන්න නෙමෙයි ඩොක්ටර්. ඩොක්ටර්ට බැරිද එයාට ඒත්තු ගන්වන්න එයා ‘පළවෙනි සේවය’ නෙවෙයි ‘වෙළඳ සේවය’ කියල.’ බිරිඳ මහත් උනන්දුවෙන් ඇසුවාය.
මාටින් පොලීසියට ගියේ තම අල්ලපු ගෙදර පදිංචි ජේමිස්ට විරුද්ධව පැමිණිල්ලක් කිරීමටය. ඔහුගේ පැමිණිල්ල සටහන් කර ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියා ඔහු දෙස බලා මෙසේ කීය.
‘කියනවා බලන්ඩ තමුන්ට ලියුං ලැබෙන පිළිවෙළ?’
‘තමුන්නාන්සෙලට ලැබෙන පිළිවෙළටම තමයි. පියුං මහත්තයා ගෙදරටම ගෙනත් දෙනවා.’ මාටින් බයාදු ලෙස සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය.
සිගරට්ටුවක් ගෙන දෙතොලඟ තබා ගත් කරුණාරත්න දෙස නොමනාපයෙන් බැලු නිලන්ති දෙවුර ගස්සා මෙසේ කීවා ය.
‘ඔයාට මං වෙනුවෙන් ඔය සිගරට් බීම නවත්තන්ඩ බැරි ද?’
‘ඒ වුණාට මං සිගරට් බොන්නෙ ඔයා වෙනුවෙන් නෙමෙයිනෙ.’ කරුණාරත්න පිළිතුරු දුන්නේ මෝඩ සිනාවක් මුවඟට නංවා ගනිමිනි.
ජයතිස්ස එක් නිවාඩුවකදී කොළඹින් බොහෝ ඈත පිහිටි තම පියාට අයත් ගොවිපොළට ගියේ දින කීපයක් එහි ගත කිරීමේ අපේක්ෂාවෙනි. එක් උදෑසනක ඔහු තම ගොවිපළේ සිරි නරඹමින් සිටිය දී ගොවිපළේ හරකුන් හට තණ කවමින් සිටි රූමත් තරුණියක දුටුවේය. හේ ඇය දෙස නොතිත් ආශාවෙන් බලා සිටියදී තණ කමින් සිටි වස්සෙක් අසල සිටි වැස්සියක් ළඟට පැන මුහුණට මුහුණ තබා අතුල්ලමින් ලෙව කන්නට විය.
තරුණිය වෙත ළංවන්නට මෙය මාතෘකාවක් කර ගන්නට සිතු ජයතිස්ස තරුණිය දෙස බලා කෑදර සිනාවක් පාමින් මෙසේ කීය.
‘මටත් හිතෙනවා අර වගෙ කරන්න.’
‘ඉතින් අපට මොකෝ, මහත්තයලගෙ වැස්සිනෙ.’ තරුණිය වහා පිළිතුරු දුන්නාය.
මේක සමහර විට කට්ටිය අහපු කතාවක් වෙන්න ඇති …… අහල නැති කස්ටිය වෙනුවෙන් ලියන්නම්….
ඔන්න අපේ ලංකාවේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් සුද්දෝ ටිකක් එක්ක යනවලු රට වටේ ඇවිදින්න…
කට්ටියට දවල්ට කෑම කන්න සෙට් උනේ ටිකක් අප්සෙට් තැනකින්ලු….ඔන්න ඉතින් කෑම කාල ටිකක් වෙලා යනකොට කට්ටියගේ බඩවල් ෆුල් අප්සෙට් වෙලා…..
අහල පහල … වැසිකිලියකුත් හොයාගන්න නැ…. මොනවා කරන්නද ඉතින්….වන දෙවියන්ගේ පිහිට තමා ……
ඔන්න් ඉතින් ලංකාවේ පොර ….සුද්දෝ ටිකත් එක්ක ළඟ තිබ්බ පඳුරක් අස්සට ගිහින් වැඩේ කරනවා….
කට්ටිය වැඩේ මගක් කරනකොට ඔතනින් යන්න ගියපි කෙල්ලෝ ටිකක්… කස්ටියට ෆුල් ම අප්සෙට්….. සුද්දෝ ටික පැනපුගමන් ලැජ්ජාවට ” අහවල්එක” එක අත්දෙකෙන් වහෙගෙන දුවන්න ගත්තලු… ලංකාවේ පොර ඉතින් මූණ අත් දෙකෙන් වහගෙන දැන් දුවනවා… ටික දුරක් ගිහින් සුද්දෝ ටික අපේ පොරගෙන් අහනවා ……….
” මොකද මනුස්සයෝ ඔය…තමුසෙට ලජ්ජා නැද්ද…”අහවල්එක” එක එළියේ දාගෙන වන වන දුවන්නේ..අත් දෙකෙන් මූණ වහගෙන හරියනවය. ..අහවල්එක එපාය වහගන්න කියල….”
එතකොට අපේ එකා කියපි …
” උඹලගේ රටේ නං කොහොමද දන්නේ නැ …… අපේ රටේ මිනිස්සු අඳුරගන්නේ මූනෙන්කියල …….”
”ඇත්තද අර හන්දියෙ ගෙදර ගුණපාල හිරගෙදර ඉඳලා එනවා කියන්නෙ.” මැටිල්ඩා තම සැමියා විමලසේනගෙන් ඇසුවේ රෑ කෑම කමින් සිටියදීය.
”වෙන්ඩ ඇති. ඒ යකාට වැඩි කාලයක් කිසිම තැනක ඉන්ඩ බැහැ.” විමලසේන පිළිතුරු දුන්නේය.
එය අලුත්ම සිංහල චිත්‍රපටයේ ප්‍රථම දර්ශනයයි. මුළු ශාලාවම සිනමා ලෝලීන්ගෙන් පිරී පැවතුණි.
එම චිත්‍රපටයේ එක් උද්වේගතර අවස්ථාවක බහින්බස් වීමක් ඇති වී සැමියා තම බිරිඳට වැරෙන් කම්මුල් පහරක් ගසයි. වේදනාවෙන් කම්මුල අල්ලා ගනිමින් ඕ එතැනම වූ සෝපාවක වැතිරී හඬන්නට වූවාය.
මේ අතර මීයට පිම්බාක් වැනි නිහඬතාවයක් පැවති ප්‍රේක්‍ෂකාගාරයෙන් කුඩා ළමයකුගේ උස් හ¼ඩින් ඇසිණ.
”ඇයි අම්මේ, ඒ ඇන්ටි අම්මි වගෙ ආපහු හැරිලා ගහන්නෙ නැත්තෙ?’
Reply With Quote
”ඇයි උඹ කණ්ණාඩි කුට්ටම් තුනක් පාවිච්චි කරන්නෙ?’ පාලිත මනෝගෙන් ඇසුවේ ඔහු තම මේසය ත කණ්ණාඩි කුට්ටම් 3 ක් තබා තිබෙනු දැක විමතියෙනි.
”ඇයි ඒක උඹට පුදුමයක් ද?” මනෝ පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. “එකක් ළඟ බලන්න. අනික දුර බලන්න. තුන්වැනි කණ්ණාඩි කුට්ටම, අනිත් කණ්ණාඩි කුට්ටම් දෙක තිබ්බේ කොහෙද කියල හොයා ගන්න.” මනෝ කීය.
ඩග්ලස් සහ පියතිස්ස අමාත්‍යාංශය වෙත යමින් සිටියේ රාජකාරී කටයුත්තකටය.
”ඉතින් පියතිස්ස මහත්තයා කොහොමද ජීවිතේ කාරිය?” ඩග්ලස් ඇසීය.
”වරදක් නැහැ මිස්ටර් ඩග්ලස්. නෝනයි මායි සතුටෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඔය ඉඳලා හිටලා තරහක් ගියාම නෝනා අතට අහුවෙන මැටි කෝප්පෙකින්, වලදකින් දමලා ගහනවා.
ඒ වුණාට අපි සතුටෙන් තමයි ජීවත් වෙන්නේ.” පියතිස්ස කීවේය.
”දෙයියෝ සාක්කි! හැලිවලංවලින් ගහගෙනත් කොහොමද සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නෙ?” ඩග්ලස් ඇසුවේ ඔළුවේ අතගසා ගනිමිනි.
”මේකනෙ කාරණේ. එහෙම ගහන පාරක් මට වැදුණොත් නෝනා සතුටු වෙනවා. ඒ පාර මට වැදුණේ නැත්තං මම සතුටු වෙනවා.”
පියතිස්ස කීවේ සිනාසෙමිනි.
රන් කුසලානයක් අතැතිව, හති දමමින් දුව ආ සුගත් වහා ගෙට රිංගා කඩිමුඩියේ ම දොර වසා එහි අගුලු දැමීය. ඒ සද්ද යට ඉස්තෝප්පුවට ආ ඔහුගේ බිරිඳ ඩල්සි, විශ්මයෙන් මුව අයා මෙසේ කීවාය.
”හරි ෂෝක් අනේ... කොහෙන්ද ඔයාට මේ කප් එක හම්බවුණේ?”
”මම රේස් එකෙන් පළවැනියට ආවා.” පුටුවක් මත වැතිරී සිටි සුගත් කීවේ හතිදමමිනි.
”මරු... ඉතින් කවුද අනේ දෙවැනියට, තුන්වැනියට ආවේ?” ඩල්සි නැවතත් ඇසුවාය.
”පොලිස්කාරයා දෙවැනියා. කප් එක අයිතිකාරයා තුන්වැනියා.” සුගත් පිළිතුරු දුන්නේ දොර දෙස බලමිනි.
‘ඇයි තමුසෙ කසාඳ නොබඳින්නේ?’ සිල්වා බාර් එකේ දී තම මිතුරු පෙරේරා ගෙන් විමසීය.
‘මං ගෑනුන්ට හරි බයයි.’ පෙරේරා වටපිට බලා හෙමින් පිළිතුරු දුන්නේය.
‘බය නැතුව බඳිනවා අයිසෙ. බැන්දහම තමුසෙට බය හිතෙන්නෙ එක ගෑනියෙක් ගැන විතරයි.’ සිල්වා කීවේ වීදුරුව හිස් කරමිනි.
එක් වෛද්‍ය විශේෂඥයකු ගේ නිවෙසේ දුරකථනය නොනැවතී නාද වන්නට විය. දොස්තර මහතා වහා ගොස් රිසීවරය ඔසවා කනේ තබා ගත්තේ ය.
‘ඔයා දැන්ම එනවද නැද්ද? නැත්තං මං මැරෙනවා.’ අනෙක් පැත්තෙන් කියනවා ඇසුණි.
‘ආවෙ නැත්තං මැරෙනවා...? තමුසෙ කවුද? මොකද්ද තියෙන අමාරුව? දොස්තර මහතා ප්‍රශ්න වැලක්ම නැඟුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ බැවිනි.
එවිටම කඩිමුඩියේ එතැනට ආ වෛද්‍යවරයාගේ තරුණ දියණිය මෙසේ කීවාය.
‘ඕක මට දෙන්න තාත්තෙ. ඒ මට අහුවෙලා ඉන්න ලෙඩෙක්.’
‘අනේ ඇත්තට අරුණ වගෙ මෝඩයෙක් මගෙ ජීවිතේටම දැකලා නැහැ.’ නිශාන්ති කීවේ තම කාර්යාලයීය මිතුරියක වූ වසන්තා සමඟය.
‘ඒ මොකෝ නිශාන්ති?’ වසන්තා ඇසුවේ සිනාසෙමිනි.
‘මම මිනිහගෙන් ඇහැව්වා, මගෙ ඉනයි එයාගෙ අතේ දිගයි දෙකම එකද කියල. ඒ ගොන් වහන්සෙ දුවලා ගියානෙ ලණු කෑල්ලක් ගේන්න.’ නිශාන්ති කීවේ තරහිනි.
විවාහ වී වසර දහයක් පිරීම නිමිත්තෙන් නිහාල් තම බිරිඳ වූ අනෝමා සමඟ චිත්‍රපටයක් බැලීමට ගියේය. එය අතිශය කාමභෝගී ජවනිකාවන් ගෙන් පිරුණු චිත්‍රපටයකි.
චිත්‍රපටය නරඹා විත් කාරයට ගොඩ වූ සැණෙන් නිහාල් ගේ මුහුණට එබුණු අනෝමා ආයාචනාත්මකව මෙසේ ඇසුවාය.
‘ඇයි අනේ ඔයා මට ඒ විදියට පේ‍්‍රම කරන්නෙ නැත්තෙ?’
‘ඔයාට පිස්සු ද? ඔය විදියට කරනවට ඒ ගොල්ලන්ට කොච්චර ගෙවනවද කියල ඔයා දන්නව ද?’ නිහාල් වහා කීය.
සූරියා තම කාර්යාලය කිට්ටුව පිහිටි බැංකුවකට ගොඩවුණේ චෙක්පතක් මාරු කරගන්නා අදහසිනි. චෙක්පත පිරික්සා බැලු කවුන්ටරයේ සිටි නිලධාරියා සූරියා දෙස බලා ‘මිස් ඔයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න.’ යනුවෙන් කීවේ හැඳුනුම්පත පරීක්ෂා කරන අදහසිනි.
‘අනේ මම අයිඩෙන්ටිය නං දාලා ආවෙ.’ සූරියා කීවේ ලැජ්ජාශීලී සිනාවක් මුවට නංවා ගනිමිනි.
‘හොඳයි එහෙනං, මිස්ව හඳුනාගන්න මොකවත් මිස් ළඟ තියෙනවද?’ නිලධාරියා කාරුණිකව ඇසීය.
මඳක් කල්පනා කළ සූරියා ලැජ්ජාවෙන් සිනාසී මෙසේ කීවාය.
‘මගෙ දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා.’
ඔන්න එකමත් එක කැලක සිංහයකුගේ මගුලක්
ඉතින් වටපිටාවේ කැලාවල සිංහයෝ ඔක්කොමවාගේ මේ මගුලට ඇවිත් හිටියා.
ඉතින් මේ මගුලේ වැඩකටයුතු හොඳින් කෙරිලා යුවල පිටත්වෙන්න හදන කොට සෙනග අතරින් කෑගහන සද්දක් ඇහුණා
" ජය වෙවේවා මල්ලිට ජයවේව ඔහොම යං ඔහොම යං "
කට්ටියම වටපිට බැලුවා ...........
පුංචි මීයෙක් හොඳට ඇදපෙලදගෙන, සොට් එක්ක දාගෙ කැගහනවා
''මේ කැහැටු මීයෙක් මොකද... මේ සිංහ ගුහාවේ මගුලට අවේ..........''
සිංහයෝ තරහෙන් කෑගහල..... මීයව අල්ලාගෙන
'' තෝ මොකටද බෝල මේ සිංහයෝ ගොඩේ කැගහන්නේ තොට කව්ද එන්න කිවේ ''
හරි හරි මල්ලි මාත් බඳින්ද කලින් සිංහයෙක් තමයි......................... මිය සිනාසෙමින් කිවේය .
ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.
“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”
ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.
“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.
දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.
ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.
”අයිය මම බඩුවක් අහන්නද?”
“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.
“අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා
“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.
එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා
මිස්ටර් වික්‍රමාරච්චි, හදිස්සියෙම පුතාගෙ විවාහ උත්සවය අවලංගු කරන්න තීරණය කළේ මොකද? කුරුප්පු මහත්මිය ඇසුවේ වික්‍රමාරච්චි මහතාගේ මේසය ඉදිරිපිට අසුනට බර දෙමිනි.
”වෙන මොනවා කරන්නද මිසිස් කුරුප්පු මගෙ ලේලි වෙන්න හිටිය ඒ ගෑනු ළමයා ගිය සුමානෙ කරාටේ තරගෙකින් දිනුවනෙ.” වික්‍රමාරච්චි පිළිතුරු දුන්නේ කනස්සල්ලෙනි.
”මොකද අම්මේ තාත්තගෙ ඔළුවේ කෙස් නැත්තෙ?” කුඩා මංජුල තම මවගෙන් ඇසුවේ කුතුහලයෙනි.
”ඒ, තාත්තා හුඟාක් හිතලා මතලා වැඩකරන, බොහොම බුද්ධිමත් කෙනෙක් හින්දනෙ පුතේ.” මව පිළිතුරු දුන්නාය.
”එහෙනං අම්මගෙ ඔළුවෙ හුඟාක් කෙස් තියෙන්නෙ.” මංජුල මවගේ හිස වෙතට ඇඟිල්ලක් දිගු කරමින් ඇසුවේය.
”මේ උඹ මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහින් පොතක් පතක් බලාගනිං.” මව කෝපයෙන් මංජුලට කඩා පැන්නාය.
මහත්තයා දන්නවද?
දුම්පානය කරන්නන් දකින විට කෝපයට පත්වන, එමෙන්ම ඊට වහා ප්‍රතිචාර දක්වන එක් කාන්තාවක් දිනක් පාරේ ගමන් කරමින් සිටියාය. බස් නැවතුම් පළක කණුවකට හේත්තු වී බොහෝ සැහැල්ලු ආකාරයෙන් දුම්වැටියක් උරන තරුණයකු දැක කෝපයට පත් ඇය ඔහු අසලට ගොස් ආවේගශීලීව මෙසේ ඇසුවාය.
”තමුසෙගෙ අම්මා දන්නවද තමුසෙ ඔය විදියට සිගරට් බොනවයි කියල?”
”ඔය නෝනගෙ මහත්තයා දන්නවද ඔහේ මහ පාරෙදි හම්බුවෙන නන්නාදුනන ඉලන්දාරිත් එක්ක පැටලෙන්න යනවයි කියල.” තරුණයා පෙරළා ඇසුවේය.
ප්‍රේමදාස රෙදි සාප්පුවකට ගොඩ වැදුණේ කලිසමක් මිලදී ගන්නා අදහසිනි. කලිසම් තොගයක්ම පෙරළා බලා තමාට ගැළපෙන කලිසමක් තෝරා ගෙන හැරී බලද්දී එහා පැත්තේ තිබුණු කමිස තොගයක් දැක කලිසම ආපසු දමා, ඉන් කමිසයක් තෝරා ගෙන සාප්පුවෙන් එළියට පැමිණියේය.
ඔහු පසුපස හඹා ආ ආරක්‍ෂක නිලධාරියෙක්, “මහත්තයා පොඩ්ඩක් ඉන්න. ඔහේ මේ කමිසෙට ගෙව්වෙ නැහැ නේද?” යයි ඇසුවේය.
”ඇයි මං කමිසෙට හරියන්න කලිසමක් දාලා ආවනෙ.” ප්‍රේමදාස කීය.
”ඒ වුණාට මහත්තයා ඒ කලිසමට ගෙව්වෙත් නැහැනෙ.”
ආරක්‍ෂක නිලධාරියා තවත් පැනයක් නැගීය.
”මට ඕනෙ නැති කලිසමකට මං ගෙවන්නෙ මොකටද හලෝ.”
යනුවෙන් කී ප්‍රේමදාස යන්නට හැරුණේය.
”ඔයා දන්නවද වැඩක්. මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,
’නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා’ කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ. මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා.” නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.
”ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?”
ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.
”වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?”
ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.
එක ගමක හිටියා ටිකක් මෝඩ පහේ වගේ මනුස්සයෙක්,නම සිරිපාල,මිනිහට ගමේ කොල්ලො ඉදල හිටල ලනු එහෙමත් දෙනවා. ඒ වෙලාවට මිනිහට හරියට තරහ එහෙමත් යනවා. ඉතිං ඔය ගමේ තියෙනවා කෝපි කඩයක්.ඔතනට වෙලා තමා සිරිපාල දවසෙ වැඩි හරියක් ගෙවන්නේ.
ඔන්න එදත් සිරිපාල කෝපි කඩේට වෙල විටක් එහෙම හපමින් හිටියා.එතකොටම ටවුම පැත්තෙ ඉදලා ආපු පොලිස් ජීප් එකක් කෝපි කඩේ ඉස්සරහ නැවැත්තුවා.ඒකෙන් හැඩිදැඩි පොලිස් මහත්තුරු හතර දෙනෙක් බැස්සා.
බැහැලා කඩේ මුදලාලිගෙන් මෙහෙම ඈහුවා බොහොම සැර පරුශව.
"කවුද කලු අජිත් කියන්නේ?"
සිරිපාල කල්පනා කරා,ගමේ උන් මට ලනු දෙන එකේ මමත් දෙන්න ඕන ලනුවක් කියල,මුදලාලි උත්තර දෙන්නත් කලින් පැනලා
"මම තමයි කලු අජිත්" කියලා කිව්වා.
සිරිපාලට එහෙම කියලා ඉවර කරන්න හම්බ උනේ නැහැ පොලිස් මහත්තුරු හතර දෙනාම පැනලා සිරිපාලට හොදටම ගහන්න ගත්තා.
කොච්චර දරුනු විදියට ගහලද කියනවනම් සිරිපාලගෙ නාහෙන් කටෙන් ලේ දාගෙන ඇදලා හිටපු ශර්ට් එකත් ඉරිලා.කොහොම හරි සිරිපාල දගලලා දගලලා මේ පොලිස් මහත්තුරුන්ගෙන් බේරිලා පාර දිගේ දුවන්න පටන් ගත්තා.
දුවන ගමන් සිරිපාල හැරිලා තමන්ගෙ පස්සේ එලවන පොලිස් මහතුරුන්ට මෙහෙම කියනවලු .
"හූ හූ... රැවටුනා නේ.. මම කලු අජිත් නෙමෙයි මම සිරිපාල.. හූ හූ.."
සුපිරි වෙලඳ සැලක ගමන්කරමින් සිටි රූමත් කාන්තාවකට මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවයක් ඇතිවිය.වැසිකිලිය තිබෙන තැන නොදත් ඇය සුපිරි වෙලඳ සැලේ පිරිමි සේවකයෙකුගෙන් මෙසේ ඇසීය.
අනේ මට චූ කරන තැන පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?
එවිට එම පුද්ගලයා " ඉකේ.. මොනවද මේ අහන්නේ..මට
ලැජ්ජයි...ඉස්සරල ඔයා පෙන්නන්න.ඊට පස්සෙ මම පෙන්නන්නම්.
ගොලුබෙල්ලෝ තුන්දෙනෙක් එකෙකුගේ ගෙදරකට සෙට්වී රා බිව්වේය.අල්ලාප සල්ලාපයේ යෙදීසිටි ඔවුන් රා කලය හිස් වී ඇති බව දැක එක ගොලුබෙල්ලෙකුට තැබෑරුමට ගොස් තව රා කලයක් ගෙනෙන ලෙස පවසා පිටත්කර හැරියහ.නව රා කලය ගෙනෙන තුරු දවස් දෙකක් තිස්සේ බලා සිට හෙම්බත් වූ එක් ගොලුබෙල්ලෙක් මෙසේ කීවේය.
"හපොයි එකනම් හරිම හිමින් යන ගොලුබෙල්ලෙක් තමයි"
එවිට ගෙදර පඩිය ලඟ සිට ගොලුබෙල්ලෙක් කතාකරන හඬ ඇසිනි.
"මම නැතිතන මාව විවෙචනය කරනවට මම කැමති නෑ. එහෙම කරනවනම් මම තැබෑරුමට යන එක නවත්වල ආපහු එනව"